diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ශුක්‍ර ආශයිකා

    මේ ගැන කියන්ඩ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ශුක්‍ර ආශයිකා තියෙන්නේ මුත්‍රාශයට පිටිපස්සෙන් දෙපැත්තේ දෙකක් විදිහට.මේ ශුක්‍ර ආශයිකා ඒ ඒ පැත්තෙන් එන ශුක්‍ර නාළයට තමන්ගේ ශ්‍රාවයන් කුඩා ප්‍රණාලයක් හරහා එකතු කරනවා.ශුක්‍ර තරලයෙන් වැඩි ප්‍රමාණයක් හදන්ඩ දායක වෙන්නේ මේ ශුක්‍ර ආශයිකා තමයි.මේ ශ්‍රාවයන්ගේ ප්‍රධාන වශයෙන් වතුරත්, ෆෘක්ටෝස් කියන සීනි වර්ගයත්, ප්‍රොස්ටග්ලැන්ඩීන් කියන රසායනික පණිවුඩකාරකයත්, විටමින් සී ත් අඩංගු වෙනවා.මේ ශ්‍රාවයත් භාශ්මික නිසා ස්ත්‍රී යෝනියේ ආම්ලික බව නැති කරන්ඩ දායක වෙනවා.මෙහි අඩංගු ෆෘක්ටෝස් කියන සීනි තමයි ශුක්‍රාණුවලට අවශ්‍ය කරන ශක්තිය සපයන්නේ.

    spermegg.jpg


    දැං සෛල විභාජනය ගැන විස්තරයක් කරලා හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා.මොකද ප්‍රජනනයේ මූලික ක්‍රමයේ සිට හැම තැනකම පදනම මේ සෛල විභාජනයනේ.අනික ශුක්‍රාණු ජනනය වගේම ඩිම්බාණු ජනනයත් ඒ එක එකේ වෙනස්කමුත් කියන්ඩනං සෛල විභාජනය ගැන අවබෝධයක් තියෙන එක හොඳයි.ටිකක් විතර කම්මැලි මාතෘකාවක් උනත් ඔන්නොහෙ කියන්නං.කියවන්ඩ ඈ...

    මුලින්ම මේ ලිපිටික පටං ගද්දිම සෛලවල අඩංගු වර්ණදේහ ගැන කිව්වනේ.ඉතිං හිතන්ඩ අපි ජීවිතය පටන් ගන්නේ එක සෛලයක් විදිහටනේ.ඉතිං මේ සෛලය දෙකට බෙදෙනවා, ආයෙ බෙදෙනවා, ආයෙ බෙදෙනවා.......................ඔය විදිහට බෙදිලා බෙදිලා මිලියන ගාණක් සෛල තියෙන වැඩුනු මිනිහෙක් බවට පත්වෙනවා.ඉතිං මේ විදිහට සෛල දෙකට බෙදෙද්දී හැදෙන දරු සෛල දෙකටම කළිං සෛලයේ තිබ්බ වර්ණදේහ ගාණම ලැබෙන්ඩ ඕනෙ.එහෙම නොවුනොත් ලෙඩක්නේ.ඉතිං ඒක පවත්වාගෙන යන්නේ මෙහෙම,

    මුලින්ම බෙදෙන්ඩ යන සෛලයේ වර්ණදේහ දෙගුණ වෙනවා.ඒක වෙන්නේ මෙහෙමයි.ඔය DNA අණුව කියන්නේ ඉණිමගක් වගේ ව්‍යුහයක්නේ.ඉතින් මේ ඉණිමගේ මැද පොලු කියන්නේ දෙපැත්තේ දිග පොලු දෙක එකට බැඳලා තියාගන්න බන්ධනවලට.DNA වල මේ බන්ධන අවශ්‍යවෙලාවට කඩන්ඩ පුළුවන්.එහෙම කඩලා වෙන් වෙච්ච දිග පොලු දෙකට සමාන පොලු දෙකක් අලුතෙන් හදලා සෙට් කරනවා.ඒ කියන්නේ පරණ පොලු දෙක අලුත් පොලු දෙකක් හදන්ඩ අච්චුව විදිහට පාවිච්චි වෙනවා.

    replication-simple.gif

    ඊට පස්සේ මේ DNA අඩංගු වර්ණදේහ සෛලය මැද්දේ දිගට පෝලිමක් හැදෙනවා.ඊට පස්සේ පුංචි තන්තු වගයකින් මේ වර්ණදේහ හරියට දෙකට බෙදලා සෛලයේ එක පැත්තක එක ගොඩකුත් අනිත් පැත්තේ අනිත් ගොඩකුත් ගහනවා.ඊට පස්සේ සෛලයේ මැද්දෙන් අර වර්ණදේහ ගොඩවල් දෙක වෙන් කරමින් බිත්තියක් හැදිලා සෛල දෙකක් බවට පත්වෙනවා
    350px-Major_events_in_mitosis.svg.png

    මේ විදිහට කලින් පැවති සෛලයට සමාන වර්ණදේහ සංඛ්‍යාවක් ඇතුව දරු සෛල දෙකක් හදන සෛල විභාජන ක්‍රමයට කියන්නේ 'අනූණන විභාජනය' කියලා.ඒ කියන්නේ අඩුවක් නැතුව කියන තේරුමනේ.

    ඒත් මම කලින් ලිපියක සඳහන් කළා වගේ උසස් සත්තුන්ගේ ලිංගික ප්‍රජනනයේදී සත්තු දෙන්නෙක්ගේ ජාන කළවම් වීම අපේක්ෂා කරනවා.ඒකට මව් හා පිය ජීවීන්ගේ තියෙන වර්ණදේහ ගාණෙන් භාගයක් වර්ණදේහ තියෙන සෛලය බැගින් ගෑනු ජීවියයි පිරිමි ජීවියයි හදලා ඒ දෙක එකතු කළොත් හැදෙන එකාට අම්මගෙ ජාන වගේම තාත්තගෙ ජානත් ලැබෙනවා.ඒ වගේම වර්ණදේහ ගාණත් ආයෙත් අම්මගේ සහ තාත්තගෙ ගාණටම එනවනේ.

    අම්මාගේ වර්ණදේහ සංඛ්‍යාව = 46
    අම්මාගේ ඩිම්බයක වර්ණදේහ සංඛ්‍යාව = 23

    තාත්තාගේ වර්ණදේහ සංඛ්‍යාව = 46
    තාත්තාගේ ශුක්‍රාණුවක වර්ණදේහ සංඛ්‍යාව = 23

    ඩිම්බය සහ ශුක්‍රාණුව එකතු වීමෙන් හැදෙන යුක්තාණුවේ වර්ණදේහ සංඛ්‍යාව = 23+23 = 46



    ඉතින් මේ ක්‍රියාවට අවශ්‍ය විදිහට සෛලයක අඩංගු වර්ණදේහ ගාණෙන් භාගයක් අඩංගු සෛල හදන විභාජන ක්‍රමයට කියන්නේ 'ඌණන විභාජනය' කියලා.ඒ කියන්නේ අඩු වෙන කියන අර්ථය තියෙන විභාජන ක්‍රමයක්නේ.

    අපේ ඇඟේ සෛලවල වර්ණදේහ 46ක් තියෙනවනේ.ඒකෙන් 23ක් තාත්තගෙන් ලැබිච්ච ඒවා.අනිත් 23 අම්මගෙන් ලැබිච්ච ඒවා.ඉතින් මේ වර්ණදේහ 46 අපිට අම්මගෙන් එකයි තාත්තගෙන් එකයි විදිහට අරගෙන යුගල් 23ක් හදන්ඩ පුලුවන්.මේ විදිහට හැදෙන යුගල් තමයි ඌණන විභාජනයේදී සෛලයේ මැද්දේ පෙළ ගැහෙන්නේ.

    300px-Meiosis_Overview.svg.png

    ඉතින් මේ වර්ණදේහ යුගලය දෙකට බෙදිලා එක් දරු සෛලයකට සම්පූර්ණ වර්ණදේහයක් බැගින් ලැබෙනවා.

    ඌණන විභාජනය පියවර දෙකකින් යුක්තයි.පළවෙනි පියවරේදි තමයි සම්පූර්ණ වර්ණදෙහ බැගින් ලැබෙමින් මව් සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවෙන් භාගයක් සහිත සෛල දෙකක් හැදෙන්නේ.ඊළඟට අනූනන විභාජනයක් සිද්ද වෙනවා.ඒ තමයි දෙවෙනි පියවර.ඒ නිසා සම්පූර්ණ ඌණන විභාජනයෙන් දරු සෛල 4ක් හැදෙනවා.ඒ වගේම ඌණන විභාජනයේ පළවෙනි පියවරේදී වර්ණදේහ යුගල් අත් අල්ලගෙන සෛලය මැද්දෙ පෝළිමට ඉන්න කොට මේ වර්ණදේහ කොටස් කැඩිලා එකිනෙක මාරු වෙන්ඩත් පුළුවන්.එතකොට හැදෙන ජීවියාට අළුත්ම ලක්ෂණ ඇතිවෙන්ඩ පුළුවන් අර වර්ණදෙහ කොටස් කළවම් වීමෙදි අළුත් ජාන ඇති උනොත්.ඒවට තමයි විකෘති ඇති වීම කියලා කියන්නේ

    crossovr.gif

    විකෘති හොඳ වෙන්ඩත් පුළුවන් නරක වෙන්ඩත් පුළුවන්.උදාහරණයක් විදිහට කකුල් හතරෙන් ගිය වානරයින්ගේ ඇති වෙච්ච විකෘතියක් හින්දා කකුල් දෙකෙන් ඇවිදින වානරයෙක් බිහි උනා.නරක විකෘතියක් විදිහට ඔය සමහර පරම්පරාවෙන් එන ලෙඩ රෝග තියෙන්නේ.අන්න ඒවා නරක විකෘති.පරම්පරාවේ කොහෙහරි කෙනෙක්ගෙ ඇතිවෙච්ච වර්ණදේහ විකෘතියක් නිසා ඇතිවෙච්ච රෝගයක් එයාගෙ ළමයින්ටයි එයාලගෙ ළමයින්ටයි විදිහට පරම්පරාගත වෙනවා.....

    ------------------------------------------------------------------------------------------------------------

    මේ විස්තරේ ලිව්වේ කරුණු සම්පූර්ණ කරන්ඩ අවශ්‍ය නිසා.සාමාන්‍ය ජනතාවට මේවා එච්චර වැදගත් නැති නිසා හැකි තරම් සරලවයි කිව්වේ
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    kalin thred wala link tikath daapan.
    එ වගෙ තමයි සමහර වෙලාවට නිලීන ජාන 2 වෙනි පරම්පරවෙ ඉස්මතු වෙන්නත් පුලුවන්.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ela ela.. kalin ewage links tikath mekema damma nam kattiyata hoya ganna lesi wei :)

    rep +