Samsung leader faces arrest in South Korea

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,792
    9,497
    113
    සැම්සුන් අධිපති පොලිස් අත්අඩංගුවට

    3500.jpg


    ලෝක ප්‍රකට දකුණු කොරියානු සැම්සුන් සමාගමේ අධිපති හා සමූහ ප්‍රධානී ජෙයි වයි. ලී අල්ලස් සිද්ධියක් නිසා අද පොලිස් අත්අඩංගුවට පත්වූ බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
    දකුණු කොරියාවේ ජනපති පාර්ක් ග්වෙන් හුයිගේ සමීපතමයෙකු බව කියන චොයි සුන් සීල් නමැත්තාට ඩොලර් මිලියන 36.42 කට සමාන මුදලක් අල්ලස් ලෙස ලබාදී තිබීම තහවුරුවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට පත්විය.

    පැය 21 ක පමණ තිස්සේ
    පොලිසියේ ප්‍රශ්න කිරීම් වලින් පසුව ඔහු එම මුදල් ලබාදුන් බව පිළිගෙන තිබීම නිසා අත්අඩංගුවට පත්වූ බව වාර්තාවේ.
    දකුණු කොරියානු විශ්‍රාම වැටුප් අරමුලින් සැම්සුන් සමාගමේ ආයෝජනය සඳහා මුදල් ලබැගැනීමට කිසියම් නීතිමය අවසරයක් ලබාගැනීමේ අටියෙන් මෙම විශාල මුදල ජෙයි වයි. ලී ජනපති හිතවතාට අල්ලස් වශයෙන් ලබාදී ඇත්තේ ඉදිරියේදී ඊට විශාල ලාභයක් ලබාගැන්මේ අටියෙනි.

    මෙම අයථා ගනුදෙනුව ගැන පසුගියදා එරට පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණයවීමෙන් පසු පොලිස් පරීක්ෂණ ඇරඹී අතර සැම්සුන් සමාගමේ සමූහ ප්‍රධානී ජෙයි වයි. ලී ගෙන්ද ප්‍රශ්න කරන ලදි.

    දැනට ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකථන ව්‍යාපාරයේ ඉහළම ආදායම ලබන්නේ සැම්සුන් සමාගමයි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මැරුනම සල්ලි අරන් යන්නද මෙච්චර එකතු කරලා
    බිල් ගේට්ස්ට දවසකට ලක්ෂ ගානක් පාඩු උනත් සතේට හිදෙන්නත් අවුරුදු ගානක් යනවලු
    එහෙව් එකේ අපිට වින්ඩෝස් නිකන් දීපල්ලකෝ
    :angry::angry::angry::angry: