Samuels ෂේන්_වොර්න්ට කණේ පාරක්
2016 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී තරගයේ වීරයා වූයේ කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල්. තරගයේ වීරයා සම්මානය අතට ගත්ත මාලන් සැමුවෙල් හිතේ තිබ්බ ලොකු තරහක් පිට කළා.
මේ පිළිබඳව අද වන විට විදෙස් මාධ්‍ය දැඩි අවධානයක් යොමු කරමින් වාර්තා කර තිබෙනවා.
තරගයේ වීරයා සම්මානය අතට ගත් මාලන් සැමුවෙල් “මේ කුසලානය ශේන් වෝන්ට” දෙනවා කියා සඳහන් කළා.
සැමුවෙල් එවැනි ප්‍රකාශයක් කිරීමට හේතුව ශේන් වෝන් සමග කලකට ඉස්සර හටගත් තරහවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
2013 දී ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි විස්ස බිග් බෑෂ් තරගාවලියේදී ශේන් වෝන් ඉතාමත් පහත් ආකාරයට මාලන් සැමුවෙල් සමඟ ගැටීමක් ඇති කර ගත්තා. ඔහු සමුවෙල්ට පන්දුවෙන්ද පහර දුන්නෙ අතපසුවීමකින් සිදුවූවක් ලෙස හුවා දක්වමින්. ඇතැම් විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ ශේන් වෝන පරුෂ වචනයෙන්ද මෙහිදී බැන වැදී ඇති බවයි.
මේ සිද්ධිය එතනින් නැවතුනත් පසුව මාලන් සැමුවෙල් ක්‍රීඩා කරන බොහෝ තරඟවල ඔහුගේ ක්‍රීඩා විලාශය ශේන් වෝන් දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්වමින් සිටියා.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ කොදෙව්වන් ඉන්දියාව සමඟ පැවති තරගයේදී සැමුවෙල් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දි එම අවස්ථාවේ විස්තර විචාරය කරමින් සිටි ශේන් වෝන් ඔහුව ඉතා දුර්වල ක්‍රීඩකයෙක් ලෙස හැඳින්වුවා.
අවස්ථාව එනතෙක් බලා සිටි සැමුවෙල් හැමදේකටම උත්තර දෙන්න ඊයේ දවස තෝරා ගත්තා. ඒ ඔහු තරගයේ වීරයා වෙමින්. තරඟයේ වීරයා වෙමින් ලබා ගත් කුසලානය ශේන් වෝන් වෙනුවෙන් ලබා දෙන බව පවසමින් සැමුවෙල් ප්‍රසිද්ධියේ ශේන් වෝන්ට කණට පහරක් එල්ල කළ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.ඒ වගේම සැමුවෙල් ගත්ත ඒ සම්මානය හැමෝටම පෙන්න පොළොවේ ගැහුවෙත් ශේන් වෝන්ව පීඩාවකට ලක් කරමින් බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
(වීඩියෝව පහතින් දැක්වෙයි)

Last edited: