Sex Workers ලාට නවසීලන්තයේ වීසා ලකුණු
නවසීලන්තය විසින් Sex Workers (ලිංගික ශ්‍රමිකයන්ට) එරට වීසා අයදුම් කිරීමේදී ලකුණු ප්රදානය කිරීම සඳහා තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව නවසීලන්තයට වෘත්තීය වීසා ඉල්ලීම් කිරීමේදී අයදුම්කරුවන්ට වෘත්තීය ලෙස ලිංගික ශ්‍රමිකයෙක්වීම සඳහන් කළ හැකි අතර, එයට අනුව ලකුණු එක් කිරීමටද තීරණය කර ඇත.
ඒ අනුව වක්‍රාකාරයෙන් ලිංගික ශ්‍රමිකයන් රටතුළ වෘත්තියමය පිළිගැනීමක් ලැබීම මෙන්ම වෙනත් රටවල ලිංගික ශ්‍රමිකයන් ලෙස වෘත්තියේ නිරතවන්නන්ට නවසීලන්තය තුළ දොර විවරවීම මෙයින් සිදුවේ. මේ සම්බන්ධවෙන් විවිධ මත ජාත්‍යන්තරය තුළ පලවෙමින් ඇත.
කෙසේ වූවත් මෙහිදී ලිංගික ශ්‍රමිකයෙන් ලෙස පිළිගැනීමට නිර්ණායක කිහිපයක් නවසීලන්ත රජය මගින් පනවා ඇත. සාමාන්‍යයෙන් නවසීලන්තය තුල වෘත්තීය වීසා ලබාගැනීම සඳහා ANZSCO 5 වැනි මට්ටම දක්වා ලකුණු අවශ්‍යවේ.
සාමාන්‍යයෙන් නවසීලන්තය තුල වෘත්තීය වීසා ලබාගැනීම සඳහා Skilled employment තත්වය අවශ්‍යවේ. ඒ සඳහා අවම පැයකට නවසීලන්ත ඩොලර් 36ක වැටුපක් ලබන, සතියකට පැය 40 බැගින් වෘත්තියේ යෙදෙන සහ වසරකට නවසීලන්ත ඩොලර් 75000කට වැඩි වැටුපක් ලැබීම අනිවාර්ය වේ. ඒ නිසා මෙම නිර්ණායක සපුරන ලිංගික ශ්‍රමිකයන්ට නවසීලන්තය තුල වීසා ලබාදීමේදී ලකුණු ප්රදානය සිදුකරයි.
එපමණක් නොව ලිංගික ශ්‍රමිකයෙක් ලෙස අදාල ක්ෂේත්රය තුල වසර තුනක සේවා පළපුරුද්දද අවශ්‍ය කරයි. නමුත් මෙයින් නවසීලන්තය තුල ලිංගික ශ්‍රමිකයන්ට පුරවැසිභාවය ලබාගැනීමේ කිසිඳු ඉඩක් ලබාදී නැත.
2008 වසරේදී නවසීලන්තය තුල ලිංගික සේවා සැපයීම නීතිගත කිරීමේ පළමු පියවර තැබූ නමුත් මේ වනතෙක්ම එරට තුල ලිංගික ශ්‍රමිකයන් ප්‍රමාණයේ වර්ධනයක් සිදුව නැත. එසේම රටතුල ලිංගික සේවා සැපයීම සම්පූර්ණයෙන්ම නීතිගතවීමද සිදුව නැත. එවැනි වටපිටාවක් තුල නවසීලන්තයේ ලිංගික සේවා සැපයීම සම්පූර්ණයෙන්ම නීතිගත කිරීම සහ ලිංගික ශ්‍රමික සංඛ්‍යාව වර්ධනය කිරීමද මෙහි අරමුණක්ව ඇතිබව වාර්තා වේ.
එපමණක්ද නොව ලිංගික ශ්‍රමිකයන් සමාජයෙන් කොන්වීම සහ ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනයවීමද වැලැක්වීම මෙහි අරමුණක් බව එරට බලධාරීන් සඳහන් කරයි.
උපුටා ගැනීම - www.her.lk

lets hope this wont happen