කුමන බාධා ආවත් මහාබෝධි සමාජ සත්කාරයන් නවතන්නේ නෑ
කාලකන්නි LTTE කාරයෝ මහබෝදියට ප්‍රහාරයක් එල්ල කරයි
http://www.elakiri.com/forum/showthread.php?t=1054450
කුමන බාධා එල්ලවුණද ශ‍්‍රී ලංකා මහාබෝධි සංගමය මගින් සිදුකෙරෙන සමාජ සත්කාරයන් නොනවත්වා ඉදිරියට ගෙන යන බව එහි සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පවසයි.
චෙන්නායි නුවරදී සැමරෙන ශ‍්‍රී ලංකාවේ 63 වන නිදහස් දින සැමරුම් උළෙල පිළිබද මාධ්‍ය වෙත අදහස් පළකරමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළේය.
එළඹෙන පෙබරවාරි 4 වනදාට යෙදෙන නිදහස් දිනය වෙනුවෙන් චෙන්නායි හී ශ‍්‍රි ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නිල උත්සවය පැවැත්වෙන අතර 5 වනදා පෙරවරුවේ මහා බෝධි මධ්‍යස්ථානයේ නිදහස් උළෙල වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් ක‍්‍රියාත්මකය.
මේ සඳහා දෙමළ බෞද්ධ සංවිධාන ගණනාවක සහයද හිමිවන අතර පසුගියදා චෙන්නායි මහා බෝධි විහාරයට එල්ල වු ප‍්‍රහාරය එම සංගමයේ සමාජ සත්කාරයන් සඳහා බාධාවක් නොවන බව පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පැවසුවේය.
මේ අතර මෙවර චෙන්නායි නිදහස් දින සැමරුම සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ හොල්සිම් සමාගමේ සමාජික ජියෝ සයිකල් සමාගම් ද්විත්වය සත්කාරක සම්මාදම දරයි.
චෙන්නායි නිදහස් දින සැමරුම සඳහා ටීවී දෙරණ රූපවාහිනි මාධ්‍ය අනුග‍්‍රාහකත්වය දරයි
Last edited:
