Sciatica කියන්නේ මොන ලෙඩක්ද ? ප්‍රතිකාර කියන්න. ලො&#

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Sciatica කියන්නේ මොන ලෙඩක්ද ? ප්‍රතිකාර කියන්න. ලො&#

    Sciatica කියන්නේ මොකක්ද ?
    මේ ලෙඩේ හැදෙන්නේ මොන වගේ හේතු නිසාද ?
    මෙම රෝගයෙන් පෙලෙන කෙනෙක් එයින් මිදෙන්නේ කොහොමද ?
    ගත යුතු ප්‍රතිකාර මොනවාද ?
    මේ පිලිබඳව චැනල් කල යුතු Doctor කවුද ?
    මේ පිළිබඳව විශේෂ ය ඉන්නවද ?
    ඉක්මනට පිළිතුරක් ලබා දෙන්න යාලුවනේ.. ලොකු පිනක්.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    pain affecting the back, hip, and outer side of the leg, caused by compression of a spinal nerve root in the lower back, often owing to degeneration of an intervertebral disc.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    pain affecting the back, hip, and outer side of the leg, caused by compression of a spinal nerve root in the lower back, often owing to degeneration of an intervertebral disk.

    :D from help of the Google
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    pain affecting the back, hip, and outer side of the leg, caused by compression of a spinal nerve root in the lower back, often owing to degeneration of an intervertebral disk.

    :D from help of the Google

    උඹ දන්නවානම් කියහන්ක‍ෝ .....
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    sciatica කියන්නේ කොඳු අට පේලියේ එල්4 සිට එල්5 හෝ එස් 1 අතර ඩිස්ක් එකක් තැලිලා හෝ පුපුරලා කකුලට යන sciatic nerve එක තෙරපීමකට ලක්වීම. sciatic nerve එක තමයි කකුල් දෙකට යන ප්‍රධාන ස්නායුව. එක තලුනහම කකුලක් හෝ දෙකම රිදෙන්න හෝ ගොඩක් අසද්යනම් කකුල් පන නැති වෙන්න පවා පුළුවන් :dull: ඉස්සෙර්ල යන්න හොද neurosurgeon කෙනෙක් ලගට, mri එකක් කරලා nerve ටෙස්ට් එකක් කරලා හරියටම කියයි
     
    • Like
    Reactions: code320c

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    hapoo maka karumayak neda? MRI ekak ehema karala disc eke awlak da kiyala baluwada? english beheth walin nan hoda una ekek hoyaganna na bn. Homeopathy, Ayurweda wage balapan disc wala awlak nan. un eheta meheta karala hadanawa. habai umba kalayak hariyata inne one naththan aye disc paninna puluwan. Muscles set wenakan parissam wela inna one
     
    • Like
    Reactions: code320c

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කොන්දේ අමාරුවට වැරදි ආහාරත් බලපානවා
    👈

    කොන්දේ වේදනාව ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු
    පේශීවල අධික ඇදීම හෝ පේශීවල දුර්වලතාව නිසා මාංශපේශීවල වේදනාව
    කොඳු නාරටියේ අස්ථි අතර තිබෙන අස්ථිමඩල නමැති කොටස ප්‍රදාහ තත්ත්වයක් හෝ ආසාදනය වීමක්,
    • වකුගඩු ආශ්‍රිත ගල් ඇතිවීම,
    • අස්ථි කො‌ටසේ සන්ධි ප්‍රදාහය
    • පැති කුදය
    • කොඳුඇට පෙළ ළංවීම
    • අස්ථි ඝනවීම නැතහොත් අස්ථි විකෘති වීම
    • කොඳුඇට පෙළ ආශ්‍රිතව ඇතිවන පිළිකාමය තත්ත්වයන් මත කොන්දේ වේදනාව ඇතිවීම
    අතීතයට සාපේක්ෂව වර්තමානය වන විට කොන්දේ වේදනාවට ගොදුරුවන පිරිස ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. කොන්දේ වේදනාවට විවිධ ප්‍රතිකාර ක්‍රම ඕනෑ තරම් තිබේ. කොන්දේ වේදනාවට වේදනා නාශක භාවිත කර පාලනය කර ගනිමින් බොහෝ කාලයක් සිටින පුද්ගලයන් අප අතර සිටී. මේ අයගේ තුනටියේ කැක්කුම පසුකාලීනව බරපතළ තත්ත්වයකට පත්වෙන අවස්ථාවන් විශාල වශයෙන් දැකිය හැකිවේ.
    කොන්දේ වේදනාව දැනුණ වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් මුල් අවස්ථාවේදී රෝගය හඳුනාගැනීම හා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කීරීම සිදුකරගත හැකිය. එමගින් සුළු තත්ත්වයන් ඉතා ඉක්මනින් සුව කරගත හැකිවේ.
    කොන්දේ වේදනාව ඇතිවීමට හේතු
    විස රසායනිකයන් වැඩිපුර යෙදූ ආහාරපාන ලබා ගැනීම – විස සහිත ආහාර ගැනීමෙන් එම විස මාංශපේශී ඉක්මනින් පීඩාවට පත්කිරීමේ හැකියාව පවතී‍. මෙය කොන්දේ වේදනාව ඇතිකිරීමට හේතුවක් වී තිබේ.
    • ආම්ලිකභාවය වැඩි ජලය
    • ශරීර ශක්තිය අඩුවීම
    • වැරදි ඉරියව්වල බොහෝ වේලාවක් සිටීම (වාඩිවෙන ආසනය, වාඩිවෙන වැරදි ඉරියව්ව, වැඩකරන වැරදි ඉරියව්)
    • යතුරුපැදි නිතර භාවිතයට ගැනීම
    • වැරදි ආහාර රටාවන්
    • පෝෂණයෙන් අඩු ආහාර නිතර ගැනීම
    • ජලය ශරීරයට අවශ්‍ය තරමට නොලැබීම
    රෝග ලක්ෂණ
    • කොන්ද ප්‍රදේශයේ නිරන්තරයෙන්ම ඇතිවන වේදනාව
    • ඇවිදින විට පමණක් දැනෙන වේදනාව
    • කිසියම් කාර්යයක නිරත වන විට පමණක් දැනෙන වේදනාව
    • කොන්දේ වේදනාවත් සමගම එක් පාදයක් හෝ පාද දෙකම වෙත දිවෙන වේදනාවක් ඇතිවීම
    • කොන්දේ වේදනාවත් සමග දෙපා හිරිවැටීම
    ආයුර්වේද පරික්ෂණයන් කීප ආකාරයකට කරන අතර ආයුර්වේදයට අනුව නිල වෙදකමේ එන ස්ථානික පරික්ෂාව සහ වෙනත් පරික්ෂා ක්‍රම මෙන්ම X-Ray, CT, MRI වැනි දියුණු වෛද්‍ය තාක්ෂණික ක්‍රම භාවිත කරමින් පහසුවෙන් රෝගී තත්ත්වය හඳුනාගත හැකිය. දියුණු තාක්ෂණික ක්‍රම නොමැති කාලයේ එවැනි නිල ප්‍රතිකාර මගින් සියලු පරික්ෂාවන් කර ඇත.
    ප්‍රතිකාර
    • එක් එක් රෝගී තත්ත්වයන් අතර පවතින ලක්ෂණ වෙනස් වේ.
    ඖෂධ ප්‍රතිකාර, ස්ථානීය ප්‍රතිකාර, රක්ත මෝක්ෂණ ප්‍රතිකාර, තෛල ප්‍රතිකාර, ස්ථානික පත්තු යෙදීමේ ප්‍රතිකාර මේ සඳහා භාවිත කරයි.
    මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ඉතා පහසුවෙන් සුව කර ගත හැකි වන නමුත් බොහෝ දෙනකු ප්‍රතිකාර සඳහා යොමු වන්නේ අස්ථි විකෘති වී ඝන වූ අවස්ථාවන්වලදීය.
    මෙම රෝගී තත්ත්වය සඳහා විශේෂ ප්‍රතිකාර විධි කීපයක් අප විසින් අනුගමනය කිරීම හේතුවෙන් ඉතා අපහසු රෝගීන් පවා ශල්‍යකර්මවලින් තොරව සුව කරගත හැකිය.
    ආයුර්වේද වෛද්‍ය ඉන්දික නුවන්
     
    • Like
    Reactions: code320c