SFට කළ බොරු චෝදනා
ජෙනරාල් රදවා තබා ගැනීම ගැන ආණ්ඩුව කියූ චෝදනා කිසිවක් චෝදනා පත්‍රයේ නැහැ - අනුර දිසානායක
ප්‍රධාන පුවත 2010 මාර්තු 14 වෙනි ඉරිදා, 12:50
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීම සදහා ආණ්ඩුව ඉදිරිපත් කළ චෝදනා කිසිවක් ඔහුට එරෙහිව යුද අධිකරණ හමුවේ ගොනුකර ඇති චෝදනා පත්‍රයේ සදහන්ව නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධාන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිණි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට පෙර, එම අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරන්න ආණ්ඩුව ඉදිරිපත් කළ ප්‍රධාන චෝදනාව වුණේ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කොට රාජ්‍ය බලය පැහැර ගැනීම. මෙම කාර්යාලයේ සිටි පිරිස් සහ ඔහුට උපකාර කළ විශාල පිරිසක් ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවා ඒ ගැන ප්‍රශ්න කළා.
නමුත්, සරත් ෆොන්සේකා මහතා යුධ අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධත්‍යන් ගොනු කොට තිබෙන චෝදනා අතර එම කිසිදු චෝදනාවක් නැහැ. ඒ නිසා එම චෝදනා ඇත්තද නැත්තද කියා ආණ්ඩුව වහාම රටට ඉදිරිපත් කළ යුතුයි. ඔබට මතක ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශකවරු එම චෝදනාව දිගින් දිගටම ඉදිරිපත් කළා. පුවත්පත්වල ප්‍රධාන ශිර්ෂපාඨ ලෙස එය පළ වී තිබුණා.
මිලදී ගැනීම් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. අපි බැලූවා මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීම පිළිබඳ ගනු දෙනුව තිබෙනවාද කියා. එය නැහැ. එය ලංකාවේ සිදු වූ විශාල මූල්‍ය වංචාවක්. ඔබ දන්නවා එම ගනුදෙනුව සිදු වූ ආකාරය. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ ශ්‍රි ලංකා රජය සහ යුක්රේන් රජය අතර ගනුදෙනුව සිදු වන බව සඳහන් කරමින්. එලෙස රටවල් දෙකක් අතර සිදු වන ගනු දෙනුවකදී කොමිස් ගහන්න බැහැ. නමුත් ඇත්තටම ගනු දෙනුව සිදු වූයේ ස්ථානයක් නැති නමක් පමණක් ඇති එංගලන්තයේ සමාගමක් සමග. ඒ අවස්ථාවේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේ ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ මස්සිනා.
යුද්ධය අවසන් වූ පසුව කොටි සංවිධානය සතුව තිබූ අවි ආයුධ, ඩොලර් නෝට්ටු, රුපියල් නෝට්ටු වගේම රත්‍රං විශාල ප්‍රමාණයක් සොයා ගනු ලැබුවා. අපි අහනවා ඒවාට මොකද වුණේ? ඒ පරීක්ෂණ කළ යුතුයි.
මෙම චෝදනා පත්‍රයේ ආරක්ෂක කැමරා පද්ධති දෙකක්, වොල්ට් 12 බැටරි කෑලි, වොට් 5 ජෙනරේටර්, සහ දුරදක්න මිලදී ගැනීම ගැන චෝදනා නගා තිබෙනවා. ඔබ දන්නවා යුද්ධය පැවති වසර තුනක කාලය තුළ රුපියල් බිලියන 210කට වැඩි මිලදී ගැනීම් සිදු කර තිබෙනවා. නමුත් මාසයකට වැඩි කාලයක් කළ පරීක්ෂණවලින් පසුවත් ආණ්ඩුවට හැකි වී තිබෙන්නේ වෝල්ට් 12 බැටරිකෑලි 50ක් මිලදී ගැනීම ගැන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට චෝදනා ඉදිරිපත් කරන්න පමණයි. ඒ චෝදනාත් වැරදියි.
ඊළඟට ඉදිරිපත් කර තිබෙන අනෙක් චෝදනාව තමයි, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීම. ඊට ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී අබේරත්න, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ හමුදාවේ කිහිප දෙනෙක් සාක්ෂි ඉදිරිත් කොට තිබෙනවා. ගාමිණී අබේරත්න කියන්නේ කවුද? ඔහුගේ ප්‍රකට නම ටැක්සි අබේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ ගුවන් තොටුපළ සමාගමේ සභාපති. කොටි නායකයින් පිට රට යන වෙලාවේ ඔහු ඔවුන් හෝටල්වල රදවා ගනිමින් රැකවරණය සලසා තිබෙනවා. කොටි සංවිධානය විනාශ වෙන කොට විනාශ වෙන්නේ ඔහුගේ යහළුවන්. ඒ නිසා කොටි විනාශ කළ ප්‍රධාන පුද්ගලයා පිළිබඳ ඔහුට කේන්තියක් තිබෙන එක පුදුමයක් නොවෙයි.
ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ කවුද? තමන්ගේ නිවසේ මරාගෙන මැරෙන කොටි සාමාජිකාවක් රඳවා ගත්, එම මරාගෙන මැරෙන කොටි සාමාජිකාව විවිධ තැන්වලට ප්‍රවාහනය කළ පුද්ගලයෙක්. ඔහුටත් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වෛරයක් තිබීම අපට පිළිගන්න පුළුවන්. එවැනි පුද්ගලයින් තමයි සාක්ෂි ඉදිරිපත් කර තිබෙන්නේ.
ඒ වගේම පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයකු සමග සාකච්ඡා කරන්න හමුදාපතිවරයාට පුළුවන්. මන්ත්‍රීවරුන්ට ඒ අයිතිය තිබෙනවා. කවුද පළමුවෙන්ම සරත් ෆොන්සේකා මහතාට දේශපාලන යෝජනා ඉදිරිපත් කළේ? ඔබ දන්නවා, සරත් ෆොන්සේකා මහතා ආක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය දරද්දී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඔහු හමුවී අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරය පිළිගන්න යෝජනා කළා. ඒ වගේම චම්පික රණවක ඇමතිවරයා, උඩුවේ ධම්මාලෝක හා එල්ලාවල මේධානන්ද හිමිවරුන් ඔහු හමු වී සාකච්ඡා කර තිබෙනවා.
නමුත් කවුද මැතිවරණ වේදිකාවේ හිටියේ. ජනාධිපතිවරයාගේ දෙවැනි පුත්‍ර රත්නය වන යෝෂිත රාජපක්ෂ, නාවික හමුදාවේ නිලධාරියෙක්, ඔහු ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ සිටින අයුරු පුවත්පත්වල ඡායාරූප පළ වී තිබුණා එතැනින් පරීක්ෂණ ආරම්භ කරන්න. ඒ වගේම සරත් වීරසේකර අම්පාර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට එන බව මීට වසරකටත් පෙර මුළු රටම දැන සිටියා. ඔහු රාජකාරී කරන අතරතුර අම්පාරේ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් කැඳවා මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළා. ඒ දේශපාලනය නොවෙයිද?
සරත් ෆොන්සේකා මහතාගෙන් මේ සිදු කරන්නේ දේශපාලන පලි ගැනීමක්. ඔහුට ඉදිරිපත් කර තිබෙන චෝදනා අනුව ඔහු යුධ අධිකරණයකට හෝ සිවිල් අධිකරණයකට ඉදිරිපත් කරන්න බැහැ. නමුත් හමුදා අධිකරණයකට පත් වෙන්නේ හමුදාවේම පිරිස්. ඔවුන් ඉහළින් එන නියෝගවලට අවනතව කටයුතු කරනවා. ඒ නිසා ඊනියා දඬුවමක් පමුණුවා සරත් ෆොන්සේකා මහතා දේශපාලනයෙන් ඈත් කර තබන්නයි මේ උත්සාහ කරන්නේ. අද ඒකාධිපති පවුල් පාලනයක් ගෙන යන රාජපක්ෂ පාලනයට එකම අභියෝගය ඉදිරිපත් කරන්නේ සරත් ෆොන්සේකා මහතා. ඒ නිසා ඔහු දේශපාලනයෙන් ඈත් කරන්නයි මේ හදන්නේ. මේ කුමන්ත්‍රණයට යට වෙන්න එපා කියා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම යුධ අධිකරණ ක්‍රියාවලිය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතික්ෂේප කරනවා. සාමාන්‍යයෙන් යුධ අධිකරණයක කිසියම් පුද්ගලයකුට විරුද්ධව සාක්ෂි විමසන්නේ ඔහු ඉදිරිපිට. නමුත් එම අවස්ථාවට සහභාගි වීම සරත් ෆොන්සේකා මහතා ප්‍රතික්ෂේප කොට තිබෙනවා. ඒ නිසා ඔහු රඳවා සිටින කාමරයට ඇසෙන ලෙස ස්පීකර් දෙකක් සවි කොට සාක්ෂි විමසීම සිදු කර තිබෙන්නේ. ඔහුගේ සහ අපගේ ස්ථාවරය මෙම නීති විරෝධී යුධ අධිකරණය ප්‍රතික්ෂේප කළ යුතුයි කියන එකයි.
අපි මේ රටේ යුක්තිය අගයන, සියලූම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 16 වැනිදා නගරවලට ඇවිත් විරෝධය පළ කරන්න. තමන්ට පළ කළ හැකි ඉහළම විරෝධය පළ කරන්න. අපට නිදහස දිනා දුන් විරුවා වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය කරන්න." යැයි ප්‍රකාශ කළේය.