SB Gahapu කැසිනෝ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර



    උසස් අධ්‍යාපන ඇමති එස්. බී දිසානායක විසින් තමන් ලස්වේගාස් හිදී කැසිනෝ සූදුවේ යෙදුණු හැටි පැහැදිළි කර තිබුණා.

    එය අලුත් අවුරුද්දට පවුලේ සියළු දෙනාම එකතුවී පංච දැමීමට සමාන ක්‍රීඩාවක් බවයි ඔහු පවසන්නේ.

    එස්:බී : මේ අව්රුද්දෙ මුල් භාගේ ලාස් වේගාස් ගියා..ඉතින් අපි නැවතිලා හිටපු හෝටලෙත් මහා දැවැන්ත කැසිනෝ ශාලාවක්..එකේ තිබ්බ එක ටේබල් එකක මම දැක්ක තියෙනවා ඩොලර් එකක් තිබ්බම ඩොලර් එකක් හම්බ වෙනවා..ඩොලර් එකක් තිබ්බම ඩොලර් දෙකක්..ඊළඟට...

    නිවේදකයා : ඔබතුමා ක්‍රීඩා කලාද?

    එස්.බී : ඔව් ඔව්..මම මේකේ ඉඳගෙන ඩොලර් එක එක තියෙනවා..එකට එකක් හම්බවෙන එකේ තියෙනවා..ඒ එක එන්න තියෙන සම්භාවිතාව ඉතාම වැඩියි. එකට පනහක් ගන්න දාපුවාම පරදිනවා..සිංහල අලුත් අව්රුද්දට අපේ සහෝදරයෝ ටික එකතුවෙලා බිරින්දෑවරු සහ දරුවෝ සේරම එකතුවෙලා..අපි ඉතාම සතුටින් රුපියල් පනහට සීයට පංච දැම්මා...මම දන්නවා ලංකාවේ ඉතාම ධනවත් ව්‍යාපාරිකයෝ දවසට විසිපන්දාහක තිස්දාහක රේස් එකක් දානවා..මේ සුදුවක්.ස්වීප් ටිකට්..ඔය සේරම සූදු...විනාසවෙන එක ඔය ඕන එකකින් විනාස වෙන්න පුළුවන්..

    නිවේදකයා : ඉතින් අපිට පුළුවන්නේ ඔබතුමා කියපු පංච දැමීම ඔයිට හොඳට ප්‍රගුණ කරන්න ?
    එස්: බී : ඒක ගැන හිතන එක හොඳයි..

    නිවේදකයා : රටේ උසස් අධ්‍යාපන ඇමතිවරයා කැසිනෝ ගැන යහපත් මතයක ඉන්න එක හොඳද?
    එස්.බී : ඉතාම හොඳයි. මේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හිතනවානම් ඒ මිනිස්සුන්ට කැසිනෝ සෙල්ලම් කරන්න අවශ්‍යය පහසුකම් සලසල දෙන්න වහෙන් හොරා කතා කරන්නේ නැතුව ඔය කැසිනෝ සුදුව ඉපද්දුවේ, වැදුවේ කිරිදුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වෙන කව්රුවත් නෙවෙයි.

    නිවේදකයා : ඒක ඔබතුමන්ලා ඉස්සරහට ගෙනියනවනේ නවත්තපු තැන ඉදන්?
    එස්.බී: ඔව් එකේ වරදක් නැහැ..ඉතාම හොඳයි.






    source:33000




    sb_dissanayake-fix.jpg