Samsung Galaxy Note 8 ගැන_සිංහලෙන්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    Samsung Galaxy Note 8 ගැන_සිංහලෙන්

    නීට් එකට වැඩ කරදෙන Samsung Galaxy Note 8 දුරකථනය

    Samsung සමාගමේ Galaxy Note දුරකථන පරම්පරාවේ නවතම Note 8 ස්මාර්ට් දුරකථනය 2017 අගෝස්තු මාසයේ දී එළිදක්වනු ලැබුවා. Samsung Electronics සමාගම අද වනවිට රූපවාහිනී සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික් උපාංග විශාල පරාසයකින් නිපදවන ප්‍රධාන ආයතනයක් බවට පත්ව තිබෙනවා. ඔවුන් 2009 වර්ෂයේ දී තම ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයත් 2010 දී ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් එකත් නිපදවනු ලැබුවා. මේ වන විට ඔවුන් android මත පද පදනම් වූ Tizen OS නමැති මෙහෙයුම් පද්ධතිය තම දුරකථනවල සහ ස්මාර්ට් ඔරලෝසුවල භාවිතා කරනවා.

    Note 8හි තිරය



    samsung-galaxy-note-8_1501761098.jpg


    S8 දුරකථනය සමඟ හඳුන්වා දුන් Infinite display නමැති මුළු දුරකථනයේ ම පැතිරී ගිය තිරය නිසා මෙතෙක් Samsung සමාගමේ ආවේණික ලක්ෂණයක් බඳුවූ home key එක දැන් note පෙළෙන් ද ඉවත් කර තිබෙනවා. මේ නිසා වැඩ කටයුතු කිරීම සඳහා වඩාත් පුළුල් පරාසයක් ලැබී තිබෙන අතර අද වන විට දක්නට ලැබෙන තිර අතරින් ඉතාම විශාල ප්‍රමාණයේ සහ ඉහළ ගුණාත්මක භාවයකින් යුත් තිරයක් note 8 දුරකථනය සමඟ පාරිභෝගිකයන්ට ලැබෙනවා. මෙහි තිර ප්‍රමාණය අඟල් 6.3ක් සහ තිර විභේදනය (resolution) පික්සල 1440×2960ක් වෙනවා.

    Note 7ට වඩා සෙන්ටිමීටරයක් පමණ උසින් යුත් මෙම දුරකථනය අතේ තබා ගැනීම මදක් අපහසු බවක් දැනුණත් මේවා ෆැබ්ලට් හෙවත් ටැබ් සහ ෆෝන් අතර ප්‍රමාණයකට අයත් වන නිසා එය සාධාරණීකරණය වෙනවා. තිරය කොටස් දෙකකට බෙදා ගනිමින් එකවර ඇප්ස් දෙකක් භාවිත කිරීමට ඇති හැකියාව සහ ලැයිස්තු සහිත තිර දසුන් ඕනෑවට වඩා ස්ක්‍රෝල් නොකර පහසුවෙන් බලා ගැනීමේ හැකියාව නිසා එකවර කටයුතු කිහිපයක් කර ගැනීමේ හැකියාවත්, ඉන් භාවිතයේ පහසුවත් ඉතා හොඳින් සලසා තිබෙනවා. මෙසේ එකවර විවෘත කරන ඇප්ස් සේව් කරගත හැකි අතර ඉන්පසු එක ටැප් එකකින් ඇප්ස් දෙක ම එකවර විවෘත කරගන්නට ද දැන් පුළුවන්.

    S Pen‍

    2-1-701x394.jpg

    Note 7 දුරකථනයේ මෙන් ම පීඩන සංවේදන මට්ටම් 4096 සහිත මෙම නව දුරකථනය මත මිලි මීටර් 0.7ක තුඩක් ඇති S Pen එක, එහෙමත් නැත්නම් Samsung සමාගමේ ස්ටයිලස් එක දස්කම් රැසක් දක්වනවා. මේ සමග අලුතෙන් හඳුන්වා දී ඇති තිරය අගුළු ලා ඇති අවස්ථාවේදී වුවත් S පෙන් එක එළියට අරගෙන සටහන් තියන්න පුළුවන් ක්‍රමවේදය සිත්ගන්නා සුළුයි. ඒ වගේම S Pen එක හරහා තෝරාදෙනු ලබන වාක්‍ය ඛණ්ඩයක් භාෂා තිහක් දක්වා සැණෙකින් පරිවර්තනය කර දෙන්නටද මෙම දුරකථනය සමත් වෙනවා.

    අලුතින් හඳුන්වා දී ඇති Live massage විශේෂාංගය හරහා ඔබ S Pen එකෙන් සටහන් කරන ලද පණිවිඩයක් වෙනත් අයකුට යැවූ විට එය GIF ගොනුවක් ආකාරයෙන් යැවෙන අතර ලබන්නාට ඔබ එම පණිවිඩය ලියූ කළ ආකාරය චලන රූපයක් වශයෙන් දැකගන්නට පුළුවන්. ඊට විවිධ animation effects එක්කර ඇති නිසා ඒකාකාරී පණිවුඩ යැවීමේ ක්‍රමය වෙනුවට නවමු ආකාරයෙන් අදහස් ඉදිරිපත් කරන්නට දැන් හැකියාව තිබෙනවා.

