මෙලොව එළිය දකින බිළිඳුන් අතරින් නොමේරූ දරුවන් ජීවත් කරවීම අතිශය අසීරු කාර්යයක්. එහෙත් ඒ බිළිඳුන්ගේ ජීවිත සුරක්ෂිත කරනු පිණිස රෝහල් පද්ධතියට අවශ්‍ය ශ්වසනාධාර උපකරණ පරිත්‍යාග කිරීමට ඔබේ දායකත්වය ලබා දීමට අප හා එක්වන්න..
https://saveababy.lk/
වසරකට උපදින දරුවන් අතරින් 3000 ක් පමණ උපතේදීම මිය යයි. එයට ප්‍රධානතම හේතුව නොමේරු බවයි. එනම් ළදරුවා ප්‍රමාණවත් පරිදි පරිණත වීමට පෙර (ගර්භනී සති 28 ට අඩු) උපත ලැබීමයි. එය උපත් 1000 කට 8ක් 9ක් පමණ අගයක් වේ.
අඩු වයසින් උපත ලබා දින කිහිපයක් තුළ මිය යන නොමේරූ ළදරුවන්ගේ ජීවිත සිය ගණනක් බේරා ගනු පිණිස මනා ඔක්සිජන් ප්‍රතිශතයෙන් යුතු(Blended), ආර්ද්‍රතාවයෙන් යුතු (Humidified), නිසි පීඩනයෙන් යුතු (Pressurized), උණුසුම් (Warm) වායු දහරාවක් ඔවුන් හට පළමු හුස්ම ලෙස ලබා දිය හැකි රුපියල් මිලියන 50ක් වටිනා ශ්වසනාධාර උපකරණ 50ක් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජාතික රෝහල් පද්ධතිය වෙත පරිත්‍යාග කරනු පිණිස ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමයේ(Perinatal Society of Sri Lanka) ඉල්ලීම පරිදි සේරුවිල මංගල රජමහා විහාරය මගින් ක්‍රියාවට නැංවෙන මෙම පුණ්‍ය ව්‍යාපෘතිය සමඟින් ඔබටත් එක් විය හැකියි.
අපට අහිමිවන වටිනා බිළිඳු ජීවිත කෙසේ හෝ රැකගත හැකිනම් මල් වැනි දරුවන් විශාල ප්‍රමාණයක් මෙලොව එළිය දකීවි, සිනහසේවි.
ඒ සඳහා අප කළයුතු වන්නේ එසේ මෙලොවට පැමිණෙන දරුවන් උණුසුම්ව ආදරයෙන් පිළිගැනීමයි. ඔවුන්ගේ පළමු හුස්ම ඔවුන් වෙත නිසිලෙස ලබාදීමයි.
තවදුරටත් විස්තර දැනගැනීමට....