Saniro Dream Paradise Naiwala - මව මරුට - දියණියට තුවාල

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    Saniro Dream Paradise Naiwala - මව මරුට - දියණියට තුවාල

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    ඔන්චිල්ලාවෙන් වැටුණු දැරිය මියයයි
    වේයන්ගොඩ ළමා උද්‍යානයකදී ඔන්චිල්ලාව කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරිය මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.


    මෙසේ මිය ගොස් ඇත්තේ රශ්මි අරලිය නැමැති 13 හැවිරිදි දැරියකි.


    ඊයේ (04) සවස වේයන්ගොඩ ළමා උද්‍යානයකදී මව සමඟ ඔන්චිල්ලා පදිමින් සිටියදී ඔන්චිල්ලාව කඩා වැටීමෙන් එම දැරිය බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කළ අතර ඇගේ මව දිස්නා ජානකි (47) ඊයේ මිය ගියාය.


    මෙම සිදුවීම සම්බන්ධයෙන් ළමා උද්‍යානයේ කලමනාකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    වේයන්ගොඩ ළමා උද්‍යානය තාවකාලිකව තහනම්
    ( ආනන්ද ඊ ජයකොඩි)


    ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් දහතුන් හැවිරිදි දැරියක සහ ඇගේ මව මිය ගිය සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානය තාවකාලිකව තහනම් කිරීමට අත්තනගල්ල මහෙස්ත්‍රාත් අශෝකා පතිරණ මහත්මිය නියෝග කළාය.


    සිද්ධිය වු ස්ථානයට ගිය මහෙස්ත්‍රාත්වරිය එහි මුලික පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළාය.


    සිද්ධියට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය වේයන්ගොඩ පොලීසියට නියෝග කළාය.

    ඊයේ (04) සවස මෙම අනතුර සිදු වී මව රෝහලට ඇතුළත් කිරිමේදී මිය ගිය අතර දියණිය අද (05) මිය ගියාය.


    - http://www.lankadeepa.lk/news/ඔන්චිල්ලාවෙන්-වැටුණු-දැරිය-මියයයි/101-545155
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    Very sad.. There's no concern for safety standards or routine inspections to detect possible stress failures. All these places only worry about their revenue.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    විනෝදය වෙනුවට මරණය ගෙනා මාරපොළ මාරක උයන

    සිද්ධිය වුණු ගමන් යන්ත්‍ර ක්‍රියාකරු පැනලා දුවලා
    මීට ටික දිනකට පෙර දරුවකු පිහිනුම් තටාකයේ ගිලී මැරිලා
    උඩු අතට වැටුණු මවගේ හිසේ අනෙක් බක්කියේ වැදිලා
    ඇම්බියුලන්ස් එක පණගන්වන්න විනාඩි 20ක් ගිහින්


    pg-16--1.jpg


    ගම්පහ දිවුලපිටිය නගර යා කෙරෙන ප්‍රධාන මාර්ගයේ නයිවල මංසන්ධියට ආසන්නව ඉදි කර තිබෙන නිව් සනිරෝ ඩ්‍රීම් පැරඩයිස් විනෝද උයන දින කීපයක සිට වසා දමා ඇත. ඒ අධිකරණය මඟින් ලබාදුන් තාවකාලික තහනම් නියොගයක් හේතුවෙනි.

    එම ආයතනයේ හිමිකරු ඇතුළු සේවකයන් හය දෙනකු අත්තනගල්ල උසාවිය ලබාදුන් නියෝගයකට අනුව බන්ධනාගාර ගතකර ඇත. එයට හේතුව වන්නේ උද්‍යානයේ ක්‍රියාත්මක වෙමින් තිබූ විනෝද යානයක කොටසක් ගැලවී ඉවතට විසි වී යෑම නිසා එකම පවුලේ මවකට සහ දියණියකට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීමය.

    වෙනදා විශාල පිරිසක් ගැවසෙන එම උද්‍යානය අසලට අප යන මේ මොහොතේ එතැන පාළුවට ගොසිනි. වේගයෙන් කැරකෙන පැද්දෙන විවිධ මාදිලියේ විනෝද යානා ක්‍රියාත්මක නැත. වසා දමන ලද ගේට්ටුව අසල සිටින මුරකරු හැර වෙන දා දකින සේවකයන්ද දකින්නට සිටියේ නැත. විනෝද උද්‍යානයට ඇතුළු වීමට අපට නොහැකි වන්නේ ඉදිරි පරීක්ෂණ අවසන් වන තුරු ස්ථානයට සීල් තබා ඇති බැවිනි.

