Samsung flexible display Tech secrets චීන්නු_අතට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Samsung flexible display Tech secrets චීන්නු_අතට

    Samsung සමාගමේ flexible display තාක්ෂණය චීන්නු අතට. එය ලබාගෙන ඇත්තේ Huawei සමාගමේ display නිෂ්පාදක කොන්ත්‍රාත්තු භාර BOE සමාගම යැයි සැක පහල වී ඇත.

    samsung-galaxy-x-katlanir-oled.jpg

    මේ වන විට ජංගම දුරකථන ලෝකයේ විවිධ පෙරලිකාර සොයාගැනීම් ගැන අසන්නට ලැබෙන කාලපරිච්ඡේදයක්. මෑත කාලයේ සිටම නවතම තාක්ෂණයන් භාවිතා කරමින් ද්විත්ව කැමැරා සහිත ජංගම දුරකථන, තිරයට යටට යෙදූ fingerprint scanner, ලෝකයේම පෙරළියක් ඇති කල Apple සමාගමේ FaceID තාක්ෂණය සහ තවහ් බොහොමයක් දේවල් මේ වෙන විට මේ ලෝකයට හඳුන්වා දී අවසානයි.මේ සමඟම මෑතකදී අපට අසන්නට ලැබුනේ, වසර ගණනාවක් පුරාවට එකම ආකාරයට පැමිණි ජංගම දුරකථන තිරයේ සිදුවීමට යන දැවැන්ත පෙරළියක් ගැන. මේ ගැන මුලින්ම අපට අසන්නට ලැබෙන්නේ Samsung ආයතනය විසිනි. ඒ නැමිය හැකි තිරයකින් යුතු ජංගම දුරකථන පිළිබඳවයි.මේ පිළිබඳ දැනටත් පර්යේෂණ කටයුතු කරගෙන යන Samsung සමාගම වෙතින් තමයි අපිට මේ පුවත අසන්නට ලැබෙන්නේ.

    තාක්ෂණික වෙළඳ පලේ වේවා වෙනත් වෙළඳ පලක වේවා මේ සියල්ලම පැවැත්වෙන්නේ ව්‍යාපාරික ලෝකයක් තුලයි. මේ ව්‍යාපර්‍රික ලෝකය තුල තරඟකරුවන් තමන්ගේ ව්‍යාපාරික තරඟකරුවාගේ නව සොයා ගැනීම්, නව තාක්ෂණයන් ගැන උකුසු ඇසින් බලාගෙන සිටින්නේ ඔවුන් ඊලඟට කුමන ආකාරයෙ පියවරක් ගන්නේද යන්න දැන ගැනීමටයි.මෙවැනි වාතාවරණයන් යටතේදී එම තොරතුරු රහසේ අත යටින් තමන් සතු කර ගැනීමට ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. මෙයට වඩාත්ම ප්‍රචලිත ක්‍රමය වන්නේ තම තරඟකරුවාගේ සමාගම තුල සිටින සේවකයෙකු ලවා රහස්‍ය තොරතුරු සහ ලියවිලි ලබා ගැනීමයි. මේ සඳහා ඔවුන් ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීමට සූදානම්ව සිටී.අද අපි කතා කරන්න යන්නේ ඒ ආකාරයට සිදු වූ නීතිවිරෝධී ගනුදෙනුවක් පිළිබඳවයි.වාර්තාවලට අනුව Samsung සමාගම විසින් තම ජංගම දුරකථන තිර නිෂ්පාදනය සඳහා කොන්ත්‍රාතුව භාර දී ඇති Toptec Co Ltd. හි ප්‍රධාන විධ්‍යක නිලධාරි වරයෙකු සහ තවත් සේවකයන් 8ක් ලෙස පුද්ගලයන් 9 දෙනෙකු විසින් Samsung සමාගමේ නැවිය හැකි OLED තිරවල තාක්ෂණය මුදලට චීන සමාගම් වෙත අමරිකානු ඩොලර් මිලියන 13.85කට විකුණා ඇත. නමුත් එය මිලදී ගත් සමාගම් මේ වන තුරුත් හෙලිවී නැහැ.

    මෙම සිද්ධිය අනාවරණය වීමෙන් පසුව Toptec සමාගම විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම සමාගම විසින් මෙම තාක්ෂණය චීන සමාගමකට කිසිසේත්ම ලබා නොදුන් බවත්, සත්‍ය අනාවරණය කරගැනීමට අධිකරණය වෙත සහ නීතිමය ක්‍රියාමාර්ගයන් වෙත ඔවුන්ගේ උපරිම සහය ලබා දෙන බවත් ය. කෙසේ වුවත් මෙම සිද්ධිය හමුවේ Toptec සමාගමේ කොටසක මිල 20% පමණ පහත වැටී ඇත.

    මෙම නැවිය හැකි දුරකථන වල සටන මේ වන විට ප්‍රකාශයට පත් කර ඇතත් එය 2019 වසරේදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ Samsung සමාගම සහ Huawei සමාගම අතර බව නොරහසකි, මන්ද විවාදයකින් තොරව මේ වන විට වෙලඳ පලේ ප්‍රධාන තරඟ කරුවන් වන්නේ ඔවුන් දෙපල බැවිනි. Samsung සමාගම තම තිර තමන් විසින්ම නිෂ්පාදනයේ යෙදී සිටින අතර Huawei විසින් තම තිර නිෂ්පාදනය BOE නම් චීන නිෂ්පාදකයෙකු හරහා සිදු කරගනී. Samsung සමාගමේ මෙම රහස්‍ය තොරතුරු ගියේ එම සමාගමටද යන්න ප්‍රශ්නයක්ව ප්වතී.

    කෙසේ හෝ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග වලින් එය ලබාදුන්නේ කාහටද යන්න හෙලිවනු ඇත. යම් හෙයකින් මෙම සිද්ධිය සත්‍ය නම්, ඩොලර් මිලියන 13.85ක් වටිනා මෙම තොරතුරු සහ තාක්ෂණය ලබා ගත් සමාගම හෝ සමාගම් විසින් ඉදිරියේදී විශාල පිම්මක් තබනු ඇත.

    source

    2
     
    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    flexible display godak issara idanma microsoft eken research karan giya , samsung flexible display gena research karanna gaththe dan awrudu 3 wage idan , Huawei eken technology eka gaththa num patta , samsung eka dan ambanata baya wela inne USA market share ekak nethuwa Huawei world 2nd place wechcha ekata.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977

    hamowama copy karala yantham deka welaa.habayi ithin karma is a bitch lu ne.:rofl:

    yiIYpgc.png
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Hiawei mata penna ba. indian actress la daala ape moda kukullu alla gaththata okunge phone patta slow. Kethama software eka. Anith eka thamai display errors. Speed phone ekak jeewitheta allala nathi untama hondai
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    Hiawei mata penna ba. indian actress la daala ape moda kukullu alla gaththata okunge phone patta slow. Kethama software eka. Anith eka thamai display errors. Speed phone ekak jeewitheta allala nathi untama hondai

    :yes:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Hiawei mata penna ba. indian actress la daala ape moda kukullu alla gaththata okunge phone patta slow. Kethama software eka. Anith eka thamai display errors. Speed phone ekak jeewitheta allala nathi untama hondai

    මට උන්ගේ කියන්න තියෙන එකම හොදේ උන්ගෙ ඩොන්ගල් ටික බං. ඒකාලෙ පාවිච්චි කරපු ඒවා තාම වැඩ.
    :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland

    ade same here. ape un hukawe hodai kiyanne ai kiyala thama hitha ganna ba. unge phone galawala balala thinawa mama build quality eka anith china phone wala wagemai wenasak ne. durability eka na. kalayak yaddi eka eka leda enawa hardware wala. software ekath patta cha. unge ui eka henama primary. ekai godak lankawe wage unta set wenne. ui ekata animation dala skin dala rawatimak thinne.

    display errors enne man hithanne un display unusual widihata brightness wadi karala thinne. durable na. show eka witharai.

    oppo anith eka. lamaka tin tin lata hodai.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    EMINƎM;23975269 said:
    මට උන්ගේ කියන්න තියෙන එකම හොදේ උන්ගෙ ඩොන්ගල් ටික බං. ඒකාලෙ පාවිච්චි කරපු ඒවා තාම වැඩ.
    :lol::lol:

    dongle hadapu un phone hadanna gattama ohoma wenawa :lol: