කොරෝනා හැදදෙනව කියන්නෙ මොකක්ද? 🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    183424741_2114734658666971_2526281828631556355_n.jpg

    ♦️
    දැන් හැමෝම දන්නවනෙ, වෛරස් එක පැතිරෙන විදිහයි, ඒකෙන් ආරක්ෂා වෙන්න ඕනි විදිහයි.
    ♦️
    මොලයක් තියන, මේකෙන් තමන් වගේම අනුන්ගෙ ජීවිතත් බේරගන්න ඕනි කියල දන්න හැමෝම මේ ගැන දැනුවත්. ඒ වගේම හරියට ඒ දේවල් පිළිපදිනව...
    ✅
    ✅
    මේ කියන්න යන්නෙ, කොරෝනා වෛරස් එක අපේ ඇඟට ගියාම මොකද වෙන්නෙ කියන එක.
    😛
    😛
    වෙන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෙ නැතුව කොරෝනා හැදිල මැරුණොත්, මැරිලත් මාසයක් විතර කල්පනා කරන්න වෙනව "මොකක්ද බං ඒ උනේ" කියල...
    🌏
    කොරෝනා වෛරසය කියන්නෙ මධ්‍යම ප්‍රමාණයේ වෛරස් එකක්. අපේ ඇඟේ සාමාන්‍ය සෛලයකින් 1/100 ක් විතර ඇති.
    වෛරස වල තියෙන්නෙ එක්කො DNA, නැත්නම් RNA. ජාති දෙකම එකක තියෙන්නෙ නෑ.
    ♦️
    අපි කතා කරන කොරෝනා වෛරස් එකේ තියෙන්නෙ, RNA අණුවක්.
    වටේ තියන ආවරණයේ තියනව, ප්‍රෝටීන් වලින් හැදුනු එලියට දික්වුනු, පොඩි කෑලි ජාතියක්.
    ♦️
    කොරෝනා වෛරස් එක අපේ ස්වසන පද්ධතියට ඇතුළු වෙන්නෙ, මුඛයෙන්, නාසයෙන් හෝ ඇස් වලින්.
    (ඇහැට බෙහෙත් දැම්මම කටට, බෙහෙත් ගතිය දැනෙනව නේ. ඒව එකිනෙක සම්භන්ධයි)
    ♦️
    වෛරස් එකේ නවාතැන තමයි ගර්ථ. ගර්ථ කියන්නේ, අපේ පෙනහළු වල වායු හුවමාරුව කරන පොඩි කාමරයක් වගේ දෙයක්.
    ♦️
    ඒකෙ තියනව සෛල වර්ග 2 ක්. Type 1 සශ Type 2
    ✅
    Type 1 සෛල, කුහරය සහ රුධිර නාල අතර වායු හුවමාරුවට දායක වෙනව..
    ✅
    Type 2 සෛල වලින් සර්ෆැක්ටන්ට් ස්‍රාවය කරනව. ඒකෙන් කරන්නෙ, වායු හුවමාරු කරන ගර්ථ කියන කාමරය, ඇකිලෙන්නෙ නැතුව තියා ගන්න එක.
    ♦️
    වෛරසය කොහොම කොහොම හරි ගර්ථ දක්වා ඇවිත්, Type 2 සෛල වල තියන ACE 2 කියන receptor (ප්‍රතිග්‍රාහකයට) බැඳෙනව.
    (ACE 2 ශරීරයේ තවත් බොහෝ තැන් වල තියනව)
    🙄
    මම කලින් කිව්ව නේද, කොරෝනා වෛරස් එකේ බිත්තියෙන් එලියෙ තියන ප්‍රෝටීන් කෑලි බෑලි ටිකක් ගැන. අන්න ඒව තමයි අර ප්‍රතිග්‍රාහකයට බැඳෙන්නෙ. ඒක ඇත්තටම කිව්වොත්, ඇතුල් වීමේ අවසරපතක් වගේ දෙයක්. වෛරසයට ඒ වගේ හැඳුනුම්පතක් නැත්නම්, සෛලය ඒකට ප්‍රතිචාර දක්වන්නේ නෑ. ඒ නිසා තමයි ලෝකෙ තියන හැම වෛරසයක්ම මිනිසාට ආසාධනය වෙන්නෙ නැත්තෙ.
    කොහොම හරි කොරෝනාට තියනව , හොර ID එකක්.
    😛

    ♦️
    ඊට පස්සෙ වෛරස සෛලයේ සහ අපේ සෛලයේ බිත්ති යා වෙලා, වෛරස් RNA අණුවට සෛලය ඇතුලට එන්න ඉඩ දෙනව...
    ඇතුලට එන RNA අණුව, අපේ සෛලයේ න්‍යශ්ටියට ගිහින්, ඒකත් රවට්ටනව... ඇත්තටම කිව්වොත්, අපේ සෛලය hiject කරනව...(අපේ සෛලය, වෛරසයේ අණසක යටතට ගන්නව)
    ♦️
    ඊට පස්සේ කරන්නෙ, අළුත් වෛරස් හදන්න අවශ්‍ය දේවල් අපේ සෛලය ලවා හදා ගන්නව. අළුත් වෛරස් පිටපත් සිය දහස් ගානක් හදල අන්තිමේ දි, අපේ සෛලය මැරෙනව. ඒ හැදුනු අළුත් වෛරස්, අහල පහල තියන සෛල වලටත් අර විදිහටම මුල ඉඳන් කරන්න පටන් ගන්නව.
    🙄
    හිතන්නකො. මුලින් එක සෛලයයි විනාශ වෙන්නේ. හැබැයි දෙවනි වටේ දි, සෛල 100 ක් කියල හිතමු.. තුන්වෙනි එකේ දී, 10000ක්... හතරෙදි 1000000....
    ප්‍රතිශක්තිය කියල දෙයක් නැත්නම් ඕක තමයි මැරෙනකල්ම දිගටම වෙන්නෙ.
    ✅
    ඔය වැඩේ පටන් ගනිද්දිම, Type 2 සෛල වලින් පණිවිඩයක් යවනව මහා භක්ෂාණු සෛල වලට. (Macrphagus / Immune cells)
    ♦️
    Macrophagus වලින් සයිටොකයිනීන් (Cytokines) කියල සංයෝගයක් නිකුත් කරනව. ඒකෙන් ගර්ථ වටේ තියන නහර විශාල කරල, නහර වල බිත්ති වල පාරගම්‍යතාව එහෙම වැඩි කරනව. ඒ වගේම තව තවත් Macrphagus සෛල ඒ වෙතට ඇද ගන්නව.
    ♦️
    මේ හේතු නිසා ගර්ථ ඇතුලෙ, තරලය එකතු වෙන්න පටන් ගන්නව.
    තරලය එකතු වෙද්දි, ගර්ථ වල බිත්ති ඇකිලෙන්නෙ නැතුව තියාගන්න උදව් වෙන සර්ෆැක්ටන්ට කියන සංයෝගය තනුක වෙනව. එතකොට ඒවට බෑ තව දුරටත්, බිත්තිය ඇකිලෙන්නෙ නැතුව තියාගන්න. ඒ නිසා ගර්ථ බිත්ති ඇකිලෙන්න ගන්නව. උපරිම වායු හුවමාරුවක් තියෙන්න නම්, හොඳට රවුමට තියෙන්න ඕනි නෙ. ඇකිලෙන්න ගත්තම, වායු හුවමාරු කිරීමේ හැකියාවත් ටික ටික අඩු වෙනව.
    ♦️
    ඒ නිසා අනික්, හානි නොවුනු ගර්ථ වලට පැවරෙන කාර්යය වැඩි වෙනව එතකොට. 10 දෙනෙක් කරන වැඩේ 7-8 දෙනෙක් කරද්දි, එක්කෙනෙකුට ලැබෙන වැඩ ප්‍රමාණෙ වැඩි වෙනව නෙ.
    ♦️
    ඉක්මනට ඉක්මනට හුස්ම ඉහල පහල ගන්න වෙනව. අපිට දැනෙන්නෙ හති වැටෙනව වගේ...
    ♦️
    මේ අතරෙ, නියුට්‍රොෆිල්ස් එහෙමත් අදාල තැනට ඇවිත්, Ractive oxygen species (රසායනික සංයෝගයක්) නිකුත් කරනව.
    ♦️
    ඒකෙන්, අපේ ශරීරයේ ඒ අවට තියන ආසාදිත සෛල විනාශ කරනව. මේ විදිහට ප්‍රතිශක්තියෙන් පහර දෙද්දි, ආසාධිත සෛල වගේම, ඒ අවට තියන හොඳ සෛලත් විනාශ වෙනව.
    ♦️
    ඒ කියන්නෙ ක්‍රියාකාරී Type 1 සහ Type 2 සෛලත් විනාශ කරනව.
    ♦️
    Type 2 සෛල විනාශ වෙලා, සර්ෆැක්ටන්ට් නැතුව ඒ ගර්ථත් ඇකිලෙන්න පටන් ගන්නව.
    ♦️
    ඒ වගේම Type 1 සෛල විනාශ වෙලා, වායු හුවමාරුව අඩු වෙනව.
    ♦️
    මේ අතරෙ තවත් තරලය ගර්ථ වලට පිරෙනව. නිව්මෝනියා තත්වයකට පත්වෙනව...
    ♦️
    මේ විදිහට, පෙනහළු වල ප්‍රධානතම වායු හුවමාරු මධ්‍යස්ථාන අක්‍රීය වෙලා යනව.
    ♦️
    හුස්ම ගැනීමේ අපහසුව එහෙම එන්නෙ, සැලකිය යුතු ගර්ථ ප්‍රමාණයක් විනාශ උනාට පස්සෙ.
    ✅
    මේ නිසා Acute Respiratory Distress Syndrome කියන තත්වයට පත්වෙනව.
    මේ ආසාදන තත්වය තවත් දරුණු වුවහොත්, ප්‍රෝටීන අඩංගු ගර්ථවල එකතු වෙලා තියන මේ තරලය, රැධිර නාල වලට ගමන් කරනව. ඒ හරහා මුළු ශරීරය පුරාම ගිහින්, Systemic Inflammatory Responce Syndrome කියන තත්වය ඇති වෙනව. මේ නිසා අපේ ශරීරයේ තියන අනෙකුත් වැදගත්.අවයව අකර්මණ්‍ය කිරීමට වගේම, Septic shock කියන බරපතල තත්වය ඇතිවී මරණයට පත්වෙන්නත් පුළුවන්...
    ✅
    මේ දේවල් එක්ක තමයි අපිට සටන් කරන්න වෙලා තියෙන්නෙ... ප්‍රතිකාර සීමිතයි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තුල තමයි ඔබේ ජීවිතය රැඳිල තියෙනනේ.
    ✅
    ඔක්ෂිජන් දෙන්නෙ ඇයි කියන එක ප්‍රශ්ණයක් ද.
    අපේ ඉතුරු වෙලා තියන ගර්ථ වලින් හා නාල වලින් උපරීම ප්‍රයෝජනයක් ගන්න.
    හිතන්නකො... කාමරේකට වතුර පිරෙනව. උඩින් ටිකක් විතරයි ඉතුරු. වායු ගෝලයේ ඔක්ෂිජන් ප්‍රතිශතය 21% ක් වගේ නෙ.
    ඒ කියන්නෙ සරලව බැළුවොත්, උඩ ඉතුරු වෙලා තියන බිත්ති වලිනුත් 1/5 කින් වැඩ කරනව වගේ දෙයක් නෙ ඒක.
    අපිට 100% ඔක්ෂිජන් දෙන්න පුළුවන් නම්, අනික් 4/5 ත් වැඩට ගන්න පුළුවන්. සරලව ඒ වගේ දෙයක් තමයි.. හරියටම නෙවෙයි. (සමහරුන්ට 100% ඔක්ෂිජන් දුන්නොත් මැරෙනව. ඒක වෙනමම කතා කරන්න ඕනි දෙයක් )
    අපි රෝගියාට පහසු කරනව, බලයක් ඔස්සේ ඔක්ෂිජන් ලබා දීම මඟින්... බට දාන්නෙ, ස්වසන මාර්ගය ආරක්ෂිත කරන්න...
    ❓
    ❓
    ❓
    පෙනහළු වල පිරෙන තරලට ඇදල අයින කරා නම් හරිනෙ... ?
    අපි මල්ලක් වගේ දෙයක් කියල හිතන් හිටියට, පෙනහළු කියන්නෙ Solid orgen එකක්. (සෛල පිරුණු ඝණ අවයවයක්.)
    අපි හිතනව වගේ හැම ගර්ථයකටම බට දදා, තරලය අදින්න බෑ... ප්‍රායෝගික නෑ. හිතන්නවත් බෑ.. (සාමාන්‍ය මිනිසකුගේ ගර්ථ මිලියන 600 ක් විතර තියනව)
    😛
    😛
    😛
    රෝගියාව ඔළුවෙන් හිට්ටවන්න බැරිද වගේ කතා අහන්න එපා...
    😂
    😂
    😂

    ✅
    ස්වාසනාලය , අනුස්වාසනාලය වගේ උඩ හරියෙ තියන ලොකු බට ටිකේ නම් ඕක කරන්න පුළුවන්..
    💙
    මේ අතරේ, ඔයාගෙ ප්‍රතිශක්තිය හොඳයි නම්, වෛරසය විනාශ කරන්න ප්‍රතිදේහ හදාගෙන සටන් කර ඔයා දිනනව.
    එන්නතෙන් කෙරන්නෙත්, අපේ ශරීරය ලවා, වෛරසයට එරෙහිව ප්‍රතිදේහ, වෛරසය ඇඟට ඇතුල් වෙන්නත් කලින්ම හදවන එක. එතකොට, ශරීරයට වෛරසය ඇතුල් වන පළමු අවස්ථාවෙ ඉඳන්ම සටන් කරන්න ලේසියි. අපිට වෙන හානිය අඩුයි...
    ඔය ටික තමයි වෙන්නෙ ප්‍රධානව ම.
    වෛරස් එකටවත්, මිත්‍යා දෘශ්ඨිකයන්ට වත්, ඔයාව Hijack කරන්න දෙන්න එපා.
    පරිස්සම් වෙන්න....
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    පට්ට මචං... තේරුම් ගන්න ලේසි වෙන්න ලියල තියෙනවා... කොරෝනා දුම් අල්ලන එකෙන් අඩු වෙන හැටිත් මේ වගේ ත්‍රෙඩ් එකක් තියෙනවද?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    පට්ට මචං... තේරුම් ගන්න ලේසි වෙන්න ලියල තියෙනවා... කොරෝනා දුම් අල්ලන එකෙන් අඩු වෙන හැටිත් මේ වගේ ත්‍රෙඩ් එකක් තියෙනවද?
    It's already in there....
    වෛරස් එකටවත්, මිත්‍යා දෘශ්ඨිකයන්ට වත්, ඔයාව Hijack කරන්න දෙන්න එපා. :P

