චයිනීස් එකක් ගන්න ගෙදර පාවිච්චියට අවුලක් නැහැ
පුලුවන් නම් DongCheng එකක් ගන්න පොඩ්ඩක් ගාන වැඩි වෙයි, MEN එකත් අවුලක් නැහැ හැබැයි DongCheng එක MEN එකට වඩා හොඳයි පාට්ස් තියනවා
බලන්න සමහර ඒව ඇතුලෙ ඔයිල් දාන්න ඕන, සමහර ඒවට නැහැ, ඔයිල් දාන ඒවයෙ කල් පැවැත්ම වැඩියි, හැබැයි පොඩ්ඩක් මේන්ටේන් කරන්න වෙනවා සීල් එහෙම ගියොත් දාන්න වෙනවා නැත්නම් ලීක් වෙන්න ගන්නවා
තව ප්‍රධාන වශයෙන් බලන්න තියෙන්නෙ 3Mode ද 2Mode ද කියලා
රොටරි හැමර් එකක Mode 3ක් එනවා, සමහර ඒවයෙ මේ තුනෙන් දෙකයි එන්නෙ
1 - Rotary Hammer
2 - Hammer Only
3 - Drill Only
ඔය තුනෙන් සමහර ඒවයෙ 1/2 තියනවා සමහර ඒවයෙ 1/3 තියනවා. රොටරි හැමර් එකකින් ලී එහෙම විදින්න අමාරුයි ටූල් එක ලොකු නිසා, ඒක තුනම තියන එකක් හරි 1/2 තියන එකක් හරි ගන්න. මොකද පස්සෙ වෙලාවක ඩ්‍රිල් එකක් විතරක් අරගත්තම 3 වැඩ ටික කරගන්න පුලුවන් හැබැයි 1/2 දේවල් වලට රොටරි හැමර් එකක්ම ඕන නිසා ඒ දෙක තියන එකක් ගන්න. අඩු ගනන් වලට තියන ඒවයෙ ගොඩක්ම වෙලාවට Mode 2යි තියෙන්නෙ, Hammer Only Mode එක යූස් ෆුල් වෙනවා බිත්තියක් කඩා ගන්න එහෙම ඕන උනොත්, ටයිල් ටිකක් ගලව ගන්න ඕන උනොත් එහෙම.
මේවයෙ චක් ටයිප් දෙකකින් එනවා, SDS එනවා, HEX Shank එනවා. HEX එක එන්නනෙ ගොඩක්ම ලොකු ඒවට, ඒව ගෙදර පාවිච්චියට ලොකු වැඩියි තේරුමක් නැහැ, ඒක නිසා ඔය ගානට ගන්න ඒවට SDS චක් එකක් තමයි එන්නෙ, ඒක නිසා ඒක ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. SDS චක් එකක් තියන එකක් ගන්න
ටූල් එක චයිනීස් උනාට පුලුවන් නම් කටු හොඳ ඒව ගන්න, මොකද චයිනීස් කටුවකට වඩා Makita/Bosch වගේ කටුවකින් 20 ගුනයක් විතර වැඩ ගන්න පුලුවන්, ගාන වැඩි උනත් ඒව යූස් කන්න පුලුවන් කාලෙත් එක්ක බැලුවම ඒව ගොඩක් ලාබයි
තව ටූල් එකේ ශේප් එක ගත්තම දිගට තියන ඒවට වඩා මෝටරේ පහලට තියන ටයිප් එකේ ඒව යූස් කරද්දි බැලන්ස් ගතිය වැඩියි වගේ කියලා මට තේරිලා තියනවා, ඒක ඉතින් ගනිද්දි පොඩ්ඩක් උඹගෙ අතට එහෙම සෙට් වෙන විදියට බලලා ගන්න, මට වමතයි දකුනයි දෙකම හුරුයි ඒක නිසා ටූල් අත් දෙකෙන්ම යූස් කරනවා, ඕක නිසා මට බැලන්ස් කියලා තේරෙන ඒව ගොඩක් උන්ට බැලන්ස් නෑ කියලා කියනවා.
මගේ ලඟත් රොටරි හැමර් එකක් නැහැ, හැමර් ඩ්‍රිල් එකෙන් බිත්ති විදින එක නම් කර ගන්නවා, මම ගන්න ඉන්නෙ DongCheng DZC03-26B, මේක 12ක් 13ක් වගේ වෙන්නෙ
මේකෙ අර Mode 3න් 1/2 විතරයි තියෙන්නෙ ගිහින් බලන්න බැරි උනා තාම, විස්තර ඔන්ලයින් බැලුවෙ
මේව සංකීර්න උපකරන නෙමයි ඒක නිසා චයිනීස් එකක් ගත්තා කියලා මහ ලොකු අවුලක් නැහැ. මිකැනිකල් කෑලි වල නම් ගොඩක් වෙලාවට අවුල් යන්නෙ බෙයාරින් වගේ ඒව, ඒව ගන්න තියනවා. ලොකුම අවුල තියෙන්නෙ මෝටරේ ගියොත් පාට්ස් ගන්න තියනවද කියලා, ඒක නිසා මෝටරේ පාට්ස් ගන්න තියන බ්‍රෑන්ඩ් එකකින් ගන්න එක වටිනවා DongCheng වලට ජෙනුයින් පාට්ස් ගන්න තියනවා, MEN වලටත් ජෙනුයින් නැතත් ජෙනරික් පාට්ස් නම් තියනවද කොහෙද.