Answered Sexual Dysfunction ගැන ඔබ දන්නේ මොනවද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Sexual Dysfunction හෙවත් ලිංගික දූෂ්කෘතිය, නැත්නම් ලිංගික අක්‍රියතාවය කියන්නේ පුද්ගලයෙක්ට, නැත්නම් යුවලකට ලිංගික ක්‍රියාකාරකම්වලින් තෘප්තිමත්වීමට බාධාවක් විය හැකි ප්‍රධාන කාරණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලිංගිකව සක්‍රීය ලෝක ජනගහනයෙන් කාන්තාවන් අතරින් 43% ක් සහ පුරුෂයන් අතරින් 31% කට ආසන්න ප්‍රමාණයක් ලිංගික අක්‍රියතාවයන්ගෙන් පීඩා විඳිනවා.

    මොකක්ද මේ Sexual Dysfunction?

    සරලවම කිව්වොත් Sexual Dysfunction කියන්නේ ලිංගිකව එක්වීමේ ක්‍රියාවලියේ හෙවත් Sexual Response Cycle එකේ කුමන හෝ අවස්ථාවකදී එහි තෘප්තියට පත්වීමට බාධාකරන ගැටළුවක් හෝ බාධාවක් විදිහට හඳුන්වන්න පුළුවන්.

    Sexual Response Cycle කියන්නේ මොකක්ද?

    Sexual Response Cycle (ලිංගික ප්‍රතිචාර චක්‍රය) හෙවත් ලිංගික ක්‍රියාකාරකමක යෙදෙද්දී යුවලක් පසුකරන අදියර වන්නේ Excitement (උද්දීපනය), Plateau (අභිවර්ධනය), Orgasm (සුරාන්තය) සහ Resolution (විභේදනය) යන අදියරයන් තමයි. සමහරවිට හැම ලිංගික එක්වීමකදිම මේ අදියර නියම පිළිවෙලට සිදුනොවෙන්න පුළුවන්, බොහෝවිට කාන්තාවන් මුල් අදියර දෙක මගහැර යන අවස්ථාත් තිබෙනවා.

    ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ පර්යේක්ෂකයන්ට අනුව ලෝකයේ කාන්තාවන් හා පුරුෂයන් අතරේ ලිංගික අක්‍රියතා බොහොම පොදුයි. ඒත් බොහෝ දෙනෙක් ඒවා සඟවාගෙන සිටින්නේ එක්කෝ ප්‍රතිකාර ඇතිබව නොදැන, එහෙමත් නැත්නම් ලැජ්ජාව නිසා. ඒත් අඩුම තරමේ තමන්ගේ සහකරු හෝ සහකාරියට හරි මේ තත්ත්වය දන්වනවනම් ගැටළුව විසඳන්න ඉතාම පහසුයි.

    විවිධ ලිංගික අක්‍රියතා වර්ග මොනවාද?

    සාමාන්‍යයෙන් Sexual Dysfunctions මූලික වශයෙන් වර්ග හතරකට බෙදා පැහැදිලි කරන්න පුළුවන්.

    1. Desire disorders: ලිංගික එක්වීමකට ඇති ප්‍රියතාවය හෝ ආශාව අඩුවීම නැත්නම් නොමැතිවීම.
    2. Arousal disorders: ලිංගික ක්‍රියාකාරකම්වලට පෙර සහ අතරතුර කාලයේ ලිංගිකව උද්දීපනය හෝ ලිංගික අවයවයන් අවදිකිරීමට නොහැකිවීම
    3. Orgasm disorders: සුරතාන්තය පමාවීම හෝ දිගින් දිටම සිදු නොවී තිබීමේ අක්‍රියතාව
    4. Pain disorders: ලිංගිකව එක්වීම අතරතුර දැනෙන අධික වේදනා තත්ත්වයන්.
    මෙවැනි අක්‍රියතා ඇතිවන්නේ කාහට ද?

    ලිංගික අක්‍රියතා ඇතිවෙන්න වයස හෝ ස්ත්‍රී පුරුෂ භේදය බාධාවක් නෑ. එය ඕනෑම ලිංගික සක්‍රිය අවධියේ සිටින කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන්. ඒත් මේ තත්ත්වයන් වැඩිවශයෙන් දකින්න පුළුවන් වෙන්නේ වයස අවුරුදු 40ට වැඩි අය අතරේයි. ඒකට හේතුව වයස්ගතවීම එක්ක ඇතිවෙන සෞඛ්‍යමය හේතු විය හැකියි.

    Sexual Dysfunctions වල ලක්ෂණ මොනවාද?

