RUSSIAN KELLO polonnaruwedi healuwen

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
පොළොන්නරුවේ නටබූන් අතර
රුසියානූ තරුණියෝ නිරුවතින්

තරුණියන් තිදෙනා හා මඟ පෙන්වන්නා අත්අඩංගුවට

හේමන්ත රන්දුණූ ඃ නිලන්ත මදුරාවල

චීවරයකින් සිරුරේ උඩ කොටස පමණක් වසාගෙන පොළොන්නරුව නිශ්ශංක සභා මණ්ඩපයේ ඉතාම අශෝභන ආකාරයට හැසිරෙමින් නිරුවත් ඡායාරූප ගත් රුසියානූ තරුණියන් තිදෙනෙක් සහ සිංහල ජාතිකයෙක් පොළොන්නරුව පොලිසිය මගින් ඊයේ (17 වැනිදා) උදේ අත්අඩංගුවට ගනූ ලැබීය.

මෙම රුසියානූ තරුණියන් කොළඹ සිට පැමිණ පොළොන්නරුව නටබූන් නගරය නැරඹීම සඳහා ගොස් මෙසේ හැසිරී ඇති බව පොලිසිය කියයි. මෙහිදී අත්අඩංගුවට ගත් සිංහල තරුණයා රුසියානූ තරුණියන්ගේ මඟ පෙන්වන්නා ලෙස කටයූතු කර ඇත.

ඊයේ උදේ 8.00 ට පමණ මෙම තරුණියන් පොළොන්නරුව නිශ්ශංක රාජ සභා මණ්ඩපයේ සිංහ රූපය වෙත පැමිණ එය නරඹමින් සිට ඇත. පසූව ඔවූන් චීවරවලින් සිරුරේ උඩ කොටස පමණක් වසාගෙන නිරුවතින් සිට වටාපත් අතින් ගෙන නිශ්ශංක රාජ සභා මණ්ඩපයේ සිංහ රූපය මත නැගී ඡායාරූප ගෙන තිබේ.

ඒ අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි ආරකෂක නිලධාරියකු මෙම ක්*රියාව නතර කරන ලෙස රුසියානූ තරුණියන්ට පවසා ඇත. එහෙත් ඔවූන් ආරකෂක නිලධාරියාගේ නියෝග ගණනකට නොගෙන දිගින් දිගටම ඡායාරූප ගෙන තිබේ.

පසූව ආරකෂක නිලධාරියා මධ්*යම සංස්කෘතික අරමූදලේ නිලධාරීන්ට මේ පිළිබඳව දැනූම් දී ඇත. ව්*යාපෘති කළමනාකාර පී. ආර්. එස්. බණ්ඩාරනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පසූව එම ස්ථානයට ගොස් රුසියානූ තරුණියන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අවස්ථාවේ එම තරුණියන් සිරුරේ උඩ කොටස වසාගෙන සිටි චීවර නිලධාරීන් වෙත භාරදී නිරුවතින්ම සිට ඇත. පසූව ඔවූන් පැමිණ සිටි වෑන් රථය එම ස්ථානයට ගෙන්වා ඔවූන්ට ඇඳගැනීමට ඇඳුම් ලබා දී ඇත.

පසූව සිද්ධිය පිළිබඳව පොළොන්නරුව පොලිසිය වෙත දැනූම් දී ඇති අතර එහි නිලධාරීන් පිරිසක් පැමිණ සැකකාර රුසියානූ තරුණියන් තිදෙනා සහ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණියන් සතුව තිබූ කැමරා පරීකෂා කිරීමේදී ඔවූන් ලබාගත් නිරුවත් ඡායාරූප රැසක් එහි තිබී සොයාගෙන ඇත.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීකෂණ පවත්වාගෙන යයි.

:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: