සැම්සුන් තව නඩුවක පැටලෙයි
ලොව පැතලි රූපවාහිනී තිර නිෂ්පාදකයන් දෙදෙනෙකු වන දකුණු කොරියාවේ එල් ජී හා සැම්සුන් සමාගම් දෙක නීතිමය සටනක පැටලී ඇතැයි වාර්තා වේ.
සිය පේටන්ට් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැම්සුන් සමාගමට එරෙහිව නඩු පවරන බව එල් ජී සමාගමේ එල් ජි ඩිස්ප්ලේ අනුසමාගම නිවේදනය කර ඇත.
සැම්සුන් විසින් ගැලැක්සි 7.7 ටැබ්ලට් පරිඝණකය හා ගැලැක්සි එස් සීරීස් ස්මාර්ට්ෆෝන් ඇතුළු නිස්පාදන 05ක් මගින් එල් ජි සමාගමේ organic light-emitting diode (OLED) තාක්ෂණය සම්බන්ධ පේටන්ට් 07ක් උල්ලංඝනය කර ඇති බව එල් ජි ඩිස්ප්ලේ චෝදනා කර සිටියි.
මෙම නිෂ්පාදන අලෙවි කිරිම වළක්වන තහනම් නියෝගයක් පනවන ලෙසත්, සිදුවූ හානි වෙනුවෙන් වන්දි ද මෙම නඩුවෙන් ඉල්ලා සිටින බව එල් ජි ඩිස්ප්ලේ වැඩිදුරටත් පවසයි.
OLED තාක්ෂණය සොරාගත් බවට සැම්සුන් සමාගම විසින් මීට කලින් එල් ජී සමාගමටද චෝදනා කගා තිබුණි.
මීට අමතරව, පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැම්සුන්, ඇපල් සමාගම සමගද දීර්ඝ නීතිමය ගැටුමක පැටලී සිටියි.

Kattiyatama ridila unge products ganne nathi hinda dan.