Rs. 50,000 ක් අන්තර්ජාලයෙන් !! A True Story!!
පූර්විකාව
ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයත අදාලව ලිපි 70ක් පමණ මාස 06ක් පමණ කෙටි කාලයක් තුළ ඉදිරිපත් කළත් මෑතක පටන් මෙම බ්ලොග් අඩවිය තුලින් ලිපියක් ඉදිරිපත් කිරීමට කල් ගතවන බවක් ඔබත් අත් විදින්නට ඇති. ලිපියක් ලියන්නට අවශ්‍ය කාලය මෙන්ම වටපිටාවක් නොමැති වීමත් ඊට හේතු වූ බව පැවිසිය යුතුයි. කෙසේ වෙතත් මා අද ඔබට ඉදිරිපත් කරන්නේ ඉලෙක්ට්‍රොනික් විෂයයට අදාල ලිපියක් නොවන නමුත් අන්තර්ජාලය හා අත්වැල් බැද සිටින සැමට මෙම ලිපිය මගින් යම් යහපතක් විය හැකි බව අදහස් කරන හෙයින් කිසිදිනෙක මා සාකච්චා නොකිරීමට බලාපොරොත්තු වූ මාතෘකාවක් මෙසේ සනිටුහන් කරන්නෙමි.
ආසන්නතම හේතුව
අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම කරා යොමු වීමට ආසන්නතම හේතුව වූයේ නම් ඉලෙක්ට්‍රොනික් විෂයයම බව කිව යුතුයි. අහම්බයෙන් මෙන් යූ ටියුබ් අඩවිය ඔස්සේ LED Matrix පරිපථයක් කරා නෙත් යොමුවූ දුටු දා පටන් කෙසේ හෝ මෙවැනි සෑදිය යුතුය යන අදහස නිරන්තරයෙන්ම මා සිත තුළ ජනිත වූවා යැයි කිවහොත් වඩාත් නිවැරදියි. මේ හා සම්බන්ධ පරිපථ කිහිපයක්ම පරීක්ෂා කළ නමුත් මෙවැනි උපාංගයක් සදහා දළ වශයෙන් රු. 7,500/= පමණ වැය වන බවත් අන්තර්ජාලය ඔස්සේ මෙවැනි උපාංගයක් ඩොලර් 50කට පමණ ලබා ගත හැකි බව දැන ගතහැකි වූ නමුත් මාසිකව වැය කළ යුතු මුදල් ප්‍රමාණය හමුවේ මෙවැනි මුදලක් විනෝදාංශයක් වෙනුවෙන් කැප කිරීම වර්තමානයේ සැබෑවක් නොවන බව මා මෙන්ම ඔබත් දන්නා සත්‍යයයක්....
විකල්පය
අවශ්‍යතාවයක් සපථ කර ගැනීම යථාර්ථයක් නොවන විට යම් කැපකිරීමක් කළ යුතුමයි. එසේනම් විකල්පය වන්නේ අලුත් දෙයක් අත් හදාබලන්නට තිබෙන අවස්ථාව කැප කිරීමද? අන්තර්ජාලය තුලින් මුදල් සෙවීම කළ හැකි බව මෙයට පෙර සිටම දැන සිටියද ඒ සදහා බහුලවම භාවිත වන ක්‍රම සහ විධි ගැන මා තුළ වූයේ නොමනාපයක්. වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ අන්තර්ගතය නොපෙනන සේ දැන්වීම් එබ්බවීම හෝ දැන්වීම් බැලීම මගින් මුදල් සෙවීම කෙරෙහි මා තුළ උනන්දුවක් තිබුනේම නැති තරම්. එහෙත් යම් යම් අවස්ථාවලදී ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ ඇස ගැටෙන අන්තර්ජාලය ඔස්සේ තම දැනුම භාවිතාවෙන් යම් යම් සේවාවන් ඉටුකිරීම මගින් මුදල් සෙවීම කෙරෙහි මා උනන්දු වූවා. මෙම කටයුත්තට අදාලව වෙබ් අඩවි කිහිපයක්ම (vWorker, Freelance, Freelancer, Scriptlance, ODesk) දක්නට ලැබෙන අතර මෙයින් Freelancer යන අඩවියේ මා සාමාජිකයෙකු වී සිටින බවද මතකයට නැගුනා.
