SAITM පවත්වාගෙන යාමට වෛද්‍යවරු උදව් කලයුත්තේ &
SAITM පවත්වාගෙන යාමට වෛද්‍යවරු උදව් කලයුත්තේ ඇයි?
SAITM පවත්වාගෙන යාමට වෛද්‍යවරු උදව් කලයුත්තේ ඇයි?
* වෛද්‍යවරයකුගේ මාසික ආදායම ඉලක්කම් හයේ අගයකි.
* ලන්කාවේ ඕනෑම මූල්‍ය ආයතනයක් ඕනෑම මොහොතක ණයක් වුව ලබාදේ.
* වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා 50% ගාස්තු අඩු කිරීමක් වෛද්‍යවරුන්ගේ දරුවන්ට ලබාදේ.
* තරුණ වෛද්‍යවරුනි, ඔබගේ දරුවන් ගැන සිතන්න.ඔබගේ දරුවා අනාගතයේදී ඔබ මෙන්ම උසස් පෙළ ඉහලින්ම සමත් වේ යැයි සිතන්නේද?
* අසමත් වුවහොත් වෛද්‍ය පරම්පරාව ඉදිරියට ගෙන යාමට සයිටම් වැනි උපාධි කඩයකට ඔබගේ දරුවා ඇතුලත් කලහැකි නොවේද?
* ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගැනීමට කොතරම් කැපකිරීම් කලාද?
එම බරම ඔබගේ දරුවාටත් දීමට ඔබ සූදානම් ද?
* දරුවාට නිදහසේ ජීවත් වීමට ඉඩ දී ඔහුගේ වෛද්‍ය සිහිනය ඉටු කිරීමට සයිටම් කදිම තෝතැන්නකි.
* දුප්පත් වුන්ට මොනවා වුනත් කම් නැත. ඔබ දැන් දුප්පතෙකු නොවේ. දුප්පතාගේ දරුවා A3ක් ගෙන දුප්පත් රැකියාවක්ම කල දෙන්. චාල්ස් ඩාවින්ගේ න්‍යාය එයයි.
* සයිටම් ජනසතු කිරීමෙන් සහ නිදහස් අද්යාපනය පුළුල් කිරීමෙන්, දුප්පත් දක්ෂ වුන් ඒවා තුලට රින්ගා අනාගතයේදී වෛද්‍යවරුන් වේවි.
* උසස්පෙළ සමත් දක්ෂ වෛද්‍යවරු බිහිවීම, උසස්පෙළ අසමත් අදක්ෂ වෛද්‍යවරුන්ට වඩා ඔබගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්තානවල සිදුකරන බලපැම වැඩිය.
* පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ගුණාත්මකභාවය ගැන ඔබට ඇති අමාරුව කුමක්ද? අදක්ෂ වෛද්‍යවරුන් නිසා මියයන්නේ දුප්පත් උන්ම නොවේද? ඔබේ පවුල්වල අයට ඉතා දක්ෂ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාදිය හැකි නොවේද?
* "දුර දිග සිතන්න. සයිටම් ජනසතු කරගැනීමට දුප්පත් ජනතාව කරන සටන පරදවා, තව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකිරීම දිරිමත් කර, ඔබගේ පරම්පරාවම වෛද්‍යවරුන් කරන්න.![]()




