Scotch Whiskey

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
හලෝ guys,
අද දෙන්න යන්නෙ JHONNIE WALKER - PART 2 වගෙ ලෙක්චර් එකක්. කලින් ලෙක්චර් එකට සහභාගී උනේ නැති එවුන් මෙතන ඔබන්න. JOHNNIE WALKER

කෙටියෙන්ම කියනවනන් මේකයි සීන් එක. අපේ ගොඩක් අයියල (මාත් ඇතුලුව
:lol:) ඉන්නෙ හරියට ඉපදුනෙ බෝතලේ කිහිල්ලෙ ගහගෙන වගේ. ඒ උනාට බොන්නෙ මොනාද කියන එක ගැන මෙලෝ තෙරුමක් නෑ. මගේ ජොබ් එකත් පරදුවට තියලා මෙන්න මේ ටික කොටන්නේ උඹලට බොන දේවල් ගැන පොඩි හරි වැටහීමක් ලබා දෙන්නයි. අනෙ කලින් සැරේ වගෙම මෙදා පාරත් කියන්නෙ මම මේ අපෙ එවුන්ට බොන්න පුරුදු කරන අදහසින් කරන වැඩක් එහෙම නෙවෙයි ඕන්.

අද මාතෘකාව Scotch Whiskey වර්ග. හදන්නෙ ඉතින් ස්කොට්ලන්තෙ කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ.


වර්ග 4යි...


  1. SINGLE MALT SCOTCH WHISKY
  2. SINGLE GRAIN SCOTCH WHISKY
  3. BLENDED SCOTCH WHISKY
  4. BLENDED MALT SCOTCH WHISKY
SINGLE MALT SCOTCH WHISKY

8163273894_67599dc49e.jpg


වතුර, මෝල්ට් බාර්ලි සහ යීස්ට් දාලා නිෂ්පාදනය කරන්නෙ. උදා : Talisker, Dalwhinnie and Lagavulin.
England, Wales, Ireland, Japan වලත් මේවා හදනවා




SINGLE GRAIN SCOTCH WHISKY
8163322994_cd67a2da22.jpg


ධාන්‍ය වර්ග සහ බාර්ලී වලින් නිශ්පාදනය කරන්නේ. මේ වරගයේ විස්කි සන්නාම නාමයන් නම් ගොඩක් නෑ. කීපයක් විතරයි තියෙන්නෙ. එවාගේ එකක් තමයි Cameron Brig කියන්නෙ.



BLENDED MALT SCOTCH WHISKY

8163301951_42219e5d21.jpg


ස්කාගාර දෙකකින් හෝ වැඩි ගනනකින් ගන්න SINGLE MALT SCOTCH WHISKY වර්ග දෙකක් හෝ වැඩි ගනනක් කලවම් කරලා නිෂ්පාදනය කරයි. උදා : Talisker, Caol Ila, Linkwood™ ,Cragganmore



BLENDED SCOTCH WHISKY

8163342882_a6f417feda.jpg


ස්කාගාර දෙකකින් හෝ වැඩි ගනනකින් ගන්න SINGLE MALT SCOTCH WHISKY සහ SINGLE GRAIN SCOTCH WHISKY වර්ග දෙකක් හෝ වැඩි ගනනක් කලවම් කරලා නිෂ්පාදනය කරයි. උදා : Johnnie Walker Black Label™, Bell’s™



ප්‍රාදේශීය වශයෙනුත් Scotch Whiskey වර්ගීකරණය කරනවා....

8163337523_7a161f5f02_m.jpg

Highlands, Speyside, Islands, Islay, Lowlands, Campbeltown
විවිධ ප්‍රදේශ වලට ආවේනික blend නිසයි මේ වෙනස්කම් ඇති වෙල තියෙන්නෙ. අන්තර්ජාලාවේ හොයලා බලපල්ලා මේ ප්‍රදේශ වලට ආවෙනික විස්කි වරග දහස් ගානක් තියෙනවා. ඔක්කොම එකින් එක දාන්න ගියොත් එහෙම මාව රස්සවෙන් දොට්ට දානවනෙ බන්.


අදට ලෙක්චර් එක ඇති වගෙ කියලා හිතෙනවා. කතාව ගොඩක් ලොකු උනාම කියවන්නත් කම්මැලී නේ. විස්කි කතාවෙ ඊලග ලෙක්චර් එක උඹල හැමොටම ගොඩක් වැදගත් වෙන එකක්. විස්කි හදන හැටි:shocked:... ලොකු විස්තරයක් නිසා මේකට එබුවෙ නෑ. වෙනම කියන්නන් පස්සෙ දවසක. විස්තරේ හොදනන් ඉතින් දන්නවනෙ. බෝතලයක් උස්සන් වරෙන් සෙට් වෙන්න;). ටටා... බායි
 
Last edited: