SFගේ තීරණයේ වෙනසක් නෑ
ජනරාල්ගේ තීරණයේ වෙනසක් නෑ
ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 24 වෙනි බදාදා, 07:11
ජනරාල් සරත් ෆෙන්සේකා මහතා සමඟ මෙන්ම ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය සමඟ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ බවත්, මෙහිදී එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කිරීමට ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිය එකඟතාවය පළ කළ බවත් විවිධ අංශවලින් ආරංචි පැතිරෙන්නට වී ඇත. මෙම පුවත පිළිබඳ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයෙන් අප කළ විමසීමකදී එම කාර්යාල ප්‍රකාශකයෙකු පැවසුවේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.
මීට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කිරීමට ආරාධනා කළ අවස්ථාවේදී පුළුල් පෙරමුණක් ලෙස "හංසයා" ලකුණින් තරඟ කිරීම සුදුසු බව ජනරාල්වරයා ප්‍රකාශ කළ බවත්, මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ නොකළ බවත් පැවසූ ඒ මහතා මේ වන විට ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අදහස වන්නේ පුළුල් පෙරමුණක් ලෙස 'කුසලානය' ලකුණින් තරඟ කිරීම බවයි.
එක්සත් ජාතික පෙරමුණ සිය පක්ෂ ලකුණ බදාගෙන කටයුතු කිරීමත්, පුළුල් පෙරමුණක් ලෙස මහ මැතිවරණයට තරඟ කිරීමේ අදහසට එකඟ නොවීමත් හේතුවෙන් පොදු සන්ධානයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් 'කුසලානය' ලකුණින් තරඟකරන බවත්, එක්සත් ජාතික පක්ෂය මෙම පෙරමුණට සිය එකඟතාවය පළ නොකරන්නේ නම් කුසලානය යටතේ තරඟ කිරීම වෙනුවෙන් ඉදිරි දින දෙක තුළදී නාම යෝජනාවලට අත්සන් කෙරෙනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.