Samatha gana prashnayak!

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    වීර්ය උපදවා ගැනීම ගැන අදහස කියන්න, පටන්ගත්තාම ඉවර කරනකන් ඉවසිල්ලක් නැතිකම, කම්මැලිකම, නිදිමත ඒම කියන ටීනමිද්ධය මහා කරදරයක් වගේම බාධාවක්. වීර්ය උපදවාගන්න උපදෙස් ඕනෑ.

    සමතය කරන අය විශේෂයෙන්ම සමතයේ ධ්‍යාන මට්ටම් ලබාගත් අය ඉන්නවා නම් උපදෙස් දෙන්න. හිත දරුණුවට දුවනවා. සමහරක් අවස්ථාවල රූප මැවෙනවා ඇස් පියාන ඉන්නකොට. සිත දෙපසකට බෙදිලා ආශ්වාසය දිගයි, ප්‍රාශ්වාසය දිගයි කියනා ගමන් වෙන දේත් කල්පනා වෙනවා.

    මම දැනට අදින්නේ දවසට විනාඩි විසි පහ. හොඳටම මදි බවත් දන්නවා ඒ කාලය.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබට පොඩි දෙයක් කියන්නද

    ඇස දෙක පියගත්තම හිතට විවිදාකාරයේ සිතුවිලි එනවනේ

    ඒ එකසිතුවිල්ලක් ගනින් හොඳ හෝ නරක

    දන් එක ගැන දීර්ග්ව හිතහං
    ඒ මාර්තුකව විතරයි වෙන ඒවාට ඇලෙන්න යන්න එපා
    ඒ ඔස්සේම දිගටම හිතහන්

    ඔහොම ඔහොම එක වෙලවකට එක දෙයක් ගැන හිත focus කරන්න පුරුදු වෙන්න

    කරලා බලහන් වැඩේ කොමද කියලා :cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඒ පේන දේවල් දිහා බලාගෙන ඉඳලා ඒවා ඉවර උනාම හිතින් අතහැරලා දාපන්. අපි හිතමුකෝ පාරේ යන වාහන පේනවා කියලා, කාර් එකක් යනවා පෙනුනොත්, ඒ කාර් එකේ පාට ගැන උබ හිතන්න එපා. වර්ගය ගැන හිතලා වද වෙන්නත් එපා. ඩ්‍රයිව් කරන්නෙ කවුද ගෑනියෙක්ද පිරිමියෙක්ද වගේ දේවල් ගැන අරමුනු ඔස්සේ හිතට දුවන්න නොදී, ඒ වෙන දේ බලන් හිටපන්. උබ හරියටම කරොත්, උබව වට්ටන්න වෙන වෙන දේවල් එනවා. උපදෙස් ගන්න කෙනෙක් හොයා ගනින්. නැතුව ඕවා කොරන්න බෑ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වීර්ය උපදවා ගැනීම ගැන අදහස කියන්න, පටන්ගත්තාම ඉවර කරනකන් ඉවසිල්ලක් නැතිකම, කම්මැලිකම, නිදිමත ඒම කියන ටීනමිද්ධය මහා කරදරයක් වගේම බාධාවක්. වීර්ය උපදවාගන්න උපදෙස් ඕනෑ.

    සමතය කරන අය විශේෂයෙන්ම සමතයේ ධ්‍යාන මට්ටම් ලබාගත් අය ඉන්නවා නම් උපදෙස් දෙන්න. හිත දරුණුවට දුවනවා. සමහරක් අවස්ථාවල රූප මැවෙනවා ඇස් පියාන ඉන්නකොට. සිත දෙපසකට බෙදිලා ආශ්වාසය දිගයි, ප්‍රාශ්වාසය දිගයි කියනා ගමන් වෙන දේත් කල්පනා වෙනවා.

    මම දැනට අදින්නේ දවසට විනාඩි විසි පහ. හොඳටම මදි බවත් දන්නවා ඒ කාලය.

    https://drive.google.com/drive/folders/0B3ODjyTyIyTiLU5scmlZaHNQQ2M