SC terminates interim order on HEDGIN DEAL

BRAINY

Active member
  • පෙට*්*රල් මිල සහ හෙජින් ගිවිසුමට අදාළ
    අතුරු නියෝග සියල්ල අහෝසි කරයි



    නෙල්කා මැදගෙදර

    පෙට*්*රල් ලීටරයක මිල රුපියල් සියය තෙක් අඩු කරන ලෙස නියෝග කරමින් සහ “හෙජින්” ගිවිසුම අවලංගු කරමින් “හෙජින්” ගිවිසුමට අදාළව මීට පෙර දෙන ලද අතුරු නියෝග සියල්ල ශ්*රේෂ්ඨාධිකරණය ඊයේ (27) අහෝසි කෙළේය.

    පෙට*්*රල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙස නියෝජ්*ය සොලිසිටර් ජෙනරාල් එස්. රාජරත්නම් මහතා ඉල්ලා සිටි අවස්ථාවේදී ශ්*රේෂ්ඨාධිකරණය විසින් මේ බව ප*්*රකාශ කරන ලදී.

    පෙට*්*රල් මිල අඩු කිරීම සම්බන්ධ ශ්*රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු ක*්*රියාත්මක නොකළ හොත් අදාළ නියෝග සියල්ල ඉවත් කිරීමට ශ්*රේෂ්ඨාධිකරණය ඉකුත් ජනවාරි මස 13 වැනිදා තීරණය කෙළේය. ඒ අනුව අදාළ නියෝග අහෝසි කරන ලදී.

    ”හෙජින්” ගිවිසුම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් කැඳවූ අවස්ථාවේ ශ්*රේෂ්ඨාධිකරණය මේ නියෝග කෙළේය. අගවිනිසුරු සරත් එන්. සිල්වා, ශිරාණි තිලකවර්ධන, කේ. ශ*්*රී පවන් යන ශ්*රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙකී පෙත්සම් ඊයේ (27) කැඳවන ලදී. මෙහිදී වගඋත්තරකාර මුදල් අමාත්*යංශ ලේකම් සුමිත් අබේසිංහ මහතා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්*ය සොලිසිටර් ජෙනරාල් එස්. රාජරත්නම් මහතා කියා සිටියේ පෙට*්*රල් මිල අඩුු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට අදාළ අංශවලට යොමු කැර ඇති බැවින් ඒ සඳහා තවදුරටත් කල් අවශ්*ය බවය.

    මෙහිදී අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සඳහන් කෙළේ අධිකරණය විසින් ලබා දෙන තීන්දු පළමුවෙන්ම ක*්*රියාත්මක කිරීමට වගකිවයුත්තන් කටයුතු කළ යුතු බවය. ඒ සම්බන්ධ ගැටලු ඇතොත් ඉන් අනතුරුව පැමිණිලි කළ හැකි බව හෙතෙම සඳහන් කෙළේය.

    පෙට*්*රල් මිල සම්බන්ධ ශ්*රේෂ්ඨාධිකරණය නියෝගය ලබා දෙන ලද්දේ ඉකුත් දෙසැම්බර් මස 17 වැනිදාය. එකී නියෝගය ලබා දී මසක කාලයක් ගත වුවත් එය ඛ්2යාත්මක වී නැත.
    එකී නියෝගය ක*්*රියාත්මක කිරීමේ අපහසුතා සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කැර නැත. අදාළ නියෝගය කි*්*රයාත්මක කිරීම හෝ පැමිණිලි සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඊයේ (27) වන තෙක් කල් ලබා දී තිබිණි.

    මෙහිදී ශ්*රේෂ්ඨාධිකරණය විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය සඳහන් කෙළේ අධිකරණ තීන්දු ලබා දෙන්නේ කි*්*රයාත්මක කිරීමට මිස සලකා බැලීමට නොවන බවය.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා සඳහන් කෙළේ “හෙජින්” ගිවිසුම යළි කි*්*රයාත්මක වුවහොත් දිනකට රුපියල් බිලියනයක පාඩුවක් රජයට දැරීමට සිදුවන බවය. මාස 9කදී දැරීමට සිදුවන පාඩුව අමෙරිකානු ඩොලර් බිලියනයක් බව හෙතෙම සඳහන් කෙළේය.

    ලාෆ් ගෑස් සමාගමෙහි සභාපති ඩබ්ලිව්. එච්. කේ. වෑගපිටිය, නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත, පාර්ලිමේන්තු මන්තී*්*ර රවි කරුණානායක විසින් අදාල පෙත්සම් දෙක ඉදිරිපත් කැර තිබිණි.
    ඛනිජ තෙල් ඇමැතිවරයා, ශ*්*රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව, එහි සභාපතිවරයා, මුදල් අමාත්*යාංශ ලේකම්වරයා ඇතුළු නව දෙනකු පෙත්සම මගින් වගඋත්තරකරුවන් කොට සිටියහ.

    පෙත්සම් සලකා බැලූ ශ්*රේෂ්ඨාධිකරණය හෙජින් ගිවිසුම අවලංගු කරමින් මීට පෙර අතුරු නියෝගයක් නිකුත් කළේය. එසේම ඛනිජ තෙල් සංස්ථාවෙහි හිටපු සභාපති අසන්ත ද මෙල් මහතා සේවයෙන් ඉවත් කරමින් සහ පෙට*්*රල් මිල රුපියල් සියය තෙක් අඩු කරමින් අතුරු නියෝග අනතුරුව නිකුත් කෙළේය.

    මෙකී නියෝග සියල්ල ඊයේ (27) ඉවත් කළ ශ්*රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් කෙළේය.

    නීතිඥ උදිත ඉගලහේවා සහ නීතිඥ විරාන් කොරයා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්*ය සොලිසිටර් ජෙනරාල් එස්. රාජරත්නම් මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

    SOURCE:-
    http://dinamina.lk/2009/01/28/_art.asp?fn=n09012817
     
    Last edited:

    Similar threads