"Saint Peter's Basilica tops potential terrorist targets"

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    "සාන්ත පීතර බැසිලිකාව ප්‍රමුඛ ත්‍රස්තවාදී ඉලක්කයක් " - ඇමෙරිකාව කියයි

    st.jpg


    ISIS ත්‍රස්තවාදීන් ඉතාලියට එල්ල කල හැකි ප්‍රහාරයක දී රෝමයත් මිලානෝ නුවරත් ඔවුන් ගේ ප්‍රමුඛ ඉලක්ක අතර වන බව ඉතාලියේ ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි. එම නගර දෙකේ දී ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ සාන්ත පීතර බැසිලිකාව බව ද එම තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ කියා සිටියේ ය.

    ත්‍රස්තවාදී කණ්ඩායම් ඇතැම් විට ගිය සතියේ පැරීසියට එල්ල කල ප්‍රහාරයට සමාන ක්‍රමයක් යොදා ගැනීමට ඉඩ ඇති බව ද ඇමෙරිකාව කියයි. එම තානාපති කාර්යාලය පවසන්නේ ඉතාලි රජය මේ පිළිබඳව දන්නා බවයි.

    මිලාන් නුවර බැසිලිකා දෙව්මැදුර සහ ලා ස්කාලා ඔපෙරා ශාලාව ද ත්‍රස්තවාදීන් ගේ ප්‍රධාන ඉලකක අතර වේ. ඊට අමතරව මෙම නගර දෙකේ තවත් දෙව්මැදුරු, සිනගෝග (ජුදෙව් ආගමේ ධර්ම ශාලා), ආපාන ශාලා හා නෘත්‍ය ශාලා රැසක් ද ප්‍රහාරවලට ඉලක්ක වීමට ඉඩ තිබෙන බව එම නිවේදනය සඳහන් කරයි.

    මේ නිසා තමන් සිටින පරිසරය ගැන පරීක්ෂාවෙන් හා අවදියෙන් සිටින්නැයි ඇමෙරිකා තානාපති කාර්යාලය ඉතාලියේ සිටින තම රට වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    "ත්‍රස්ත ප්‍රහාරයක තර්ජනය තිබෙනවා. එහෙත් ශුද්ධාසනය බියෙන් හැකිළෙන්නේ නැහැ" - වතිකාන රාජ්‍ය ලේකම් කියයි

    වතිකානය අන්තවාදීන් ගේ ප්‍රහාර වලට ලක්වීමේ අවදානමක පවතින නමුදු තමන් එයින් බියෙන් අඩපන වන්නේ නැතැයි වතිකාන රාජ්‍යය පවසයි.

    "ගිය සතියේ ප්‍රංශයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තහවුරු වන්නේ කිසිදු රටක් ත්‍රස්තවාදී තර්ජනයෙන් ඉවත්ව නැති බවයි. වතිකානයේ පවතින ආගමික වැදගත්කම නිසා එම රාජ්‍යය ත්‍රස්තවාදී ඉලක්කයක් විය හැකියි " යැයි වතිකානයේ රාජ්‍ය ලේකම් (වෙනත් රටවල අග්‍රාමාත්‍යධුරයට සමානය) අති උතුම් පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමි කියා සිටියේ ය. "වතිකානය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව වැඩිකිරීම සඳහා පියවර ගැනීමට අපට් පුළුවන්. එහෙත් අපි කිසිවිටෙකත් බියෙන් අප අකර්මන්‍ය කිරීමට ඉඩ දෙන්නේ නැහැ" යි එතුමා අවධාරණය කලේ ය."පාප් වහන්සේ උන්වහන්සේ දින චරියාවන් වෙනස් කරන්නෙත් නැහැ. උන්වහන්සේ ගේ සාමාන්‍ය එදිනෙදා සිදුවීම් එසේම සිදු කෙරෙනවා" එතුමා කීවේය"

    කාදිනල් පැරොලිනි හිමි මේ බව කියා සිටියේ ප්‍රංශයේ පලවන La Croix පුවත් පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ය.

    රෝමයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇමෙරිකාව ඊයේ අනතුරු ඇඟවීය. වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක් විය හැකි බව රෝමයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. පැරිසියේ ප්‍රහාරයෙන් පසුව ISIS සංවිධානය නිකුත් කල වීඩියෝ නිවේදනයකින් කියා සිටියේ ඔවුන්ට එරෙහිව සිදුකෙරෙන් ගුවන් ප්‍රහාරවලට සම්බන්ධ සියලු රටවලට ප්‍රහාර එල්ල කරන බවයි. මෙම නිවේදනයේ ඔවුන් සඳහන් කර ඇති නගර අතර ලන්ඩනය, වොෂින්ටනය, රෝමය හා ඉරානයේ නගර ද වේ.

    පැරිස් ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා හැඟුම් බරව අදහස් අදක්වූ ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ එය "කැබලි" යුද්ධයක් (“piecemeal”) බවයි. "කැබලි යුද්ධයක්" යන්නෙන් උන්වහන්සේ අදහස් කලේ අන්තවාදීන් ගේ ප්‍රහාර අප දන්නා සාමාන්‍ය යුද්ධ රාමුවෙන් පිටත පවතින යුද්ධ බව යයි කාදිනල් පැරොලිනි හිමි කියා සිටියේ ය. "ඒවා අප්‍රකාශිත යුද්ධයි. ඒවා යුදබිමක සිදු නොවන, නොගැලපෙන, අසමිමිතික යුද්ධයි. ඒවායින් මියයන්නේ අහිංසක සාමාන්‍ය ජනතාවයි. ඒ නිසයි පාප් වහන්සේ එම වචනය යොදා ගත්තේ" එතුමා විස්තර කළේය." ඒ වගේම මීළඟ ප්‍රහාරය කොහේ සිදුවේදැයි කිව නොහැකි බවත් එයින් අදහස් වුනා. මෙය හුදෙක් ආරම්භයක් පමණයි."

    ත්‍රස්තවාදයට ප්‍රතිචාරය

    මෙහිදී ලෝකය ත්‍රස්තවාදයට ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් ද La Croix පුවත් පත වතිකාන පුර රාජ්‍යයේ අගමැතිවරයාට සමාන රාජ්‍ය ලේකම් පියෙත්රෝ පැරොලිනි හිමියන ගෙන් ප්‍රශ්න කළේය. "මා මෙය (ISIS ප්‍රහාර) දකින්නේ අයුතු, නීත්‍යනුකුල නොවන ආක්‍රමණයක් ලෙසයි. ආක්‍රමණිකයකු නැවත්වීමට පියවර ගැනීම, නීත්‍යනුකුල යුක්ති සහගත ක්‍රියාවක්" බව පාප් වහන්සේ දකුණු කොරියාවේ සිට පැමිණෙන විට ගුවනේ දී මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා තිබිණි. "මෙතැන, 'නැවැත්වීම' (stop) යන වචනය මා අවධාරණය කරනවා. මා කියන්නේ 'බෝම්බ දමන්නට' හෝ 'යුද්ධ කරන්නට' කියා නොවේ. 'නවත්වන්නට' කියා" පාප් වහන්සේ සඳහන් කර තිබිණි.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    ada wwe ekatath ghanawa kiyala thiyenawalu

    WWE 'Survivor Series' still on, despite alleged ISIS threat