    මේ උද්‍යානය ගැන මිනිසුන් කතා කරන්නට පටන් ගෙන ඇත්තේ දැන්ය.

    “මේ අපරාධය වෙන්න කලින් මම නම් දන්න හැමෝටම කිව්වා ඔය පාර්ක් එකේ මෙරිගෝ රවුන්ඩ් එකකවත් යන්න එපා කියලා. මීට සති තුනකට විතර කලින් තමයි මං ඔය පාර්ක් එකේ කතුරු ඔන්චිල්ලාවට නැග්ගෙ පොඩි එකත් එක්ක. ඒක කරකවන්නෙ නවත්වන්නෙ අතින්. නිකමට උඩ බැලුවේ. යකඩ කොකු ගෙවිලා. කර කර සද්දෙ ඇඟ හිරිවැටෙනවා. තුනුරුවන් මතක් කරගෙන නවතිනකම් හිටියා. බැහැලා ඇවිත් මං එතැන හිටපු සේවකයන්ගෙන් ඇහුවා ඔයාලා මේවා මේන්ටේන් කරන්නෙ නැද්ද කියලා. එකෙක්වත් කතා කළේ නෑ..” එක්තරා මවක් අපට කීවාය. එහෙත් අවසානයේ දී සියල්ල නිමා වී ඇත්තේ ජීවිත දෙකක් බිලි ගනිමිනි.

    නිදහස් දිනය සැමරූ පෙබරවාරි මස හතර වන දා පෙරවරු එකොළහට පමණ වූ එම මාරාන්තික අනතුර සියැසින් දුටු කොටුගොඩ සියඹලාපිටියේ පදිංචි වසන්ත ගුණසේකර හමුවීමට ඔහුගේ නිවස සොයා ගියෙමු. එම අනතුර හේතුවෙන් මියගොස් සිටින වයස අවුරුදු 42ක් වන දිස්නා ජානකී ගංගොඩවිල වසන්තගේ බිරිඳය. උඩුගම්පළ සෙනරත් පරණවිතාන මහ විදුහලේ අට වන වසරේ අධ්‍යාපනය ලැබූ අරලිය රශ්මී ගුණසේකර ඔහුගේ දියණිය ය. ඒ මව සහ දියණිය නිවසේ මැද සාලයේ යළිත් කිසිදිනෙක අවදි නොවන අවසන් නින්දට පිවිස සිටිති. ඔහු අප හා කතා කරන්නේ තම ආදරණීය බිරිය සහ දියණිය එකම මොහොතක අවසන් ගමන් යන්නට සූදානම්ව සිටින අවාසනාවන්ත තත්පරයේය.

    ඒ දුක්බර සිදුවීම අසා දැනුවත්ව ලියා තබන්නට සූදානම් වන්නේ ඒ අසරණ මිනිසාගේ කඳුළුවලට අසාධාරණයක් කරන්නට නොවේ. සැමියකු ලෙස පියකු ලෙස වසන්ත ගුණසේකරට දරා ගැනීමට සිදුවූ මේ අවාසනාවන්ත තත්ත්වය තවත් කෙනෙකුට සිදු නොවිය යුතු නිසාය.

    “මම දුවලා දෙන්නයි බිරිඳයි එක්ක මාරපොළ ඩ්‍රීම් පැරඩයිස් එකට ඇතුළු වෙන්නෙ උදේ දහයයි හතලිස් පහට විතර. මම චූටි දුව වඩාගෙන බංකුවක් උඩ ඉඳගෙන හිටියා. අම්මයි දෙවෙනි දුවයි බූවල්ල කියන යන්ත්‍රයට නැග්ගා. ඒක පැයට කිලෝමීටර් හැටකට වැඩිය වේගෙන් කැරකෙනවා.

    ඒ දෙන්න රවුම් දෙකක් විතර කැරකුණා. එක පාරට ම දුවයි බිරිඳයි නැඟල හිටපු බක්කිය කඩාගෙන විසි වුණා. ඒ දෙන්නම වැටුණෙ උඩුබැලි අතට. මම දැක්ක දුව එතැන තිබුණ කොන්කී‍්‍රට් කණුවක වදිනවා.

