Router Bandwidth Control - Custom Firmware DD WRT

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,654
    6,244
    113
    ගග අද්දර
    ගොඩක් අය අහල තිබ්බ රවුටරේ bandwidth එක control කරගන්න ක්‍රමයක්. විසදුම් විදියට ලැබිල තිබුනේ
    • රවුටරේ ලිමිට් කරන්න පුළුවන් එකකට මාරු කරන්න
    • SLT එකට කියල bandwidth එක ලිමිට් කරගන්න
    • නෙට් ලිමිටර් වගේ සොෆ්ට් එකක් දාගන්න

    එත් ඔතනින් රවුටරේ මරු කරන එක කරන්න වියදම් වෙනවා. SLT එකට කිව්වොත් ආයිත් අපිට ඕනි වෙලාවට වැඩි කරගන්නත් කියන්න වෙනවා. එකත් ඉතින් උන් එවෙලේම කරල දෙන් නෑ,
    Netlimiter දැම්මොත් අදාල PC එකේ විතරයි ලිමිට් වෙන්නේ. අනිත් device වලටත් වෙන වෙනම දාන්න ඕනි.

    මේ ගැන නෙට් එකේ සර්ච් කරද්දී විසදුමක් විදියට හම්බ උනේ custom firmware එකක් රවුටරේට දාන එක. එත් මගේ රවුටර් දෙකේම කරන්න බෑ මේක. මොකද මගේ රවුටර් වල flash chip එක 2mb විතරක් නිසා ඒවා දාන්න බෑ.

    ඉතින් මන් හිතුව මේක කරන්න පුළුවන් අයට මේක ට්‍රයි කරලා බලන්න කියන්න. බලල රිසල්ට් එක අපිට කියන්න කියන්න. කාට හරිම වදගත් වෙයි කියල හිතනවා මේක.

    තව එකක් මේ අය මේක කරල බලන්න යන්න එපා...


    • Peo Tv තියන අය
    • රවුටරේ අවුලක් උනොත් ගොඩ දාගන්න බැරි අය
    • රවුටරේ වගකීම වැදගත් අය. මොකද මේක කලාම වගකීම අහෝසි වෙනවා.

    මේ සයිට් එකෙන් custom firmware ගන්න

    DD WRT http://www.dd-wrt.com/

    මතක ඇතුව ඔයාලගේ රවුටරේට මේක ගැලපෙනවාද කියල බලල ගන්න

    මේ තියෙන්නේ ඕකෙන් bandwidth limit කරල පෙන්නන වීඩියෝ එකක්.




    මේක කරන්න ගිහින් රවුටරේට කෙල උනොත් මට වගකීමක් ගන්න බෑ. ඒ වගේම මට මේක කරලා බලන්න බෑ. මගේ රවුටර් වල ෆ්ලෑෂ් චිප් සහ රැම් මදි නිසා.

    තව custom firmware ඕනි තරම් තියනව. ඒවත් ට්‍රයි කරල බලන්න පුළුවන් අය. ට්‍රයි කරල බැලුවොත් අන්තිම රිසල්ට් එක අනිත් අයට බලාගන්න පොස්ට් කරන්නත් අමතක කරන්න එපා.
     
    • Like
    Reactions: kevin37

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    peo නිසා බෑ :no: :no: :no:
    කලින් රෞටරේ නම් සෙටින්ග්ස් බැකප් කරගන්න පුළුවන් කම තිබ්බ..
    මේකෙ ඒකත් නෑ :no::no:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,244
    113
    ගග අද්දර
    report කළා මචන්
    peo නිසා බෑ :no: :no: :no:
    කලින් රෞටරේ නම් සෙටින්ග්ස් බැකප් කරගන්න පුළුවන් කම තිබ්බ..
    මේකෙ ඒකත් නෑ :no::no:

    settings බැකප් කරල මදි වෙයි කොහොමත්. ඔරිජිනල් firmware එකත් හොයාගන්න ඕනි.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,244
    113
    ගග අද්දර
    koheda mehe wikunanna tiyena godak routers oya list eke ne ban.math try kara.

    ඔව් බන් අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්. මගේ එකෙත් බෑ. බැරි වෙලා හරි පුළුවන් එකෙක් ඉදියොත් කියල දැම්මේ. බලපන් තව තියනව openwrt වගේ ඒවා. http://www.makeuseof.com/tag/top-6-alternative-firmwares-router/