S2F multivitamin, VL Mass Gainer සහ Beverly Mass Amino වල ඇත්ත

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
S2F multivitamin, VL Mass Gainer සහ Beverly Mass Amino වල ඇත්ත

9rJBYBH.jpg


මීට මාස කීපයක පමණ සිට කෙට්ටු අය මහත් කරන විටමිනයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සහ වෙනත් online stores ඔස්සේද, කෑෂ් ඔන් ඩිලිවරි මඟින්ද, කායවර්ධන මධ්‍යස්ථාන වල සහ වෙනත් අලෙවිසැල් වලද වෙලඳ නාම කීපයකින් "මැලේසියාවේ නිෂ්පාදිත" යැයි කියාගන්නා නිෂ්පාදන කීපයක් කිසිදු වගකීමකින් තොරව විවිධාකාරයේ පුද්ගලයින් මඟින් රුපියල් 1400 සිට 4000 අතර මිලකට විකුණනු ලැබේ. මේ ලිපිය එම "වස කුප්පිය" පිලිබඳවයි

මුලින්ම නමින් වෙලඳපොලට පැමිණි S2F Multivitamin "මහත් වෙන" බෙහෙත් එක පසුව S2F එකට වඩා හොඳ බව කියමින් VL Mass Gainer, Beverly Mass Amino යන නම් දෙකකින්ද මිලදී ගැනීමට තිබේ. වෙලඳ නාමය කුමක් වුවත් මෙම නිශ්පාදන වල අන්තර්ගතය වර්ග දෙකකින් පෙති 60ක පමණ ප්‍රමාණයක්ය. එක් වර්ගයකින් එකක් බැගින් වර්ග දෙකක් කෑමට පසු උදේට බීමට නිර්දේෂ කර ඇත.

මල්ටිවිටමින්, ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වා දෙමින් විකුණන මෙම බෙහෙත් වල එකදු විටමිනයක් හෝ ඇමයිනෝ අම්ලයක් අඩංගු නොවන බව කීවොත් ඔබද පුදුමයට පත්වනු ඇත. මෙම බෙහෙත් වල ඇසුරුම් ලේබල් වල බෙදාහරින්නාගේ තොරතුරු, බෙහෙත් වල අමුද්‍රව්‍ය හෝ අඩංගු රසායනිකයන්ගේ නම්, නිශ්පාදකයාගේ තොරතුරු, තත්ත්ව සහතික හෝ මිලක් සඳහන් වී නොමැත. QR code එකක් පමණක් මුද්‍රණය කර ඇති අතර එයද මෙම නිෂ්පාදනය ජෙනුයින් එකක් යැයි කියමින් මිනිසුන් මුලා කිරීමට පමණක් යොදා ඇති කූට උපක්‍රමයකි.

මෙම නිෂ්පාදන වල එක් පෙත්තක සත්‍ය වශයෙන්ම අඩංගුව ඇත්තේ dexamethasone නම් රසායනිකය වන අතර අනික් පෙත්තේ cyproheptadine නම් රසායනිකය අධි මාත්‍රාවෙන් අඩංගුව ඇත. මේවායේ වෙලඳනාම පිළිවෙලින් kalbe සහ herson වේ.

මෙම බෙහෙත් වර්ග භාවිතයේදී මේවායේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඔබගේ බඩිගින්න වැඩි කරයි. තවද සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම ඉතා අවම කරයි. කිවිසුම් යාම අවම වේ. මෙම බෙහෙත් භාවිත කරන කාලයේ බඩිගින්න වැඩි වීම හේතුවෙන් ඔබට වැඩිපුර ආහාර ගත හැක. එමගින් සිරුරේ බර යම් ප්‍රමාණයකට වැඩි වේ. නමුත් භාවිතය නතර කර දින 3 - 4ක් යන්නටත් පෙර ඔබගේ කෑම රුචිය ඉතාම අවම වීමට පටන් ගනියි. වැඩිවූ බර අඩු වී නැවත තිබූ තත්ත්වයටම හෝ ඊටත් අඩු මට්ටමකට ක්‍රමයෙන් පත් වේ.