    වේගෙන් කැරකෙන බක්කිවල බිරිඳගේ ඔළුව වදිනවා. මම කෑගැහුව මැෂිම නතර කරන්න කියලා. මේ සිද්දිය වෙච්චි ගමන්ම මැෂින් එක ස්ටාට් කරපු කෙනා බයවෙලා දිව්වා. සෑහෙන වේලාවක් ගියා මැෂිම නතර කරන්න.”

    වසන්ත පවසන ආකාරයට ආපදාවක් සිදු වන මොහෙතක ක්ෂණිකව යන්ත්‍රයක් නවතාගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුමක් හෝ නිවැරදි පුහුණුවක් ලබා තිබූ සේවකයෙකුවත් ඒ මොහොතේ සේවයේ යොදවා තිබී නැත. අධික වේගයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර විශාල ප්‍රමාණයක් මෙම විනෝද උයන තුළ දිනපතා ක්‍රියාත්මක වෙමින් තිබිණි. මෙහි සේවා සඳහා බඳවාගෙන සිටි යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ නිපුණතාව කොතෙක් දැයි මේ මොහොතේ හෝ සොයාබැලීම රට පුරා විසිරී තිබෙන මෙවන් අනාරක්ෂිත විනෝද කී‍්‍රඩා මඟින් විය හැකි අවාසනාවන්ත සිදුවීම් වළක්වාගැනීමට පිටිවහලක් වනු ඇත.

    “මගේ දුවයි නෝනයි නැඟලා හිටිය බක්කිය මැෂිමට සම්බන්ධ කරල තිබුණු යකඩෙ දිරලයි තිබිලා තියෙන්නෙ. ඊටත් වඩා සේෆ්ටි බෙල්ට් එකත් අන්තිම බාල එකක්. බක්කිය කඩාගෙන වැටුණට බෙල්ට් එක හරියට තිබුණ නම් මේ දෙන්න එළියට විසිවෙන්නෙ නෑ. ශක්තිමත් බෙල්ට් මේ මැෂින්වලට හයි කරලා තිබිල නෑනෙ. බක්කිය කඩාගෙන වැටුණට බෙල්ට් එක හයියට තිබුණ නම් මගෙ නෝනටයි දුවටයි මෙහෙම දෙයක් නොවෙන්න තිබුණා.”

    වසන්ත දීර්ඝ සුසුමක් හෙළා මොහොතක් නිහඬ විය. ඒ දුක්බර නිහඬතාව බිඳිමින් හඬ අවදි කළේ මළගෙදරට පැමිණ සිටි අසල්වැසියෙකි.

    “චීනෙ ජපානෙ වගේ රටවල්වල පාවිච්චි කරල ඉවර වෙලා කුණුගොඩට විසි කරන මැෂින් තමයි අපේ රටේ ගොඩක් අය උස්සගෙන එන්නෙ. මේව ආනයනය කරන්න අවසර තියෙනවා. පාවිච්චි කරන්න අවසර තියෙනවා. හොයලා බලලා පාවිච්චියට සුදුසුද කියලා ප්‍රමිතිගත කරන්න කෙනෙක් නෑ. ආයතනයක් නෑ. මිනිස්සුන්ට විනෝද වෙන්න තැන් තියෙන්න ඕනෑ. ඒ තැන් ලාබ හොයන්න බාල විදිහට ගොඩනඟන්න අවසර දීල බලාගෙන ඉන්න එක තමයි වැරැද්ද.

    මේ මරණ දෙක සිද්ධවෙන්න මාස කීපයකට ඉස්සර ඔය ආයතනේම පිහිනුම් තටාකයෙ ගිලිල පුංචි දරුවෙක් මිය යනවා. පිහිනුම් තටාකයක් කුඩා දරුවන්ට විවෘත කරනවා නම් ආරක්ෂාවට පුහුණුකරුවකු යොදවන්න ඕනැ. ආයතනයෙ නොසැලකිල්ල නිසා තමයි ඒ සිද්ධියත් වෙලා තියෙන්නෙ. ඒ මරණෙ උණුසුම යන්නත් කලින් තව මරණ දෙකක් එකම දවසෙ සිද්ධ වෙනවා. ඒ මුල් සිදුවීමෙන් පාඩමක් අරගෙන මේ දේවල් වළක්වා ගන්න පිළියම් යොදලා නෑ. මේ ආයතනවලින් අලෙවි කරන හැම ටිකට් එකකින්ම බදු මුදලක් ගන්නවා. මේ තැන්වල සිදු වෙන දේවල් ගැන, පාවිච්චියට ගන්න යාන්ත්‍රික උපකරණ ගැන ඒ අයත් වග කියන්න ඕනැ.”