    වෛරස වල තියෙන්නෙ එක්කො DNA, නැත්නම් RNA. ජාති දෙකම එකක තියෙන්නෙ නෑ.

    The above is mostly true. But note that there are hybrid viruses in existence. The first one was found in 2012, in a boiling acidic lake. It's essentially a DNA virus with a RNA capsid. Much later a few others were found from the oceans.
    There are termed RNA-DNA Hybrid Viruses (RDHV). It's generally believed that the first organisms on earth were RNA based, then later on DNA based life evolved. The Hybrids must have appeared during the transition.
    ------ Post added on May 18, 2021 at 3:48 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,016
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පන්තියේ පොඩි එකෙක් ඊයේ ඔලුව කැරකිලා උණ හැදීගෙන එනවා කියලා ගෙදර ගිහිං. එයා යාලුවොන්ට කියලා ඒ අයගේ මුස්ලිම් උත්සවයකට ඇවිත් ඒ හිටිය තව ෆැමිලි එකක ළමයෙක්ට කෝවිඩ්+ කියලා.

    ඉස්කෝලෙට මැසේජ් එකක් දැම්මා විස්තරේ කියලා. ප්‍රින්සිපල් කතාකරලා කිව්වා එයා එහෙම කියලා නෑ. මගේ දුවගෙන් ප්‍රශ්නකරන්න ඕන කියලා. දුවත් එක්ක කතාකරන්න එපා මම හවසට එන්නන් කියලා ශේප් කළා.
    මාර උකවල් මටත් සෙට්වෙන්නේ. :angry: :angry:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පන්තියේ පොඩි එකෙක් ඊයේ ඔලුව කැරකිලා උණ හැදීගෙන එනවා කියලා ගෙදර ගිහිං. එයා යාලුවොන්ට කියලා ඒ අයගේ මුස්ලිම් උත්සවයකට ඇවිත් ඒ හිටිය තව ෆැමිලි එකක ළමයෙක්ට කෝවිඩ්+ කියලා.

    ඉස්කෝලෙට මැසේජ් එකක් දැම්මා විස්තරේ කියලා. ප්‍රින්සිපල් කතාකරලා කිව්වා එයා එහෙම කියලා නෑ. මගේ දුවගෙන් ප්‍රශ්නකරන්න ඕන කියලා. දුවත් එක්ක කතාකරන්න එපා මම හවසට එන්නන් කියලා ශේප් කළා.
    මාර උකවල් මටත් සෙට්වෙන්නේ. :angry: :angry:
    :rofl:
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මචන්, මම නම් තදින්ම විශ්වාස කරනවා සිගරට් බොන එවුන්ට මේකේ ඉෆෙක්ට් එක අඩුයි කියලා.
    මාත් හිතනවා එහෙම... සිගරට් දුම් බොක්කටම යන හිංදා කොරෝනත් මැරෙනවා ඇති....