Part Time රැකියාව
අන්තර්ජාලයෙන්ම $50ක් සොයාගැනීමේ අදහස පෙරදැරි කරගෙන සෑම දිනකම රාත්‍රි නවය පමණ වන විට ඉහත සදහන් අඩවි තුළ සැරිසරන්නට නිරායාසයෙන්ම හුරුවූවා. සෑම අඩවියකටම මා ආධුනිකයෙක්. ප්‍රවීණත්වය අනුව ලැබෙන තරු හෝ Reviews නොමැති මා කිසිවෙකුත් ගණන් ගන්නේ නැති තරම්. නිතරම ලැබුනේ "Unfortunately your bid was not chosen this time." යන වදනයි. එහෙත් උත්සාහය අත් හැරියේ මා නොවේ. PHP, MySql, PHPBB3, Vbulletin, Joomla, WordPress, Ajax, Java Script වැනි යම් තරමකින් හෝ මා හට ලගා විය හැකි සෑම අංශයකටම අදාල Part Time Project සදහා මා ඉල්ලුම් කළා. කොටින්ම මා හට ලබා දී තිබූ අවස්ථා 42න් අවස්ථා 27ක්ම ප්‍රයෝජනයට ගෙන අවසන්. නමුත් කිසිවෙකුත් අවම තරමින් මාගේ ඉල්ලුම් පතකට පිලිතුරු පණිවුඩයක් හෝ ලබා දුන්නේ නැහැ.
දිනය අප්‍රෙල් 8 වැනිදා. ඊ-මේල් පිරික්සන විට ෆ්‍රීලාන්සර් අඩවිය මගින් වෙනස් ආකාරයේ විද්‍යුත් පණිවුඩයක් ලැබී තිබුණ නිසාම එය පිරික්සන්නට මා තුළ වූයේ නොඉවසිල්ලක්. නෝර්වේ ජාතිකයෙක්, මා ඉල්ලුම් කළ Project එකකට අදාලව ප්‍රශ්ණ කිහිපයක් විමසා තිබුණා. එයින් 70% පමණම මා හට විසදා ගතහැකි නමුත් අදාල ව්‍යාපෘතිය සදහා (Web based PHP Application) නෝර්වේ භාෂාව භාවිතා කිරීම මා හට ගැටළුවක් වූවා. සැම විටම ඉදිරියෙන් සිටින Google අඩවිය මාගේ භාෂා පරිවර්ථකයා වූවා. මා සූදානම්. මා හට මෙය ඉටු කළ හැකියි. "Jeg er klar! Jeg kan gjøre dette.." මා පිළිතුරු වශයෙන් ලියා යැවුවා. (මෙම Project එක අවසන් වන තුරුම ඔහු සිතා සිටියේ මා ද්වි භාෂා සමතෙකු ලෙසයි) සුළු මොහොතක් ගත වන්නට මත්තෙන් අදාල ව්‍යාපෘතිය මා හට භාර කලේ මෙය නිම කළ පසුව $100 ක්ද මා හට හිමි වන බවට සහතික කරමිනුයි.
තත්පරයක් හෝ ප්‍රමාද නොවී ව්‍යාපෘතිය ආර්ම්භ කළ මා එහි තිබෙන දිග පළල දුටුවේ පැය කිහිපයකට අනතුරුවයි. මෙයට පෙර මෙම මෘදුකාංගයම ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමය සදහා භාවිතා කර තිබුනද සේවා දායකයා බලාපොරොත්තු වන අන්දමේ විශාල වෙනස් කම් කිරීමට නම් අදාල මෘදුකාංගයේ ඇතුලාන්තය පිළිබදව හසල දැනුමක් අවශ්‍ය වනවා. එනමුත් නොපසුබට උත්සාහය හමුවේ තවත් පැය කිහිපයකට පසු එම ව්‍යාපෘතියට අදාල මෘදුකාංගය (phpbb3) සක්සුදක් සේම පැහැදිලි වීම අදටත් මට සිතා ගත නොහැකි තරම්ය. කෙසේ හෝ තත්පර මිනිත්තු බවට පරිවර්ථනය වෙමින්, මිනිත්තු, පැය, දින වැශයෙන් ගෙවී යමින් දින 04ක් තුළ අදාල ව්‍යාපෘතිය නෝර්වේ ජාතිකයා බලාපොරොත්තු වූ ලෙසටම ඉටු කර දීමට මා හට හැකි වූයේ $100 ක්ද මා සන්තක කර ගනිමින්.
එතකින් නොනැවතුණු නෝර්වේ ජාතිකයා තවත් සුළු වෙනස් කිරීමක් කරන මෙන් ඉල්ලා සිටියේ තවත් $50 ක් මාගේ ගිණුමට බැර කරමිනුයි. (Great work Kenny. Both bugs confirmed fixed. I have to run now, but I'll pay you the extra 50$ tomorrow and give you a good review or what they call it. Have a nice weekend!)එසේම තරු සළකුණු 10කින්ම මාගේ අන්වර්ථ නාමය වර්ණවත් වූ අතර නිතර නිතර බැලිය හැකි Review එකක්ද මා හට හිමි වූවා. (Delivered exactly what I needed. Always a positive attitude and quick to fix small and big bumps as the project developed. Solution-oriented!).සැබවින්ම මාගේ දෙනෙතට කදුළු පිරුණා යැයි කිවහොත් එය අසත්‍යයක් නොවේ. කිසිදු දිනෙක කිසිදු කර්තවයක් අරභයා මේ සා තරමේ හොදක් අසා නොමැති මා ඒ සමගම රු. 15.000කට ආසන්න මුදලක් දින 04ක් තුළ උපයා ගැනීමට සමත් වූවා.එසේම සැගව ඇති දක්ෂතා තුළින් මට මෙන්ම මාගේ සමාජයටත් සමස්ථ ශ්‍රී ලංකාවටත් යම් යහපතක් සිදු කළ හැකි බවත් මා අවබෝධ කර ගත්තා යැයි කිවහොත් වඩාත් නිවරදියි. ඉන් අනතුරුව ඉහත අඩවිය ඔස්සේම එක් දිනක් තුළ $175ක් උපයාගත් ව්‍යාපෘතිය මා හට අමතක කළ නොහැක්කක්. මෙහිදී මා පිහිට වූයේ සැමටම පිහිට වන ඉන්දියානු සාධු වරයෙකුට වීම එහි ඇති විශේෂත්වයයී
කෙසේ වෙතත් පොදුවේ දක්නට ලැබෙන කරුණක් නම් ඉන්දියානු සහ පකිස්ථානු සේවා දායකයන් විසින් අන්තර්ජාලය තුළ රැකියා කළ හැකි වෙබ් අඩවිද ආක්‍රමණය කර ඇති බවයි. නිරන්තරයෙන්ම දක්නට ලැබෙන්නේ ඉන්දියානු සහ පකිස්ථානු සේවා දායකයන් පමනි. යම් දෙයක් වටහා ගැනීමට සහජ දක්ෂතා ඇති ශ්‍රී ලාංකීය තරුණ පරපුර මෙවන් කටයුතු කරා යොමු නොවන්නේ කුමන හේතුවක් නිසාද යන්න මා හට අවබෝධ කර ගත නොහැකි නමුදු අන්තර්ජාලය ඔස්සේ පැය ගණනාවක් වෙහෙස මහන්සි වී දැන්වීම් බැලීම වැනි සුලභ ක්‍රියාවලීන් ඔස්සේ ශත ගණනාවක් සොයන්නට පෙරුම් පුරන තරුණ පරපුර සම්බන්ධයෙන් අවංකවම කණගාටු වන අතරම මෙවැනි ලිපියක් ලිවීමට මා හට සිත් වූයේ නොයෙකුත් දක්ෂතා තිබෙන දස දහසක් තරුණ තරුණියන් රැකියා නොමැති කම හේතුවෙන් අපෙක්ෂාභංගත්වයට පත්වීම තරමකින් හෝ මෙවැනි ක්‍රියාකාරකම් තුළට යොමුවීම තුළින් වලක්වා ගත හැකි බැවිනි. කිසිදු දිනක පරිඝනක පාඨමාලාවක් හදාරා නොමැති මා PHP, MySql පිළිබදව හැදෑරුවේ W3schools අඩවියෙන් බවත් කෘතහස්ථව සදහන් කරමි.
පසුවදන
මෙම ලිපිය කියවන ඔබ තුළත් මෙවැනි හැකියාවන් ගැබ්ව තිබෙන බවට කිසිදු තර්කයක් නොමැති අතර ඔබේ හැකියාවන් තුළින් යම් ඵල ප්‍රයෝජනයක් ලබා ගැනීමට උත්සුක වන්නේ නම් ඉහත සදහන් ඕනැම අඩවියක සාමාජිකත්වය නොමිළයේ ලබා ගත හැකි බවද දන්වනු කැමැත්තෙමි. පරිඝණක වැඩසටහන්, වෙඹ් අඩවි නිර්මාණය මෙන්ම දත්ත සැකසීම, (Data Processing, Entering, Mining) පරිඝනක ආශ්‍රිත රූපක නිර්මාණය (Graphic Design) වැනි අංශ සදහාද වැඩි ඉල්ලුමක් තිබෙන බවද දන්වනු කැමැත්තෙමි.මේ සම්බන්ධව දැන ගත යුතු කරුණු හෝ ගැටළු ඇතොත් කමෙන්ට් එකක් මගින් හෝ ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමය ඔස්සේ විමසන්න. සුපුරුදු ලෙස ඉලෙක්ට්‍රොනික් ලිපි පෙළක් සමගින් ඉදිරියේදී මුණ ගැසෙමු!
source : http://blog.electronicinside.com

thnx bro... +
4017ක් කොහොමද බං ප්‍රෝගෑම් කරන්නෙ?
මයික්‍රොකොන්ට්‍රොලර් එකක් නම් ඔන්න පුලුවන්.
PIC16F වගේ..
කැමති අයට වැදගත් වෙයි..