samarisi peramunata karadarayak

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,829
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    pessala/kasunala pau :(

    මොරටුව මොරටුමුල්ල ද මෙල් මාවතේ පවත්වාගෙන ගිය අන්තර්ජාලය හරහා සම්බන්ධ පිරිමි සමලිංගික සම්බාහන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුට ගත් බව ගල්කිස්ස
    කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.


    එම සැකකරුවන් දෙදෙනා සමඟ නමක් සඳහන් නොවන ආලේපන වර්ග විශාල ප්‍රමාණයක්, ශරීර උත්තේජනය සඳහා ලබා ගත්තා පෙති, උපත් පාලන කොපු, අඟපසඟ පෘෂ්ටිමත් බව පෙන්වීම සඳහා යොදා ගන්නා ශරිර උපකරණ රැසක් මෙන්ම එහි තිබූ විශේෂිත ඇඳන් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව වැටලීම සිදු කළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියක් ලබා තිබූ මෙම මධ්‍යස්ථානයට ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු උපාය දූතයකු ලෙස යොදවා ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළ බව පොලිසිය පවසයි.

    මොරටුමුල්ල ද මෙල් මාවතේ තෙමහල් ගොඩනැගිල්ලක, ඉහළ මාලයේ පවත්වාගෙන ගොස් ඇති මෙම සමලිංගික සම්බාහන මධ්‍යස්ථානය සඳහා මොරටුව නගර සභාවෙන් වෙළෙඳ බලපත්‍රයක් පවා නිකුත් කර තිබූ බව පොලිසිය කියයි. වැටලීම සිදුකරන අවස්ථාවේදී මෙහි අයිතිකරු නොසිටි බවද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නුවර සහ කළුඅග්ගල ප්‍රදේශවල පදිංචි අවුරුදු 21 හා 31 වයස් වල පසුවන්නන් බවත් පොලිසිය පවසයි. සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් සියලුම දේපළ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සදහා මොරටුව පොලිසිය වෙත භාර දී ඇත.


    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙක්නකෝන් මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නීල් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සමලිංගික විවාහ ගැන ආයතන මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් පසුගිය වසර කිහිපයේ ක්‍රියාත්මක උනා.

    එහෙව් එකේ මේ වගේ දේවල් නොතිබුනා නම් පුදුම වෙන්න තිබුනා.