Samsung අලුත්_වැඩක

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    samsungsafetytruck.jpg

    Samsung සමාගම සුදානම් වෙනවා විශාල ට්‍රක් රථ වල පිටුපසට වීඩියෝ තිරයන් සවි කරන්නට. නමුත් එම තිර හරහා ට්‍රක් රථ වලට පිටුපසින් පැමිණෙන අයගේ ගමන් මහන්සිය මඟ හරවන්නට ගත් උත්සහයක් නම් නෙමෙයි මේ. ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමයි. මං තීරු දෙකක් සහිත මාර්ග වලදී බොහෝවිට රියදුරන් අපරික්ෂාකාරී ලෙස මෙවැනි විශාල ට්‍රක් රථ පසු කිරීමට උත්සහ කරනවා. එය අනතුරු වලට අත වනන්නක්. ඔවුන්ගේ මේ තාක්ෂණය මඟින් සිදු කරන්නේ රථයේ ඉදිරිපස සවි කල රැහැන් රහිත කැමරාවක් මඟින් ලබා ගන්නා දර්ශන, රථයෙහි පිටුපස සවි කර ඇති තිර 4 කින් යුක්ත display එකෙහි දර්ශනය කිරීමයි. මෙම display එකද නිෂ්පාදනය කරන්නේ Samsung සමාගමයි. ඒ මඟින් ට්‍රක් රථයේ පිටුපසින් පැමිණෙන රථයෙහි රියදුරුට අනෙක් පසින් පැමිණෙන රථ වාහන පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි අතර ට්‍රක් රථය පසු කරනවාද නැද්ද යන්න ඉතා පහසුවෙන් තීරණය කල හැක.


    ඉහත වීඩියෝවෙහි දැක්වෙන්නේ Samsung සමාගමේ මේ Safety Truck ප්‍රයෝගිකව යොදා ගැනීමක්. මෙය සිදු කර ඇත්තේ සාමාන්‍යයෙන් පැයකට වරක් රථ වාහන අනතුරකින් පුද්ගලයෙකු මිය යන ආර්ජන්ටිනාවෙහියි. මෙම අනතුරු වලින් බොහොමයකට හේතු වී ඇත්තේ අපරික්ෂාකාරීව වාහන පසු කිරීමට යාමයි. මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීමට පසුගිය කාලය පුරාවට විවිධ තාක්ෂණයන් ඉදිරිපත් වුනා. ඒ අතර self-driving වාහන සහ vehicle-to-vehicle තාක්ෂණය යොදා ගන්නා වාහන ප්‍රධාන වුනා. නමුත් ඒ කිසිවක් තවමත් ලොව පුරා බහුලව භාවිතා වන්නේ නැහැ. නමුත් Samsung සමාගම කැමරාවක්, තිරයක් යොදා ගනිමින් පවතින තාක්ෂණයන් උපයෝගී කර ගනිමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට සමත් වී තිබෙනවා.






    source:

    Tech-Guru-Logo.png
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    අපේ රටේ ඕක අනිවාර්ය කරන්න ඕනේ.ඔය ලොරි කාරයෝ පාරේ යන්නේ උගේ බුදලයක් කියලා හිතාගෙන
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටම ෆේමස් උනා නේද බන්
    උන්මනේ මුලින් මේ වගේ ආදහසක් ගෙනාවෙත් හැබැයි සාර්ථකයි පට්ටෙටම :P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113

    පට්ට මචන් :)

    good concept



    ado ela bn,
    podi deyakin loku wadak karala,


    පට්ට concept එකක් :cool:


    great idea....

    පට්ට මචන් :):P
    11.gif

    අපේ රටේ ඕක අනිවාර්ය කරන්න ඕනේ.ඔය ලොරි කාරයෝ පාරේ යන්නේ උගේ බුදලයක් කියලා හිතාගෙන




    මරුසිරා;18552835 said:

    පට්ටම ෆේමස් උනා නේද බන්
    උන්මනේ මුලින් මේ වගේ ආදහසක් ගෙනාවෙත් හැබැයි සාර්ථකයි පට්ටෙටම :P



    :cool::cool::cool::yes: