SEO කරන්න විවිද අය විවිද ගණන් ගන්නවා. ලොකු බජට් එකක් නැතිනං මගෙ උපදෙස තමයි තමන්ම කරගන්න කියන එක. මොකද ඒක ගොඩාක් අමාරු දෙයක් නෙවෙයි. තමන්ගෙ කැපවීම තමයි තියෙන්න ඕනි..ඒ වගේම SEO කරන ආකාරය ඔයාගෙ සයිට් එක කොයි වගේ එකක්ද කියන එක මතත් තීරණය වෙනවා. මං දන්න ජෙනරල් ගයිඩ් ලයින් කීපයක් දෙන්නං...මේක ප්‍රධාන වශයෙන්ම Google SEO.
ගොඩක් කට්ටිය තාම කීවර්ඩ් ගොඩාක් දාලා සයිට් එක උඩට ගන්න හදනවා. ඒක ඉස්සරට වලංගුයි. නමුත් දැන් ගූගල් සර්චින් ඇන්ජින් එකේ රෑන්ක් කරන ඇල්ගොරිදම් එක ඒ උදවිය වෙනස් කරලා තියෙන නිසා කී වර්ඩ් සහ මෙටා වලට ඉස්සර වගේ ලොකු බලපෑමක් කරන්න බැහැ. ඒ වගේම ගූගල් එකෙන් කීවර්ඩ් ස්ටැෆින් කියන දේට තදින් ක්‍රියාකරනවා දැන්. ඒ කියන්නේ ඒ අයගෙ ඇල්ගොරිදම් එකකින් එයාල තීරණය කරනවා මේ අඩවියේ තියන කීවර්ඩ් ඩෙන්සිටි එක වැඩියි කියලා. එහෙම සයිට් එයාලා බ්ලැක් ලිස්ට් කරනවා. ඒ වගේම එයාල බලනවා ඒ කීවර්ඩ් එක කොච්චර අදාලද කියලා ඒකෙ තියන කන්ටෙන්ට් එකට. අදාල නැති කීවර්ඩ් තිබ්බොත් ඉතිං SEO වෙන්න කාලාන්තරයක් බලාන ඉන්න වෙයි.
සර්ච් එන්ජින් ගොඩාක් බලනවා යුනික් කන්ටෙන්ට් කියන දේ දැං. ඔයාගෙ සයිට් එකේ තියන කන්ටෙන්ට් එක ගොඩක් යුනික් නං සහ කීවර්ඩ් ඝනත්වය ප්‍රමාණවත් ව තිබෙනවා නං ඕක රෑන්කින් වල උඩට එනවා. යුනික් කන්ටෙන්ට් එක කියන දේ එයාල බලන්නේ ඔය ඔටෝ බ්ලොග් සමුරායි වගේ ඇප්ස් හරි RSS හරි පාවිච්චි කරලා වෙනත් අයගෙ සයිට් වල කන්ටෙන්ට් ඇදලා තමන්ගෙ සයිට් එකේ ඔටෝ පබ්ලිෂ් කරන සයිට් වලට කෙල වෙලා යන්න.
ඔයා සයිට් එක හදලා තියෙන්නේ ගොඩක් ෆ්ලෑෂ් පදනම් කරගෙන නං... සොරි මචං... Good luck with SEO.....
මොකක් හරි CMS එකක් පදනම් කරගෙන නං හදලා තියෙන්නෙ .. ඒ කියන්නේ වර්ඩ් ප්‍රෙස් හරි.. ජූම්ලා හරි.. නැත්තං ඩෘපාල් හරි වගේ එකකින් නං .. ඒ CMS වල තියනවා SEO වෙන්න අවශ්‍ය බේසික් කන්ෆිගරේෂන්ස් හදාගන්න. ඒව්වා හරියට හදාගන්න. ඒ වගේම SEO ප්ලගින්ස් තියනවා. පිනට දෙන ඒවා වගේම සල්ලි වලට ගන්නත් තියනවා. ඒ ප්ලගින් වලින් එයා අපේ කන්ටෙනට් එක කොච්චර රිච්ද , කීවර්ඩ් ඩෙනිසිටි එක කොහොමද තව මෙටා ඩිස්ක්රිප්ෂන් ඔටෝ මැටික් විදිහට ජෙනරේට් කරන දේවල් වගේ ඒවා කරලා දෙනවා.
තව සයිට් මැප් එක. ලින්ක් ටික හරියට තියාගන්න එක කියන එකත් SEO බේසික්ස්..
ඒ එක්කම ගූගල් ඇනලිටික්ස් සහ වෙබ් මාස්ටර් ටූල්ස් කියන දේ මාර විදිහට උපකාර වෙනවා.
තව ගූගල් ඇඩ්වර්ඩ්ස් සහ ට්‍රෙන්ඩ් හරහා ආටිකල් එකට ගැලපෙන කීවර්ඩ් ටිකක් හොයාගන්නත් පුලුවනි...
මේ දුන්නෙ බොහොම ජෙනරල් උපදෙස් ටිකක්. Google එක SEO කරන්න බලන කරුණු දෙසිය ගානක් තියෙනවා...