ඔබත් Sexting වලට ගොදුරු වෙලා ද
නවීන ජංගම දුරකථන භාවිතය මඟින් සිදු කරන ලිංගික අපචාර ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ සේක්ස්ටින් ( Sexting ) යන අපුරු වදනකිනි. ලොව බටහිර රටවල් රැසක් මෙයට ගොදුරු වී ඇති අතර ලංකාව ද ක්‍රමයෙන් එම තත්වයට ලඟා වෙමින් පවතී.
මේ වන විට Sexting සඳහාම නිර්මාණය වුන වෙබ් අඩවි දස දහස් ගණනක් අන්තර්ජාලයේ තිබෙනවා. මේ හරහා සිදු වන්නේ ලිංගික ජායාරූප, ලිංගික වීඩියෝ පට හා ලිංගික පණිවිඩ අන්තර්ජාලය හරහා කිසිවෙකු වෙත යැවීමයි. නවීන ස්මාර්ට් ජංගම දුරකථන හරහා Sexual Photos, Sexual Videos, Sexual Text සන්නිවේදනය සිදු කරයි. මෙය අතිශය නීති විරෝධී ලිංගික අපචාර ක්‍රියාවලියකි.
වයස අවුරුදු 18ට අඩු දරුවන් කියන්නේ නීතිමය වශයෙන් බාලවයස්කාර ගණයට වැටෙන දරුවන් කොට්ඨාශයක්. ඔවුන් යොදාගෙන කරන ජායාරුපකරණය, ළමා අසභ්‍ය ජායාරුපකරණය ( Child Pornography ) වශයෙන් හඳුන්වන අතර දරුවන් යොදාගෙන සිදු කරන මෙම ක්‍රියාව වැඩි වශයෙන් සිදු කරන්නේ වැඩිහිටියන්ය.
එලෙසම පෙම්වතුන් හා පෙම්වතියන් අතර ද මෙම නිරුවත් ජායාරූප හා වීඩියෝ පට සංස්කරණය වන අතර එවැනි අවස්ථාවා දී ද අවුරුදු 18 ට අඩු කෙනෙකුගෙන් ලබා ගන්නා නිරුවත් ජායාරූප ද Pornography වලට අයත් වේ. මෙසේ ලබා ගන්නා වීඩියෝ පට හා ජායාරූප බොහොමයක් අවසන් වන්නේ නිරුවත් ළමා දර්ශන ඇති වෙබ් අඩවි වලය. ඒ පිරිස් සංවිධානාත්මකව මෙම ළමා අසභ්‍ය වීඩියෝ දර්ශන ලබාගෙන ඒවායින් මුදල් ඉපයීමේ ජාවාරම් සිදු කරන බැවිනි.
ශ්‍රී ලංකාව තුල ද මෙම Sexting ක්‍රියාවලිය යම්තාක් දුරට ප්‍රචලිතව පවතී. පෙම්වතුන් අතර සිදු කරන නිරුවත් ජායාරූප හා වීඩියෝ හුවමාරුවට අමතරව Viber / WhatsApp හරහා මුහුණ නොපෙනෙන පරිදි Video Call හරහා ලිංගික ක්‍රියාවන් සිදු කිරීමයි. මෙහි ඇති භයානකම තත්වය වන්නේ අනෙක් පසින් සම්බන්ධ වී ඇති පුද්ගලයා සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නොදැන සිටීමයි.
Sexting ව්‍යාප්ත වීමට ප්‍රබලම හේතුවක් වන්නේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයයි. ඒ නිසා තමන් භාවිතා කරන ජංගම දුරකථනය කුමක් සඳහා භාවිතා කරන්නක් ද යන්න සිහි කල්පනාවෙන් කටයුතු කරනවා නම් ඔබත් Sexting වල තවත් එක් ගොදුරක් නොවී සිටීමට හැකිවේවි.
source http://thewoman.lk/archives/6247
pemwathun share karanna ewath pornography lu. kawuda ban meka liwwa moda gaani.
