මෙරට සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ජනතාව ඉල්ලා සිටින්නේ නම් එය වැරදි යැයි කිව නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ති‍්‍රකුණාමල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
‘‘මෙරට සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ජනතාව ඉල්ලනවා නම් ඒක වැරදි කියන්න අපිට බෑ. මොකද දේශීය පරීක්ෂණ තිබුණට ඒවායෙන් වැඩක් වෙලා නෑ. උදාහරණයක් වශයෙන් ති‍්‍රකුණාමලයේ ශිෂ්‍යයින් 5 දෙනෙක් ඝාතනය වෙලා තිබුණා. ඒවා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණ කළාට තවමත් ඝාතකයන් අත්අඩංගුවට ගෙන නැහැ.’’
Hiru
