Road.lk – ලංකාවට අලුත්ම සේවාවක් හඳුන්වල දුන් වෙබ#
වෙලාවට ගමනක් යන්න ගිහින් අතර මග ට්‍රැෆික් නිසා ගිය වැඩෙත් කරගන්න බැරුව පාඩු උනු දවස් අපිට ඕන තරම් තියෙනවා. ඒත් යන්න කලින් පාරවල් වල තදබදය හරියටම දැනගෙන කලින් යන්න පුලුවන්නම් එහි තියෙන වාසිය අපි අමුතුවෙන් කිවයුතු නෑ. ඉතින් මේ වගේ සේවයක් වාගේම තවත් නවතම සේවාවක් ලබා දෙන වෙබ් අඩවියක් ගැනයි අපි මේ කියන්නෙ. වෙබ් සයිට් එකේ නම www.road.lk
මාර්ග තොරතුරු සේවය (Traffic Alert Service)
road.lk
වෙබ් අඩවියේ එක් පසෙක ගූගල් සිතියම දකින්න ලැබෙන අතර එහි දැනට මාර්ග තදබදය ඇති ස්ථාන රතු පැහැති සලකුනු වලින් දක්වා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නෙ මෙය එම මොහොතේ එහි සිටින පුද්ගලයන් විසින් ලබාදෙන දත්තයන් (real time data) අනුව ක්‍රියාත්මක වන එනම් Crowdsourced වෙබ් අඩවියක් වීමයි. ඒ අනුව තොරතුරු ඉතා ඉක්මනින් ලැබීමත් ස්ථානය වඩාත් නිවැරදි වීමත් සිදුවේ.
වෙබ් අඩවියේ අනික් පස තිබෙන්නේ twitter සමාජ ජාලයේ තොරතුරු ගලා යන කොටසයි. ඇත්තෙන්ම මෙම සේවය ක්‍රියාත්මක වන්නේ මෙම සමාජ ජාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ස්වේච්චාවෙන් ලබා දෙන තොරතුරු මතයි. ඔවුන් මාර්ග තදබදයන් පිලිබඳ තොරතුරු tweet එකක් ලෙස මෙම අඩවියේ නිල twitter handle එක වන @road_lk වෙත ලබා දෙන අතර ඒ තොරතුරු ඔස්සේ මාර්ග තදබද සිතියම යාවත්කාලීන වීම සිදු වෙනු ලැබේ. මේ වන විට “tweeps” එනම් twitter ජාලය භාවිතා කරන ශ්‍රී ලාංකිකයන් 11,000 ට වැඩි පිරිසක් @road_lk සමග එකතු වී ඔබ වෙත මේ තොරතුරු ලබා දීමට කටයුතු කරනවා.
Car Pool Service
මෙම වෙබ් අඩවියේ අනිත් කොටස තමයි Car Pool නමින් හඳුන්වන්නේ. එයත් ලංකාවේ එක් ආකාරයක නව හඳුන්වාදීමක්. මෙහිදි තමාගේම මෝටර් රථයක් නැති කෙනෙකුට හෝ හැමවිටම මෝටර් රථයේ ගමන් නොකරන කෙනෙකුට, තමා යන ගමන් මගේ යන මෝටර් රථයක් හඳුනාගෙන ඔවුන් හා එක් වීමට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙහිදී මෝටර් රථයක් හෝ වෙනත් වාහනයක් හිමි අයට තම්න්ගේ ගමන් මාර්ගය ඇතුල් කිරීමටත්, වාහනයක් බලා පොරොත්තු වෙන අයෙකුට තමන්ගේ ගමන් මාරගය ඇතුල් කිරීමටත් ඉඩ සලසා දී තිබෙනවා. තමාගේ මාර්ගයට ගැලපෙන කෙනෙකුන් සිටීනම් ආරාධනාවක් කිරීමට දෙපාර්ශවයටම අවස්ථාව සලසා දී තිබෙන අතර එක පිලිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
මෙහිදී මගීයා විසින් කුඩා මුදලක් තමන් ගමන් කරන දුර ප්‍රමාණය අනුව වාහනයේ හිමි කරුට ගෙවිය යුතු වන අතර එම මුදලද වෙබ් අඩවිය විසින් කලමනාකරණය සිදු කරනු ලබනවා. මෙමගින් රථයේ හිමිකරුට තමන්ගේ වියදමින් කොටසක් පියවා ගැනීමට සහ මගීන්ට ආරක්ෂිතව යාමට උදව් වන අතරම රටේ මාර්ග තදබදයට යම් පිටිවහලක් වීමටත් හැකියාව ලැබෙනවා. ඔයාලත් මේ සේවාවට කැමතිනම් අදම www.road.lk වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා.
Source - http://www.autoguide.lk/road-lk/