    කැමරා(ව)

    3-1-701x394.jpg


    පරණ පුරුද්දට මෙතෙක් කල් දුරකථනවල විස්තර ලියද්දී “කැමරාව” කියලා මාතෘකාව තිබ්බත් දැන් අලුතින් එන හැම එකක ම පාහේ කැමරා දෙක බැගින් තමයි තිබෙන නිසා අලුත් විදියට හැඩගැහෙන්න සිද්ධ වෙලා තිබෙනවා. තනි කැමරාවකට වඩා කැමරා දෙකක් යෙදීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ඇස් දෙක ක්‍රියාත්මක වන ආකාරයටම ත්‍රිමාණමය දර්ශනයක් ලබා ගනිමින් ඡායාරූපයේ ගැඹුර තීරණය කොට focus කිරීම් නිසියාකාරව සිදුකර ගැනීමයි. Samsung සමාගමේ ප්‍රථම කැමරා දෙකක් සහිත දුරකථනය බවට පත්වන Note 8 දුරකථනය පසුපස තිබෙන 12MP කැමරා දෙකෙන් එකක්, Telephoto ආකාරයේ එකක්. ඒ කියන්නේ, ඡායාරූපකරණයේදී භාවිත වන භෞතිකව දිගින් වැඩි නමුත් නාභිදුර අඩු, දිගුදුර නාභිගත කිරීමේ (long-focus) කාචයක් සහිත එකක්. හැබැයි, S6 වැනි දුරකථනවල දකින්නට ලැබුණු කැමරාව පිටතට නෙරා පැමිණීම මෙහි දකින්නට නැහැ. පසුපස ඒකාකාරීව පැතලි වුණත් දෙගුණයක optical zooming හැකියාවක් තිබෙනවා.

    මෙම කැමරා දෙකේම OIS තිබෙන නිසා ඡායාරූප ගැනීමේදී අත හෙල්ලුණාට ඒවා බොඳ වී නොයන අතර අඩ අඳුරේ දී පමණක් නොව රාත්‍රී කාලයේදී ද ඡායාරූපවල හොඳ ආලෝක තත්ත්වයන් පවත්වා ගන්නටද මේවා සමත් වෙනවා. Live focus තාක්ෂණය නිසා ඡායාරූපය ගැනීමට ප්‍රථම ඔබට බාහිර පරිසරය බොඳ කරමින් ළඟ ඇති වස්තූන් වෙත Focus විය යුතු ද යන්න DSLR කැමරාවක වගේ අපූරුවට හදාගන්න පුළුවන්. Dual Capture පහසුකම නිසා පසුපස ඇති කැමරා දෙකෙන් වෙන වෙන් ම ඡායාරූප දෙකක් එකවර ගන්න පුළුවන්. එවිට ඉන් එකකින් ඔබට අවශ්‍ය කොටසක් පමණක් ගැනෙන අතර අනෙක් කැමරාවෙන් අවට පරිසරයේ පුළුල් දසුනක් ලබා ගැනෙනවා. මේ නිසා කිසිම මොහොතක් ඔබේ කැමරා ඇසෙන් මඟ හැරෙන්නේ නැහැ. Slow motion වීඩියෝ කරන්නටත් Note8 හරිම සමතෙක් බව පහත වීඩියෝවෙන් ඔබට දැකගත හැකියි.




    අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය

    ගිගාබයිට් 6ක රැම් ධාරිතාවයක්, Mali-G71 GPU එකක් සහ Octa Core ප්‍රොසෙසරයක් (Core 4ක් 2.3 GHz සහ අනෙක් හතර 1.7 GHz) සහිත Note 8 දුරකථනය ගූග්ල් සමාගම මෑතකදී හඳුන්වාදුන් ග්‍රැෆික් processing ඉහළ නංවන ලද Vulkan API එක සහිත මෙය පරිගණක ක්‍රීඩා සඳහා හොඳ ජවයකින් යුතු දුරකථනයක්. ඒ වගේ ම ඇප්ස් වැඩි ගණනක් සමඟ ක්‍රියා කිරීමේ හැකියාව ද ඒ සමඟ ලැබෙන අතර චිත්‍රපට නැරඹීම සඳහා ද තිරයේ විශාලත්වය සහ ග්‍රැෆික් සැකසුම් හැකියාවන් වඩාත් උචිත වෙනවා. අභ්‍යන්තර ධාරිතාවන් 64, 128, 256 GB ලෙස ලබාගත හැකි අතර මතකපතක් (memory card) ද දැමිය හැකි නිසා ඊට සීමා විය යුතු නැහැ. සිම්පත් දෙකක් සහිත මාදිලියේ නම් දෙවැනි සිම්පත වෙනුවට තමයි මතකපත යොදන්නට සිදුවන්නේ.

    4-1-701x518.jpg


    Gigabit LTE සහ Gigabit Wi-Fi නිසා අන්තර්ජාල සබඳතා වේගය තත්පරයට ගිගාබයිට් 1ක් තරම් වෙනවා. අවාසනාවට සේවා සපයන්නන් එතරම් වේගයක් නොදුන්නත් මේ දුරකථනය නම් ඕන එකකට ඔට්ටුයි වගේ ම ලැබෙන වේගයේ උපරිම ප්‍රයෝජනය ගන්නට සමර්ථයෙක්. IP68 හෙවත් දූවිලි ඇතුළු නොවන සහ පිරිසිදු ජලය මීටර් 1.5ක් විනාඩි 30ක් දක්වා කාන්දු නොවන ආකාරයේ නිමැවුමක් ඇති මෙය රැහැන් රහිත ආරෝපණය සහ ඇසේ තාරා මණ්ඩලය ස්කෑන් කිරීමෙන් අගුළු හැරීමේ හැකියාව ද තිබෙනවා. ඒ වගේ ම මෙතෙක් කල් තිබුණු හෝම් යතුර ඉවත් කර තිබුණත් ඉස්සර එ් මත තිබුණු ඇඟිලි සලකුණු ස්පර්ශකය තවමත් තිබෙනවා. ඒ පසුපස කැමරාවට දකුණු පැත්තේ කොටසක යි. ඉතින් ඇඟිලි සලකුණු සහ තාරා මණ්ඩල පරිලෝකන සහ මුහුණ හඳුනාගැනීමේ හැකියාවන්ගෙන් පරිපූර්ණ Note 8 සතුව ඉහළ ආරක්ෂණ මට්ටමක් තිබෙනවා.


    5-1-701x701.jpg


    මෙතෙක් දුරකථනය සමඟ සැම්සුන්ග් සමාගම විසින් ම නිෂ්පාදිත හෙඩ්සෙට් එකක් ලැබුණත් මෙය සමඟ AKG සමාගමේ නම යෙදූ ඉහළ ගණයේ හෙඩ්සෙට් එකක් ලැබෙන නිසා ගීත ශ්‍රවණය කිරීම ඉහළ ගුණාත්මකභාවයකින් රස විඳින්නට පුළුවන්කම ලැබෙනවා. සැම්සන්ග් සමාගම Note 7 සමඟ හඳුන්වාදුන් ‘දුරකථනය පරිගණකයක් ලෙස භාවිත කිරීම’ (Samsung DeX) ද මෙම දුරකථනය සමඟ තිබෙනවා. ඒ කියන්නේ ඊට අදාළ dock උපාංගය සහ මොනිටරයක් පමණක් තිබෙනවා කියන්නේ Note 8 එකත් එක්ක ඔබට නිතැතින් ම Chromebook ආකාරයේ පරිගණකයක් ළඟ තිබුණා වගේ යි.







    source:
    Roar.lk
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ
    Mata hithenawa bn Note 8 eka fail device ekak kiyala
    Samsung la S9 eka ikmamata release karanna me yanne
    January wage S9 eka daana rumor ekak yanawa
    Apple 8 ekata competition ekak denna Note 8 ekata ba kiyala hithenawa
    S8 eka gamak dei price range eka pattenuth :)
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Mata hithenawa bn Note 8 eka fail device ekak kiyala
    Samsung la S9 eka ikmamata release karanna me yanne
    January wage S9 eka daana rumor ekak yanawa
    Apple 8 ekata competition ekak denna Note 8 ekata ba kiyala hithenawa
    S8 eka gamak dei price range eka pattenuth :)

    ඒ මොකෝ?ගිය පාර එක පුපුරපු නිසාද?:confused:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ
    ඒ මොකෝ?ගිය පාර එක පුපුරපු නිසාද?:confused:

    පුපුරපු නිසා නෙමෙයි බන්
    USD 930ක් දීල ගන්න තරම් ඔකේ දෙයක් නැති නිසා
    S8 එකට ලොකු discount යනවා බන්
    USD 600-650 වගේ,ඉතින් USD 300ක් වැඩිපුර දීල ඕක ගන්න ඉතින් අනේ මන්ද
    youtubers ලා උනත් කියනව ඕක


    ISHEEP detected :frown:

    පිස්සුද බන්,මම die hard sammy fan කෙනෙක්.S8 එකක් තමයි පැතුම :P
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Mata hithenawa bn Note 8 eka fail device ekak kiyala
    Samsung la S9 eka ikmamata release karanna me yanne
    January wage S9 eka daana rumor ekak yanawa
    Apple 8 ekata competition ekak denna Note 8 ekata ba kiyala hithenawa
    S8 eka gamak dei price range eka pattenuth :)

    Note and S series of Samsung serves different purposes dumbass. You cant compare them.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Mata hithenawa bn Note 8 eka fail device ekak kiyala
    Samsung la S9 eka ikmamata release karanna me yanne
    January wage S9 eka daana rumor ekak yanawa
    Apple 8 ekata competition ekak denna Note 8 ekata ba kiyala hithenawa
    S8 eka gamak dei price range eka pattenuth :)

    :lol: apple 8 ekata wada charging speed, battery life, cam okkoma hodai note 8 eke