රටක වසංගත තත්වයක්, සුනාමියක්, ජපානෙම තප්පරේකින් දණිස්ස බිම ඇනෙන්න වැදුන පරමාණු බෝම්බයක් වගේ අනපේක්ෂිත හදිසි තත්වයකදි, රජයක් රටේ මිනිස්සුන්ට ඒ වෙනුවෙන් මාසෙ පඩිය දෙන්න හෝ, එවැනි කැපකිරීමක් කරන්න කියන එකේ කිසිම වැරැද්දක් නැහැ. සහ රටේ මිනිස්සුත් සමාජයක් විදිහට මේකෙන් ගොඩ එන්න එවැනි කැපකිරීමක් කරන්න වෙනවා කියන එක මම පෞද්ගලිකව විශ්වාස කරනවා.
හැබැයි ලංකාවේ උන් එහෙම එකක් කරන්න සූදානම් නෑ කියලා බනිනවා දැක්කා.
ඉතින් ඇත්තනෙ.. පහුගිය කාලෙම දිහා බැලුවොත් මාසෙ පඩිය නෙමෙයි ආණ්ඩුවකට එක රුපියලක් දෙන්න තරම් විස්වාසයක් තියලද තියෙන්නෙ. සල්ලිම දෙන්න වටින බඩු ටික.!
ජපානෙ මිනිස්සු දෙවනි ලෝක යුද්දෙන් පස්සෙ සෑහෙන කැපකිරීම් කළාලු. ඉතින් ඇත්ත තමයි. මොකද ජපන්නු නොකානොබී රටවෙනුවෙන් වැඩ කරනකොට උන්ගෙ දේසපාලුවො ටික ප්‍රයිවට් ප්ලේන් වලින් රට සවාරි ගියාද ?. මිලියන ගණන් වල වාහන ගෙනල්ලා තව වාහන සීයක් විතර එක්ක රවුන් ගැහුවද ? තමන්ගෙ නෑදෑ හැතිකරේ රටේ ඉහළම තැන් වලට දාගෙන ගෑණුත් එක්ක හෝටල් ගාණෙ ලපං ගැහුව ද. ? නෑනෙ..
ඉතින් ජපානෙ ජර්මනියෙ එංගලන්තෙ ආණ්ඩුවකින් ඉල්ලුවොත් බය නැතුව මාසෙ පඩිය නෙමෙයි, ගෙවල් ඉඩං උනත් දෙන්න පුලුවන්. කවදාකවත් නිකමටවත් අහලා තියනවද ඒ රටවල් වල උන් මිනිස්සුන්ගේ බදුසල්ලි එක ඩොලර් එකක්, යෙන් එකක්, පවුමක් හොරකං කළා කියලා. එහෙම එකක් ඇහුවත් අපි අහන්නෙ ඒ කරපු එකා හිරේ ගියා කියලා..?
එතකොට එහෙ වගේ මෙහෙත්, තමන්ගෙ සල්ලි රට වෙනුවෙන් කියලා විශ්වාසෙන් පුදන්න පුලුවන් ද ?
රවී කරුණානායක ඉන්න කාලෙ කොරෝනා ආවනං පඩිය දෙන්න පුලුවන් ද ?
මේ වගේම ආපදා තත්වයක් වෙච්ච සුනාමි වෙලාවෙ රටේ මිනිස්සුන්ට හම්බුණ විදේසාදාර සල්ලි නඩුව ගැන පසුතැවෙනවා කියලා කිව්වෙ මේ රටේ අගවිනිසුරුවරයෙක්. ඊට පස්සෙ මහබැංකුව මංකොල්ල කෑවා. හොරු අල්ලන්න කියලා ඇවිල්ලා හොරු කියපු උන් එක්කම එකට ආතල් ගත්තා. දැන් ඉන්න ජනාධිපති ලේකම් ආර්ථික ඝාතකයෙක් කියලා කිව්වෙ මේ ආණ්ඩුවෙම ඇමති විමල් වීරවංස. එයා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය මනුස්සයෙක්.
අනික ඒ සල්ලි ඉල්ලන්නෙ පෞද්ගලික ඉල්ලීමක් විදිහටලු. හැබැයි ජනාධිපති කාර්යාලෙ ලෙටර් හෙඩ් එකක. මොකක්ද ඒ විනිවිදභාවය ? ඇයි ජනාධිපතිට රටේ ජනතාවගෙන් කෙලින්ම ඉල්ලීමක් කරන්න බැරිද ?
ඉතින් ආණ්ඩුවෙම ඇමතිලා එහෙම කියනකොට තමන්ගෙ පඩිය පුදන්න කැමති වෙන්නෙ මොන මනුස්සයද ?
ඊළඟට පාර්ලිමේන්තුව රැස්වෙලා පඩි ටික අරන් මූල්‍ය පාලනේ කරනවනං රවීලා, එස්බීලා, සල්ලි අච්චු ගහලා ආර්තිකේ නංවන්න කියන චන්දිමලා, රෝහිතලා, සුජීව සේනසිංහලා ඉන්න පාලිමේන්තුවටද පඩිය දෙන්න කියන්නෙ ?
හදිස්සියෙවත් ඕවා හොරකං කළොත් එහෙම , මේ ආණ්ඩුව හරි, ඊළඟට පත්වෙන ආණ්ඩුව ඒ හොරුන්ව අල්ලනවද.. මහින්දයි රනිලුයි කොරයි කියලා ෂුවර්ද ?? නෑනෙ.. .
ආන්න ඒ සුපිරි විස්වාසය හින්දා තමයි බඩ ගැන නොහිතා රට වෙනුවෙන් කියලා ඡන්දෙ දීපු මිනිස්සු පවා පඩිය නෙමෙයි එක සතයක් දෙන්නෑ කියලා කියන්නෙ..
අපි ඇත්තම කතා කරමුකො.
මෙතන දෙපැත්තට බෙදිලා මරාගෙන කඩේ ගියාට ඔය එකෙක්ටවත් අපේ පඩිය දෙන්න විස්වාසයක් නෑනෙ.. ඕකනෙ ඇත්ත..
කාගෙද ඉතින් වැරැද්ද ?
ඊළඟපාරවත් ඡන්දයක් දෙනකොට අපේ සල්ලි බය නැතුව ළඟ තියන්න පුලුවන් මිනිස්සුන්ට විතරක් ඡන්දයක් දෙන්න..
නැත්තං ඇයි සල්ලි නොදෙන්නෙ, කියලා ඇහුවම උත්තරේ උන්ව විස්වාස නෑ කියන එකනං විලි ලැජ්ජාව අපිටම තමයි..
ජපානෙ රජයෙන් ඉල්ලුවොත් මාසෙ පඩිය දීලා මාසයක් වේලක් කාලා ඉන්න කියලා බය නැතුව වේලක් කන්න ලෑස්තියි ජපන්නු..
ඇයි ඒ..
උන්ට උන් පත් කරන උන්ව විස්වාසයි.
උන් ජීවිතේ ඔට්ටුවට දාලා කියනවා අපි මාසයක් වේලක් නොකා හිටියට අනිවාර්යයෙන් ඒ සල්ලි වලින් ඊළඟ අවුරුදු සීයම බඩ පිරෙන්න කන්න පුලුවන් විදිහට රජය සතයක් අපතේ නොයවා මිනිස්සු වෙනුවෙන් වැඩකරනවා කියලා..
අපිට කටක් ඇරලා එහෙම කියන්න පුලුවන් ද ?
අරූට වැඩිය මූ අඩු හොරා කියලා විතරයි කියන්න පුලුවන්. අඩු එකත් බිලියන් ගාණක එකෙක්.
-----------
එනිවේ, හොරකමක් වෙන්නෑ. ලස්සනට මැනේජ් කරයි, හොරකං කලත් කමක් නෑ අරක මේක කලානෙ කියලා පස්සෙ නොකියා ඉන්න පුලුවන් විදිහට වැඩේ වෙයි කියලා විස්වාසයක් තියනවනං බය නැතුව දෙන්න
. කිසිම ප්‍රශ්ණයක් නෑ.. මොකෝ අපේ සල්ලි යැ.උඹලෑ පඩියනෙ.
- චමල් අකලංක පොල්වත්තගේ - FB

...Office ekee un noondi daanawa issara kadee giya ewata...