අතුරු ආබාධ කිසිවක් නැතැයි කියමින් වෙලඳ ප්‍රචාර ගෙනයන මෙම නිෂ්පාදන වල ඉතා විශාල අතුරු ආබාධ ප්‍රමාණයක් ඇත. ඔබත් මෙම නිෂ්පාදන භාවිත කර ඇතිනම් මෙම අතුරු ආබාධ එකක් හෝ කීපයක් ඔබටද අනිවාර්‍යෙන්ම ඇතිවී තිබිය හැක.

භාවිතා කරන කාලයේ:
අස්ථි දුර්වල වීම (ඔස්ටියෝපොරෝසිස්), උදාසීන බව, හිසරදය, ශරීරය අප්‍රාණික/තෙහෙට්ටු බව, මානසික ආතතිය, ශරීරය පුරාම ඇතිවන වේදනාව, ශරීරයේ කොටස් නැවීම් වලට ලක් කිරීමේදී "ලොක් වීමක්" වැනි දෙයක් සිදුවීම, හිස් හොරි, කොණ්ඩය ගැලවී යාම, ඇඟ පුරා රතු බිබිලි දැමීම (අත්වල සහ කකුල් වල කොන්දේ වැඩි වශයෙන්), කුරුලෑ තිබේනම් වැඩි වීම, ශරීරයේ විවිධ කොටස් හිරිවැටීම දැනීම

භාවිතය නැවැත්වූ විට:
සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී තිබීම
හිසරදය
ඉතාම තදබල කෑම අරුචිය
අස්ථි සහ මස්පිඩු සිහින් වීම
ඇඟ එල්ලා වැටීම සහ රැලි වැටීම
ශරීරයේ බර සීග්‍රයෙන් අඩු වීම
කෙට්ටු වීම

ඉතා කණගාටුවට කරුණ වන්නේ මේ තරම් තරුණ/මැදි වයසේ අයට හානිකරන, කිසිදු ප්‍රමිතියකින් තොර, නිශ්පාදකයෙකු හෝ තත්ත්ව පරීක්ෂණ කිසිවක් නොකල භයානක නිශ්පාදනයක් මේ තරම් කාලයක් වෙලඳපොලේ විවිධාකාර දෙනා විකුණුවද මේ ගැන කිසිම ආකාරයකින් කිසිදු ප්‍රමිතිකරණයක් හෝ තහනම් කිරීමක් තවමත් ලංකාවේ සිදුවී නැත. මේ කිසිවක් නොදන්නා තරුණ පරපුර මහත් වීමට යැයි කියා හිතුමනාපේ මෙම නිෂ්පාදන භාවිතා කරයි. ඔවුන්ට වී ඇති හානිය අවබෝධ වන විට ප්‍රමාද වැඩිය.

මෙය හුදෙක් දැනුවත් කිරීම සඳහා පමණක් පල කරන ලද්දකි. ඔබට අවශ්‍ය නම් මෙම නිශ්පාදන පාවිච්චි කර මෙම කරුණු වල සත්‍ය අසත්‍යතාව ඔබටම අත්දැකීමෙන් පසක් කරගත හැක. නැතිනම් මෙම නිශ්පාදන පාවිච්චි කල අයෙකුගෙන් මේ ගැන අසා දැනගන්න.
 

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    සුද්දන්ට මහත වැඩි නිසා කෙට්ටු වෙන්නන බැරුව දඟලනව අපේ උන් මහත් වෙන්න බැරුව ඵක ඵක ජරාව බොනව.ඒ විතරක් නෙමෙයි බීල මැරෙනව.මේ ළගදිත් ඵකෙක් මළා මහත් වෙන්න මොනවද කොළ වගයක් කැඳක් හදන් බීල.:sorry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :shocked: මේක බීපු උන් ඉන්නවද? මේ සීන් එක ඇත්තද? ෆේස්බුක් එකේ මේවා විකුණනවා ඇඩ් දදා සෑහෙන්න. :eek:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    reputed brand walin arenna oya eka eka jarawa ganna epa. short cut hoyanna yana ewun tamai owa gahanne. wade kyanne itin ape ewun salli hoyanna mokak hari jarawak ange gahanwa. ape gym eke ekath owa wikunanawa mama dakka
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    :shocked: මේක බීපු උන් ඉන්නවද? මේ සීන් එක ඇත්තද? ෆේස්බුක් එකේ මේවා විකුණනවා ඇඩ් දදා සෑහෙන්න. :eek:

    s2f ගැන නම් සහතික ඇත්ත , මන් අදුරන එකෙක් ඉන්නවා උ මට සෑහෙන්න කලින් ජිම් යන්න ගත්තේ. ඕකා කෙට්ටුයි කියලා s2f ගහන්න ගත්තා , ඒ දවස් වල කොල්ලා ලස්සනට හිටියා මහත් වෙලා මුනත් හොදට මහත් වෙලා .
    පස්සේ ටික කාලයක් ඕක නවත්තලා වැඩ නිසා ජිම් එකත් නවත්තලා මු බලන් ඉද්දි කෙට්ටු උනා (මාස 3ක් ගියේ නෑ කලින් තිබ්බ ගානටම කෙට්ටු වෙලා චාටර්ම උනා :(:(
    )
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    s2f ගැන නම් සහතික ඇත්ත , මන් අදුරන එකෙක් ඉන්නවා උ මට සෑහෙන්න කලින් ජිම් යන්න ගත්තේ. ඕකා කෙට්ටුයි කියලා s2f ගහන්න ගත්තා , ඒ දවස් වල කොල්ලා ලස්සනට හිටියා මහත් වෙලා මුනත් හොදට මහත් වෙලා .
    පස්සේ ටික කාලයක් ඕක නවත්තලා වැඩ නිසා ජිම් එකත් නවත්තලා මු බලන් ඉද්දි කෙට්ටු උනා (මාස 3ක් ගියේ නෑ කලින් තිබ්බ ගානටම කෙට්ටු වෙලා චාටර්ම උනා :(:(
    )

    :rofl:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    s2f ගැන නම් සහතික ඇත්ත , මන් අදුරන එකෙක් ඉන්නවා උ මට සෑහෙන්න කලින් ජිම් යන්න ගත්තේ. ඕකා කෙට්ටුයි කියලා s2f ගහන්න ගත්තා , ඒ දවස් වල කොල්ලා ලස්සනට හිටියා මහත් වෙලා මුනත් හොදට මහත් වෙලා .
    පස්සේ ටික කාලයක් ඕක නවත්තලා වැඩ නිසා ජිම් එකත් නවත්තලා මු බලන් ඉද්දි කෙට්ටු උනා (මාස 3ක් ගියේ නෑ කලින් තිබ්බ ගානටම කෙට්ටු වෙලා චාටර්ම උනා :(:(
    )

    :lol: ඔච්චර අතුරු ආබාධ එක්ක ඕක බීලා අන්තිමට ඔහොම වෙනව නම් වැඩක් නෑ නෙ. මේක නොදන්න අය කොච්චර නම් මේ මඟුල් අරන් බීලා නාස්ති වෙනව ඇතිද. අපරාදෙ..
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,862
    21,103
    113
    owa ganna epa yakoo gym payalayan whey protein ekak gahapan optimum nutrition
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    oya kthwa aththa.

    ara lankwe doc kenekuth mahath wenna kiyla denne owa.

    cyproheptadine nm gththata awlk na hbai. nwaththuwma aga okkoma bhinwa.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Man danna ekekuth oya wade karanawa.e dawas wala idanma man kiyanne jawaramak kiyala.minissunta jarawa powanawa

    පුදුම විදියට ෆේස්බුක් එකේ මේවා විකුණනවා. හුඟක් එවුන් කමෙන්ට් කරලා ඕඩර් කරනව ඇති. ගත්ත එවුන් ඉවරයි ඉතින් මේ සිද්ධි ඇත්ත නම්.
     

    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    Kettu un gym yana gaman reputed brand ekakin creatine (powder) and amino acid (tablet) masa 3k vitara aran beepalla, e ekka kaama valin vitamin and protein ena widihata hondata kapalla, aniwa anga enwa.

    :)