samsung hacks

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    aththada ban me.:angry::angry:

    සිය නැතිවූ ජංගම දුරකථනය ලොක් කිරීම හා එය සෙයාගැනීමට අවකාශ සැලසීම සඳහා සැම්සුන් විසින් හඳුන්වා දී ඇති ෆයින්ඞ් මයි මොබයිල් සේවාවේ ඇති දෝෂයක් හේතුවෙන් ජංගම දුරකථන හැකරුන්ට අවකාශ සැලසී ඇතැයි හෙළිවී තිබේ.

    ඊජිප්තු ජාතික ආරක්‍ෂක පර්යේෂකයකු වන මොහොමඞ් බෙසෙට් විසින් මෙම දෝෂය අනාවරණය කර ඇති අතර පරිඝනකයක් භාවිතයෙන් සැම්සුන් සේවාව හරහා වෙනත් ජංගම දුරකථනයකට ඇතුළු වීමට ඔහු සමත්ව තිබේ.

    එම දුරකථනයට ඇතුළු වූ ඔහු එහි පිළිගැනීමේ සටහන වෙනස් කරමින් දෝෂය පිළිබඳ සැම්සුන් සමාගමට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    මේ හරහා ජංගම දුරකථනයකට ඇතුළු වන සොරකුට එහි රහස් කේතය වෙනස් කර දුරකථන හිමිකරුවාට එය භාවිතා කිරීම වැළැක්විය හැකි බව පැවසේ.

    සැම්සුන් සමාගම පවසා ඇත්තේ සිය සේවාවේ ගැටළුව ඔක්තෝබර් 13වනදා නිකුත් කළ යාවත්කාලීන කිරීමක් හරහා විසª බවයි.

    නමුත් මොහොමඞ් බෙසෙට්ගේ වීඩියෝ සාක්ෂිය යූටියුබ්හි පළ කර ඇත්තේ ඔක්තෝබර් 27දා වන අතර පරීක්‍ෂණයට ලක්කළ දුරකථනය අදාළ යාවත්කාලීන කිරීම බාගත කර ඇතිද යන්න එහි දක්වා නොමැත.

    පාරිභෝගිකයින් සැම්සුන් යාවත්කාලීන කිරීම් නිසි පරිදි සිදුකරන්නේද යන්න පිළිබඳවද විශ්වාසය තැබිය නොහැකි බව විචාරක අදහසයි.

    ෆයින්ඞ් මයි මොබයිල් සේවාව ක‍්‍රියාකාරී කර ඇති ඕනෑම ස්මාට්ෆෝනයක් මෙම අනතුරට මුහුණදෙන බව පැවසේ.