SEVEN EARS FOR TSUNAMI

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    SEVEN YEARS FOR TSUNAMI

    සුනාමි විපතට වසර 7යි

    5212401394_1b7f245831_b.jpg


    දෙසැම්බර් 26. රටක්‌ හැඬවූ දිනය. කිසිවෙකුත් නොසිතු විලසට, එතෙක්‌ අපි නමක්‌ හෝ නොදැන සිටි, කිසිදා සිදුවෙතැයි නොසිතූ මහා ව්‍යසනයක්‌ විය. මොහොතකට වෙරළෙන් පසු බැස, දියඹට ඇදුණු මුහුද තවත් මොහොතකින් වෙනස්‌ම ගමනකින් ගොඩබිම දෙසට ඇදුණි. එතෙක්‌ වැතිර සිටි මුහුද නැගිට සිටියේය. එය පොල් කරටි වලට වඩා උස්‌ විය. රකුසකු විලස නැගී සිටි මුහුදු රළ මාරාවේශයෙන් ගොඩබිම ගිලගත්තේය. ලොව රවටල් 14 ක්‌ මේ මාරාවේශ සයුරු රළට ගොදුරු විය. එහෙත් ඉන්දුනීසියාව හැරුණු විට වැඩිම හානිය සිදුවූයේ මේ දිවයිනටය. වාර්තා වන ලෝක ඉතිහාසයේ 7 වැනි මහා ස්‌වභාවික විපත බවට පත්වූ 'සුනාමිය' නම් මාරාවේශ වූ මුහුදු රළ කළ ඒ විපතට හෙටට වසර 7 කි.

    2004 දෙසැම්බර් මස 26 වැනිදා සියලු ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම සමස්‌ත ලෝකයාටම අමතක නොවන දිනයකි. අදට වසර හතකට පෙර ඒ දෛවෝපගත දිනයේදී උදම්රළ පහර ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ දකුණු වෙරළ වගේම උතුරු හා බස්‌නාහිර වෙරළේ කොටස්‌ ද මිනිසුන් ද අතුගා දැමීමට සමත් විණි. රිච්ටර් මාපකයේ 8. 9 ක්‌වූ සුමාත්‍රා අසල සිදුවූ භූ චලනය හේතුවෙන් ඉන්දියාව, මාලදිවයින, සෝමාලියාව සහ තායිලන්තය ද මේ සුනාමි තත්ත්වයට මුහුණ දුනි. මෙතෙක්‌ ශ්‍රී ලාංකිකයන්ට මෙවන් පෙර අත්දැකීමක්‌ සොබාදහම පිළිබඳ නොතිබුණු බැවින් සුනාමිය ඔවුන්ගේ ජීවිත පරදුවට තැබූ ඛේදවාචකයක්‌ විය. ඉතා කෙටි කාලයක්‌ තුළදී මිනිසුන් අතුරුදන් කරන්නටත් මරණයට පත්කරන්නටත් අවතැන් කරන්නටත් මේ සුනාමිය සමත්විය.

    මුහුදුබඩ වෙරළ තීරය සිත්පිත් නොමැතිව ආක්‍රමණය කළ සුනාමි දළ රළ පහරින් මෙරට තිස්පන් දහසක පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් නැතිනම් රුපියල් කෝටි විසිපන් දහසකට ආසන්න භෞතික සම්පත් හානියක් සුනාමියෙන් අප රටට සිදුවිණැයි ලෝක බැංකුව ඇතුළු අප රටේ මූල්‍ය අංශ විශ්ලේෂකයෝද ගණන් බැලූහ.

    සුනාමියේ අමිහිරි අත්දැකීම් අකැමැත්තෙන් වුවද සිහිපත් කළ යුතුය. සුනාමි ව්‍යසනයෙන් විපතට පත් වූවන් සිහි කරමින් 2011 දෙසැම්බර් 26 වන දා පෙරවරු නවයයි විසිපහේ සිට නවයයි විසි හත දක්වා විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් ශ්‍රී ලංකාව පුරා පවත්වන අතර ඔබත් එයට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමු.

    ලිපියේ අයිතිය : කජුවත්ත එක්සත්ක්‍ ක්‍රිකට් සමාජය
     
    Last edited: