Saudi King brings 460 tonnes of luggage on Indonesia tour

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    දින 9ක චාරිකාවකට ටොන් 460ක බඩු තොගයක් සමග සවුදි රජු ඉන්දුනීසියාවට ආ හැටි – රත්තරං කන්නාඩි, මේස, ලාම්පු, සුපිරි ලිමෝසින් රථත් ඒ අතර

    දින 9ක චාරිකාවක් සඳහා සවුදි රජතුමා අද ඉන්දුනීසියාවට පැමිණීමට නියමිතය.කෙසේ වෙතත් මෙම චාරිකාව සඳහා ඔහු ටොන් 460ක බඩු භාන්ඩ ගෙනැවිත් තිබෙන බව වාර්තාවෙයි.සල්මාන් බින් අබ්දුල්සිස් රජුගේ මෙම භාණඩ තොගය අතරට Mercedes-Benz s600 වර්ගයේ ලිමොසින් මෝටර් රථ දෙකක්ද ඇතුළත්ව තිබේ.

    අමාත්‍යවරුන්, කුමාරවරුන් අතුලු 800ක පිරිසක් ඔහු සමග මෙහි පැමිණෙන බව කියති.මේ අතරින් ටොන් 63 බඩු භාණ්ඩ ගුවනින් ගෙන ඒමට නියමිතව තිබේ.

    ඔහුගේ මෙම බඩු භාන්ඩ තොගය වෙනුවෙන් සේවකයන් 500 යොදා තිබෙන බවද කියැවෙයි.සවුදි රජෙක් ඉන්දුනීසියාවේ සංචාරය කරන්නේ වසර 46ට පසුවයි.ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින්නේද ඉන්දුනීසියාවෙයි.

    පසුගිය 2015 වසරේ ඔහු ඇමරිකාවේ සංචාරයක නිරත විය.එහිදීද අධි සුඛෝපභෝගි මෝටර් රථ,රත්තරං කන්නාඩි, රත්තරං මේස, රත්තරං ලාම්පු, රත්කරං රාක්ක ඔහු විසින් රැගෙන විත් තිබුණි.



    3DCC21B100000578-4267198-image-a-6_1488280113960.jpg


    1488254739399.jpg




    bbc-blocks-dark.png