SFට මඩ ගසන්නැයි ආබාධිත සෙබලාට පහරදීලා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
SFට මඩ ගසන්නැයි ආබාධිත සෙබලාට පහරදීලා

ජෙනරාල්ට මඩ ගසන්නැයි බල කරමින් පැහැරගත් ආබාධිත සෙබලාට පහරදීලා ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 13 වෙනි සෙනසුරාදා, 20:47 පසුගිය 11 වැනිදා සිට අතුරුදහන් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා‍ගේ කොළඹ රාකීය මාවතේ පිහිටි කාර්යාලයේ සේවය කළ ආබාධිත හමුදා නිලධාරියා අද කොළඹ ටවුන්හෝල් ප්‍රදේශයෙන් හමුවී ඇත. මෙම ආබාධිත සෙබලා හමුවී ඇත්තේ ඔහුට දැඩි ලෙස පහරදී ටවුන්හෝල් ප්‍රදේශයේ මහමග දමා ගොස් තිබියදීය. පහරකෑමෙන් දැඩි ලෙස රෝගාතුරවී ඇති මෙම ආබාධිත රණවිරුවා මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ 7 වන වාට්ටුවේ ප්‍රතිකාර ගිනිමින් සිටී.

රාගම, තුඩුවේ‍ගෙදර පදිංචි ජේ. අශෝක කුමාර නම් මෙම ආබාධිත රණවිරුවා පසුගිය 11 වැනිදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කොළඹ කාර්යාලයට යන බව පවසා නිවසින් පිටත්ව ඇත. මෙහිදී කිසියම් පිරිසක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ඇත. පැහැරගෙන යාමෙන් පසු ඔහු ලවා ලිපියක් ලියවා ගැනීමට මෙම පිරිස උත්සහ දරා ඇත. එම ලිපියේ කරුණු තුනක් සටහන් කර තිබූ බවත්, එය සත්‍ය බවට අත්සන් කරන ලෙසට ඔහුට බල කළ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෙම රණවිරුවා අප හා පැවසීය. මෙහි සඳහන්ව තිබූ කරුණු වන්නේ

01.ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඔහුට ගිනි අවියක් ලබා දුන් බව,

02. ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා හා මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ටෙලි නාට්‍ය නිලි උපේක්ෂා ස්වර්ණමාලී (පබා) සමඟ පසුගිය කාලයේදී අනියම් සබඳතා පැවැත්වූ බව,

03. ‍තමන් යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය පසු තමන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට නම් සිය බිරිඳ ජෙනරාල් සමඟ අනියම් ඇසුරක් වෙනුවෙන් ලබා දිය යුතු බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තමන්ට පැවසූ බව.

යන කරුණුය.

මෙම කරුණු සත්‍ය බවට අත්සන යොදන්නේ නම් කිසිදු හිරිහැරයකින් තොරව ඔහුව නිදහස් කරන බවට මෙම පැහැර ගත් පිරිස පවසා ඇත. මෙම ලිපියට අත්සන් කිරීමට ඔහු ප්‍රතික්ෂේප කර ඇති අතර, පසුව ඔහුට මුදල් පෙන්වා මෙම මුදල් ලබා දෙන බවත්, ලිපියට අත්සන යොදන ලෙසත් පවසා ඇත.

නමුත් එයට ද මෙම රණවිරුවා එකඟ නොවීමෙන් පසු ඔහුගේ හිසේ කෙස් කපා ඇති මෙම පිරිස, ඔහු‍ගේ ඇහි බැම විවිධ උපකරණ යොදා ගනිමින් උගුල්ලා ඇත. පසුව අමානුෂික ලෙස පහරදී දිගින් දිගටම ලිපියට අත්සන් යොදන ලෙස බලකර ඇත. නමුත් එම කරුණට විරෝධය දැක්වීමෙන් පසු තවදුරටත් පහරදී පසුව අද ටවුන්හෝල් ප්‍රදේශයේදී මොහුව දමා ගොස් ඇත.

තමන්ව පැහැර ගත් හා මෙම සිදුවීමට සම්බන්ධ වූ කිසිවෙකු තමන් මීට පෙර දැක නැති බවත්, තමන් ගෙන ගිය ස්ථානය දැක ගැනීමට නොහැකි වන සේ තමන්ගේ දෑස් බැඳ ගෙන ගිය බවත් අශෝක මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම ආබාධිත රණවිරුවා සැරයන්වරයෙකු ලෙස 1995 වසරේ ජයසිකුරු මෙහෙයුමේදී සිටියදී ආබාධිත තත්ත්වයට පත්වීම නිසා වෛද්‍ය හේතු මත හමුදා සේවයෙන් විශ‍්‍රාම ගිය අයෙකි. ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට සහාය දක්වමින්, මෙම සැරයන්වරයා මාස 1 1/2 ක පමණ කාලයක් එම කාර්යාලයේ සේවය කර ඇත.

R03_1.jpg


R02_1.jpg


R01_1.jpg



 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
What do you think, Atula. Is this an isolated incident or just one item of a wider scheme?


No idea.
Whatever it is it has faled again and again
against SF.

We know him better.

The way we respect SF, and Arjuna
is much different
from the way MR supporters lick the backs,
no matter MR and gang do.

We kno SF enough to decide whether he would do such a thing.

SF had handled Rs 32,000 million
as Army Commander.
They accuse him for a deal worth Rs 30 million.
Are we fools to think that a corrupt commander
would stop at that.

Everything else is like that.
:lol:
 

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo


No idea.
Whatever it is it has faled again and again
against SF.

We know him better.

The way we respect SF, and Arjuna
is much different
from the way MR supporters lick the backs,
no matter MR and gang do.

We kno SF enough to decide whether he would do such a thing.

SF had handled Rs 32,000 million
as Army Commander.
They accuse him for a deal worth Rs 30 million.
Are we fools to think that a corrupt commander
would stop at that.

Everything else is like that.
:lol:

Right.