    පුරුෂයන් අතරේ


    • පුරුෂයන් අතරේ ලිංගික අක්‍රමිකතා ඇතිවීමේදී පුරුෂ ලිංගය හෙවත් ලිංගේන්ද්‍රය ප්‍රාණවත් කිරීමට අපහසුවීම හෝ ප්‍රාණවත්ව සැලකිය යුතු වේලාවක් තබාගැනීමට නොහැකිවීම.
    • ශුකාණු පිටවීම සිදුවීම ප්‍රමාදවීම හෝ සිදු නොවී තිබීම.
    • ශුකාණු පිටවිම හෝ පිටවීම සිදුවන අවස්ථාව පාලනය කරගත නොහැකිවීම නිසා ක්ෂණිකව ශුකාණු පිටවීම.
    කාන්තාවන් අතරේ

    • සුරතාන්තය පමාවීම හෝ සිදු නොවී තිබීම.
    • ලිංගිකව එක්වීමට පෙර සහ අතරතුර යෝනි මාර්ගය ආශ්‍රිතව ශ්‍රාවයන් ප්‍රමාණවත් තරම් නොමැතිවීම.
    • ලිංගිකව එක්වීමකට අවශ්‍ය ලෙස යෝනි මාර්ගය දෙපස මස්පිඩු ලිහිල් නොවීම නිසා ඇතිවන වැජිනිස්මස් තත්ත්වයන්.
    දෙපාර්ශවය අතරේ

    • ලිංගික එක්වීමකට ඇති ප්‍රියතාවය සහ පෙළඹීම අඩුවීම
    • ලිංගිකව උද්දීපනය නොවීම.
    • අභ්‍යන්තර ලිංගිකව එක්වීම අධීක වේදනා සහිතවීම.
    ලිංගික අක්‍රියතාවයන් ට හේතුවෙන්නේ මොනවාද?

    Sexual Dysfunctions ඇතිවෙන්න බොහොමයක් කායික හා මානසික ගැටළු හේතුවෙනවා. ඒ වගේම දියවැඩියාව, හෘද රෝග, අධීක රුධිර පීඩනය, හෝර්මෝන අසමතුලිතතාවයන් වැනි රෝග තත්වයන් නිසාත් මෙවැනි ලිංගික අක්‍රියතාවයන් ඇතිවෙන්න පුළුවන්. දීර්ඝකාලීනව ලබාගන්නා විවිධ ඖෂධ නිසාවෙන්ද මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකියි.

    ඒ වගේම මානසික ආතතිය, විවාහ හෝ ආදර සබඳතාව සම්බන්ධ ගැටළු, විෂාදය, ශරීරය සම්බන්ධව අසතුටුභාවය හා ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇති මිත්‍යා විශ්වාස හෝ බිය නිසාද ලිංගික අක්‍රියතාවන් ඇති වෙන්න පුළුවන්.

    මේවාට ප්‍රතිකාර තිබෙනවාද?

    ඔව්.සහතිකයෙන්ම මේවාට ප්‍රතිකාර තිබෙනවා. Cleveland Clinic වෛද්‍ය ප්‍රතිකාර වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට sexual dysfunctions සඳහා මනෝවෛද්‍ය ප්‍රතිකාර වගේම ඖෂධ ප්‍රතිකාර ලෝකය පුරාම රටවල් හැම එකකම පවතිනවා. කලින් කියපු ලක්ෂණ පවතිනවනම් හොඳම දේ තමයි family counsellor කෙනෙක්ට හරි මනෝ වෛද්‍යවරයෙක්ට හරි මේ සම්බන්ධයෙන් දැනුම් දීලා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන එකට. ලෝකයේම පිළිගත්ත Sex therapy සහ වෙනත් අති සාර්ථක මනෝ විද්‍යාත්මක ක්‍රම භාවිතයෙන් ලංකාවේ වෛද්‍යවරු සහ උපදේශකයන් මේ සඳහා ප්‍රතිකාර කරනවා.

    එසේම මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යනම් ඒවාත් ලබාගන්න පුළුවන්. බොහෝවිට උපදේශකයන් සහ වෛද්‍යවරු උත්සහ කරන්නේ බෙහෙත් ලබා නොදී මනෝ වෛද්‍ය උපදෙස් මගින් මේ තත්ත්වයන් නැති කරන්න. ඒත් ඖෂධ අවශ්‍ය තත්ත්වයක් තිබෙනම් ඒවාට ප්‍රතිකාරද පවතිනවා. ඒ නිසා හොඳම දේ මේ වගේ තත්ත්වයකින් ඔබ පීඩා විඳිනවනම් ඒක හොඳින් හඳුනගෙන ඒකට අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න එක. ඒක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි, ඒක ඔබේ පවුල් ජීවිතයේ වගේම ඔබේ ජීවිතයේත් සුවදායී හා ප්‍රීතිමත්භාවයට වැදගත්ම දෙයක් වේවි.

    උපුටා ගැනීම - www.her.lk
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    1. Desire disorders: ලිංගික එක්වීමකට ඇති ප්‍රියතාවය හෝ ආශාව අඩුවීම නැත්නම් නොමැතිවීම.

    කිරියෙ ත්‍රෙඩ් ටිකක් බැලුවොත් මේක ඉබේටම වෙනව.
     
    • Wow
    Reactions: wijaindu

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ඒ මොකෝ ඒ
    ඇයි බං සැමන් ගඳයි කියනව, වමනෙට යනව කියනව, කොච්චර සේදුවත් ගඳ යන්නෙ නෑ කියනව. පොඩ්ඩක් ත්‍රෙඩ් ටිකක් කියවපං
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇයි බං සැමන් ගඳයි කියනව, වමනෙට යනව කියනව, කොච්චර සේදුවත් ගඳ යන්නෙ නෑ කියනව. පොඩ්ඩක් ත්‍රෙඩ් ටිකක් කියවපං
    ඒ බඩේ ගිණියම නිසා :yes: