SAMSUNG APPLE ANIMOJI COPY කරාද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,240
    113
    2018 පෙබරවාරි 25 බාසිලෝනාවල පැවතිච්ච MWC 2018 එකේදී සැම්සුන් සමාගම විසින් එයාලගේ නවතම flagship devices දෙක – Galaxy S9 සහ S9+ announce කරා කියල කවුරුත්ම දන්නවා. Announcement එක ලයිව් බලපු අය වගේම විවිධාකාරයෙන් ඒ ගැන තොරතුරු හොයපු අය දැනටමත් දන්නව ඇති S9/S9+ එකේ ප්‍රධාන වශයෙන්ම කැමරාව ඉලක්ක කරල ලොකු වෙනස්කම් විශාල ප්‍රමාණයක් ඇතුලත් කරල තියෙනව කියන එක. මුලින්ම ගත්තොත් models දෙකටම variable aperture ඇතුලත් කරල තියෙනවා. ඒ වගේම S9+ එකේදී dual- camera setup එකක් ඇතුලත් වෙනවා.

    ar-emoji-isnt-a-copy-of-apples-animoji-says-samsung-mobile-chief-1.jpg

    ඊට අමතරව සැම්සුන් සමාගම ලබාදෙන අලුත්ම සිත් ඇදගන්නා සුලු feature එකක් තමයි AR Emoji. ඒකෙදී අපිට පුළුවන් front cam එක යූස් කරලා අපේ මූණ තත්පර කිහිපයක් scan කරලා virtual avatar එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ අලුත් feature එක සම්පූර්ණයෙන්ම වගේ සලකන්නේ තරඟකාරී Apple Inc.හි Animoji වල copy එකක් විදිහටයි. ඇත්තටම Samsung සමාගම මෙම අදහස තම විශාලතම වෙළඳපල තරඟකරුවාගෙන් සොරකම් කරගත්තාද? පිළිතුර කෙටියි, “නැත”.

    පිළිතුර විස්තරාත්මකව ගතහොත් ටිකක් සිත් ඇද ගන්නා සුලුයි. Samsung Mobile division president – DJ Koh ප්‍රකාශ කර සිටින්නේ, AR Emoji feature එක හඳුන්වා දෙන්න තමන්ගේ සමාගම අවුරුදු කිහිපයක සිට අදාල අත්හදාබැලීම් සහ පර්යේෂණ සිදු කල අතර, මෙය කිසිසේත්ම Apple Inc.හි Animoji අනුකරණය කරමින් කල නිර්මාණයක් නොවන බවයි.

    “Their (Apple’s) approach and my approach is totally different….. I do work seriously based off my own roadmap” – DJ Koh at MWC 2018.

    තව දුරටත් ඔහු පවසා සිටියේ, මෙම feature එක ගැන අදහස සහ අදාල පර්යේෂණ කටයුතු ආරම්භ කරන්නේ එක්සත් රාජධානියේ ඇති Samsung සමාගමේ Mobile research and development team එක මෙහෙයවන 2001 මුල් කාලයේදී බවත්, මෙය එක් දිනක මහන්සියක ප්‍රථිඵලයක් නොවන බවත්ය.

    Samsung AR Emoji සහ Apple Animoji සසඳා බැලීමේදී, AR Emojiය Animoji වලින් මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගනී. මඟින් ජංගම දුරකථන පරිශීලකයාගේ මුහුණ කිරීමෙන් පසු මඟින් එකක් නිර්මාණය කරන අතර එය ඔහුට GIF sticker ආකාරයට හෝ වීඩියෝවක් ආකාරයට ගබඩා කරගත හැක. පසුව එම එක ඕනෑම messaging app එකක් හරහා ඔබට ඕනෑම අයෙකුට යැවිය හැකි අතර ග්‍රාහකයාගේ ජංගම දුරකථනය කුමක් වුවත් ඔහුට එය නැරඹිය හැක. ඊට අමතරව ඔබ ඔබගේ පෙනුමට අකමැති නම් කෙටි swipe කිරීමකින් ඔබට ඔබගේ AR Emoji එක Unicorn හෝ Mickey Mouse බවට පත් කර භාවිතා කර හැක.

    Apple Inc.හි ගතහොත් එය ඔබට මකරෙකුගේ, වලසෙකුගේ සහ තවත් 3D emojis භාවිතාවට ඉඩ සලස්වයි. ඒවා මඟින් ඔබගේ මුහුණේ ප්‍රකාශන අභිරූපණය කර දැක්වීම (mimic) සහ ඔබගේ කටහඬ භාවිතා කර හැක. එමෙන්ම ඔබට මෙම feature එක භාවිතා කරමින් වීඩියෝ නිර්මාණය කර අන් අය සමග share කරගත හැක.

    කෙසේ වුවත් Apple Animoji තාක්ෂණික අතින් Samsung AR Emoji වලට ඉදිරියෙන් සිටින අතර එයට හේතුව වන්නේ iPhone Xහි ඇති TrueDepth sensor භාවිතාවයි. TrueDepth sensor භාවිතාව නිසා Apple Animoji, Samsung AR Emoji වලට වඩා නිරවද්‍යභාවයෙන් ඉහලින් සිටී.

    මීට අමතරව අනෙකුත් සමාගම්ද 3D avatars හඳුන්වා දීමට කටයුතු කරගෙන යන අතර මේ trend එකට අලුතෙන්ම එකතු වෙන සමාගම වෙන්නේ Asus සමාගමයි. MWC 2018දී announce කරපු ZenFone 5 (2018)ත් එක්ක Zenimoji ඇතුලත් කරල එවනව කියල Asus සමාගම ප්‍රකාශ කරල තියෙනවා. MWC 2018 බලපු අය දකින්න ඇති Zenimoji, Animoji වගේම වැඩකරනව කියන එක. ඊට අමතරව අපිට livestream හරහා Zenimoji අත්දකින්නද පුළුවන්.

    ඉදිරියේදී තවත් තවත් සමාගම් විසින් මේ feature එක හඳුන්වා දෙයි කියල තමයි මත පල වෙන්නේ.



     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොපි තමා බන්ස්... බෙන්ස්ලගේ ඉනොවෙටිව් ෆිචර්ස් කොපි කරල ඊලග අවුරුද්දට ටොයෝටා ගහනවා වගේ තමා..:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    කොපි තමා බන්ස්... බෙන්ස්ලගේ ඉනොවෙටිව් ෆිචර්ස් කොපි කරල ඊලග අවුරුද්දට ටොයෝටා ගහනවා වගේ තමා..:lol::lol:
    lol rep+++
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොපි තමා බන්ස්... බෙන්ස්ලගේ ඉනොවෙටිව් ෆිචර්ස් කොපි කරල ඊලග අවුරුද්දට ටොයෝටා ගහනවා වගේ තමා..:lol::lol:
    එහෙම නම් ගහන්නේ නැ බොරු කියන්න එපා.
    ලයිප්ලෝන් ටොයෝටා ෆෑන් කෙනෙක්