Rs 4500 Ram ekak 8Gb DDR2/3 ලාබයි.........

ktM1989

Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    ඉතින් බන් අපිට ඔකට Hard Disk එකේ Free Space එක පවිච්චි කරන්ඩ පුලුවන්නේ. මොකටද ඔකට pen drive ?
    දැනගන්ඩ අහුවේ, මම කියපු විදිහට කලත් ඔය දේම නෙද වෙන්නේ?
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    අවෂ්‍යතා...
    1) 512MB හෝ ඊට වැඩි අගයක Flash Drive එකක්..
    2) එමෙන්ම මේ සඳහා ඔබ භාවිතා කරන Flash Drive එක ReadBoost තාක්ෂණයට අවෂ්‍යය අවම Data Transfer rate එකේ හෝ එයට වැඩි අගයක තිබිය යුතුය.
    3) වින්ඩෝස් XP,Vista,7 ස්ථාපිත කර ඇති පරිඝනකයක් විය යුතුය..


    Windows XP සඳහා..

    1)පියවර- පළමුව Flash Drive එක පරිඝනකයට සම්බන්ධකර එය Format කරන්න..පසුව එය "Ram Drive" ලෙස රී නේම් කරන්න.(හඳුනා ගැනීමේ පහසුව සඳහා).


    2)පියවර-ඉන්පසු My Computer අයිකනය මත Right Click කර Properties වලට යන්න.දැන් එහි Advanced ටැබ් එකේ ඇති Performance හි Settings බොත්තම ඔබන්න..


    3)පියවර- එවිට විවෘත වන Performance Options බොක්ස් එකෙනුත් Advanced කියන ටැබ් එකට ඇතුල්වී Virtual Memory යටතේ ඇති Change බොත්තම ඔබන්න.එවිට Virtual Memory Box එක විවෘත වනු ඇත..


    4)පියවර-දැන් එහි ඉහලින්ම Drive යටතේ අප කලින් "Ram Drive" ලෙස රී නේම් කරගත් Flash Drive එක සිලෙක්ට් කරලා Custom Size කියන එක තෝරගන්න...


    5)පියවර-ඉන් පසු එහි ඇති Initial Size & Maximum Size කියන දෙකටම එකම අගයක් ලබා දෙන්න.ඒ කියන්නේ ඔයාලට Virtual Memory කොච්චර ඕනද කියලා කැමති ගානක් දෙන්න..(හැබැයි කැමති ගානක් කිව්වට පෙන් එකේ Size එකටත් වඩා ලොකු ගානක් නම් දෙන්න එපා.එහෙම කරොත් නම් අනිවා අම්මි ගහයි හොදේ.ඒ වගේම ඔයාලගේ MotherBord එකේ රැම් එක වැඩි කරන්න පුලුවන් උපරිමයක් ඇතිනේ..අන්න ඒ උපරිමයට වඩා වැඩි වෙන්න දෙන්නත් එපා..)


    6)පියවර-ඊට පස්සේ "SET" කියන බොත්තම ඔබන්න..ඊලගට තියෙන්නේ OK කරන එක.එතකොට ඔන්න ඕකේ වෙන්න ටික වෙලාවක් ගනියි..(ඒ ගොල්ල කිව්වට අපිට ඉවසීමක් නෑ කියලා...ටිකක් ඉවසන්න වෙනවා මෙතනදි )..


    7)පියවර- ඔන්න දැන්වීමක් එයි පරිඝනකය නැවත පනගන්වන්න(Restart) කරන්න කියලා...හදිස්සි වෙන්න එපා..ඒක OK කරන්න..දැන් අපි විවෘත කරලා තියෙන හැම Window එකක්ම Apply-->OK කරන්න...Apply නැති ඒවට නිකම්ම OK කරන්න..Close බොත්තම පැත්තට නම් මවුස් පොයින්ටරේ යවන්නවත් එපා....


    8)පියවර-ඔහොම කරගෙන ගියාම අවසානෙට අපෙන් අහනවා දැන් Restart කරන්නද කියලා..ඔව්..ඔන්න..දැන් Restart දෙන්න...



    තේරුනා මදි වගේ නම් මේ වීඩියෝ එකත් බලන්නකෝ.....


    http://www.youtube.com/watch?v=RjFt7wbB72k&feature=player_embedded;)

    දැන් පරිඝනකය නැවත පණගැන්වුනාම බලන්නකෝ කාර්‍යක්ෂමතාවය වැඩි වෙලාද කියලා..


    Windows Vista,7 සඳහා..

    මේ OS වලනම් මේක කරන්න හරිම ලේසියි..


    1)පියවර- Flash Drive එක පරිඝනකයට සම්බන්ඳ කරලා Format කරන්න..දැන් කලින් වගේම ඒක Rename කරන්න "Ram Drive" කියලා...


    2)පියවර-දැන් ඒ Ram Drive එක උඩ Right Click කරලා එකේ Properties වලට යන්න..ඊට පස්සේ ReadyBoost කියන ටැබ් එකට යන්න..(මේ ReadyBoost කියන ටැබ් එක ඔබේ පරිඝනකයේ දකින්න නොමැති නම් ඊට හේතුව තමා මම අර අවෂ්‍යතා වල 2 වෙනියට කියලා තියෙන්නේ)


    3)පියවර- ඊට පස්සේ Use This Device කියන එක තෝරලා කලින් කිව්ව වගේම ඔයාලට කැමති අගයක් දෙන්න..ඊට පස්සේ OK කරන්න..




    විශේෂයි !!

    * කිසි වෙටෙකත් මේ ආකාරයට Settings සකස් කල පසු Flash Drive එක හා ඔබේ පරිඝනකය අතර සම්බන්ධය විසන්ධි නොකරන්න(Flash Drive එක ගලවන්න නම් එපා...ආයෙත් කියන්න තියෙන්නේ අම්මි ගහයි කියලා තමා....
    emoticon-0110-tongueout.gif
    )

    * ඔබට Flash Drive එක පරිඝනකයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍යය නම් ඉහතින් අප වෙනස් කල Settings නැවත පෙර තිබූ අයුරුම සකස් කර පරිඝනකය Restart කිරීමෙන් පසුව පමනක්ම Flash Drive එක ඉවත් කරගන්න..

    * ඔබ මෙලෙසම එක දිගටම Flash Drive එක Ram එකක් ලෙස භාවිතා කිරීමෙන් එහි උපරිම Rewrites ගනන සම්පූර්ණ වී අවුරුදු 2 කින් පමන එහි ක්‍රියාකාරීත්වය නැතිවී යා හැක...

    * කාර්‍යක්ෂමතාව වැඩී වීම හෝ වෙනසක් නොවීම තීරනය වන්නේ ඔබේ පරිඝනකය අනුවය...

    * එමෙන්ම මෙහිදී ඔබේ අත්වැරදීමකින් හෝ වෙනත් අයුරකින් ඔබේ පරිඝනකයට හානියක් සිදු වුවහොත් ඒ පිළිබඳව හැකිං පංතිය බ්ලොග් අඩවියට කිසිදු වගකීමක් බාර ගත නොහැකි බවද කරුණාවෙන් සලකන්න.
    emoticon-0126-nerd.gif



    ජන්ජාලේ ලැබුන දෙයක් රෙප් එකක් දුන්නට තරහ නැ;)
    gatthe


    REP ADDED
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Man gawa tiyanawa 512 ekak karala balanna hithenawa..mokakda ban me uba dala tiyana DDR2/3 kathawa...