    ඔහු පවසන දේ සත්‍යයකි. එවැනි ස්ථානවල එවන් ආරක්ෂක උපක්‍රම සහ උපකරණ භාවිතය ද අනිවාර්ය විය යුතුය. එවැනි උද්‍යන සඳහා රජය අවසර ලබා දෙන්නේ ඒ සියල්ල සපුරා ඇති නම් පමණි. අනතුරක් වූ මොහොතක ප්‍රයෝජනයට ගැනීම සඳහා ගිලන් රථයක් එම ස්ථානයේ නවතා තිබුණේ දැයි වසන්තගෙන් විමසුවෙමු.

    “ ඇම්බියුලන්ස් එකක් තිබුණා. හිටපු කවුරුවත් ඒකෙ යතුර තියෙන තැන දන්නෙ නෑ. යතුර ගේන්න විනාඩි විස්සකට වැඩිය පරක්කු වුණා. දුවටයි අම්මටයි දෙන්නටම සිහි නිච්චි තිබුණෙ නෑ. ගම්පහ හොස්පිටල් එකට යන්න පැය බාගෙකටත් වැඩිය කාලයක් ගියා.”

    සතුට විනෝදය සොයා සනිරෝ ඞී‍්‍රම් පැරඩයිස් පෞද්ගලික උද්‍යානයට ගිය දිස්නා ජානකී ගුණරත්ත මෑණියන්ට සහ රශ්මී අරලිය දියණියට අවසානයේ සිදුවූයේ ගම්පහ මූලික රෝහලේ නතර වන්නටය. රෝහල් ගේට්ටුවෙන් ඇතුළු වන විට හැමෝටම දැනෙන බෙහෙත් සුවඳ විඳගන්නටවත් දිස්නා ජානකීට වාසනාවක් නොතිබිණි.

    ජීවිතයත් මරණයත් අතර සටන් වදිමින් සිටින දහතුන් හැවිරිදි රශ්මී දියණියගේ ජීවිතය බේරාගන්නට වෛද්‍යවරු දැරූ අප්‍රමාණ වෙහෙසක් දැරූහ. උද්‍යනයේ යකඩ ගොඩ විසින් තළා පෙළා කුඩුපට්ටම් කරනු ලැබ තිබූ දැරියගේ අවසන් සුසුම්පොද වාතලයට මුසුවීම නවතාලන්නට සමත් කිසිවෙකුත් සිටියේ නැත. මව මියගිය දිනට පසු දින ඇයද සදහටම මෙලොව හැර ගියාය.

    සිය මවද සොයුරියද තමාට දැකගන්නට ලැබෙන්නෙ අවසන් වරට යැයි නොදත් අවුරුදු හතරක් වයසැති හයක් හතරක් නොතේරෙන වසන්තගේ සිඟිති දියණිය ඔහුගේ ඔඩොක්කුවේ ඉඳගෙන සිනාසෙයි. රශ්මිගේ පාසල් මිතුරු මිතුරියෝ ඇයට සමු දෙන්නට එක පෙළට පැමිණෙති. මවගේ සහ දියණියගේ ජීවිතයේ සියල්ල තව සුළු මොහොතකින් අවසන් වීමට නියමිතය. ඔවුන් දෙදෙනා ලෝකය හැරගියද සියල්ල අවසන් නොවේ. මේ මව සහ දියණිය ආසනාවන්ත ලෙස මියගිය සනිරෝ උද්‍යානයේ ඇතුළු වන දොරටුවේ මෙලෙස සඳහන් කර ඇති අයුරු දුටුවෙමු.

    වැඩිහිටි අය සඳහා රුපියල් 100යි

    උස අඟල් 30 සිට අඩි 4 1/2 දක්වා රුපියල් 50යි

    උස අඟල් 30ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ


    - http://www.silumina.lk/2019/02/09/විශේෂාංග/විනෝදය-වෙනුවට-මරණය-ගෙනා-මාරපොළ-මාරක-උයන
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    None of them are trained. Anyone who can push the START & STOP becomes an operator.
    They are not trained how to handle an emergency. No wonder they ran away - probably to get someone.
    It's just the same in some private hospitals. Employ some girls, give them a uniform and they become nurses.:frown:
     
    Last edited: