වාහන ආනයන පටන් ගත්තත් වාහන මිල අඩුවෙන නෑ නේද දැන් ඩොලර් එකේ ගානත් එක්ක අලුත් වාහන පට්ට ගණන් වේවි නේද
ජපන් වාහන ගේන්නේ යෙන් වලින් නේ. ආනයන නවත්තද්දී යෙන් එක 1.60 වගේ මතක විදිහට දැන් 2.20 ඒ වැඩි වීම බලපානවා තව ෂිපින් ඉන්සුරන්ස් වැඩි උනා ඒක එකතු වෙනවා
හැබැයි මේ ඔක්කොම වැඩි උනත් දැන් ලංකාවේ මාර්කට් වෙන ගානට වඩා අඩුයි. අනිත් එක දැන් ලංකාවේ තියෙන්නේ 2019 අන්තිම වෙනකන් ආව වාහන. ගේද්දී 2023 ඒවත් එනවා එතකොට 2019 එක 2023 එකට වඩා සැහෙන්න ගානක් බහිනවා සේල් සක්කිලි ඕව කියද්දී කටු අයිනවා වගේ කුලප්පු වෙනවා
මම දන්න එකෙක් 2018 ප්‍රිමියෝ එකක් ගත්ත ලක්ස 80 (2019 දී) දැන් ඌ කියනවා ඒක මාකට් එකේ ලක්ස 140-150 වගේ යනවලු
යෙන් එකේ වැඩි වීම 1.60 -> 2.20 බැලුවොත් , 2021 හදපු ප්‍රිමියෝ එකක් ජපානෙන් ගෙනාවොත් ලක්ස 110 ක් වගේ වෙන්නේ. අනිත් වියදං වැඩි වීම එකතු කරලා 120 කියමු. ඒත් ගණන් අඩුයි නේ. අනිත් එක අව්රුද්ද අලුත්. යක්ක පුතාල පදලත් නෑ.