SF අත්අඩංගුවට ගැනීම නීතියට පට හැනියි
ජෙනරාල් අත්අඩංගුවට ගැනීම මෙරට මෙන්ම ජාත්‍යන්තර නීතයටත් පට හැනියි - හිටපු අගවිනිසුරු
ප්‍රධාන පුවත 2010 මාර්තු 01 වෙනි සදුදා, 19:24
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම මෙරට නීතියට මෙන්ම ජාත්‍යන්තර නීතියට පවා පටහැනි බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප්‍රකාශ කරයි. අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බළකරන අන්තර්ජාල පෙත්සම විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශණය සිදු කරමිණි. ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය විසින් මෙම පෙත්සම වීවෘත කළේය.
එහිදී සරත් එන් සිල්වා මහතා සිදුකළ සම්පූර්ණ කතාව පහත පළවේ.
රදවා තබාගෙන සිටිනජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙක් ලෙසයි මා හදුන්වන්නේ. කෲර ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කර අපට නිදහසේ ගමන් බිමන් යාමේ අවස්ථාව සලසා දුන් ඒ අභිත නිර්භීත සෙන්පතියාට, ඔහු අපට ලබාදුන් නිදහස භුක්ති විදින්න බැරි තත්ත්වයකට පත්කොට ඔහු සිරඅඩස්සියේ සිරකොට තිබෙනවා. එය ඉතාමත්ම ඛේදජනක තත්වයක්. එසේ රදවා ගැනීමේ අරමුණ අපට පැහැදිලියි. මේ නිර්භීත සෙන්පතියාගේ දරා ගැනීමේ ශක්තිය කඩා බිඳදැමීමේ ක්‍රියාදාමයක් වශයෙනුයි මම මේ සිරගත කිරීම දකින්නේ.
දේශපාලන සිරකුරුවෙක් වශයෙන් මම සරත් ෆොන්සේකා හදුන්වන්නේ වගකීමක් ඇතුවයි. අප රටේ නීතියේ අවශ්‍ය විදිවිධාන තියෙනවා වරදක් කර තැනැත්තෙකුව සිරඅඩස්සියට ගැනීමට. දැන් ඒ විධිවිධාන සියල්ල ඇහිරිලා ගිහිල්ලා තියෙන්නේ. මම හිතන්නේ ජාත්‍යන්තරය අප රට දකින්නේ නීතියක් නැති රටක් හැටියටයි. ඇත්ත වශයෙන්ම අපේ ඉතා උසස් නීති පද්ධතියක් තියෙනවා. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටෙව්වේ 1802. මේ කලාපේ මුලින්ම පිහිටවපු ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අපේ ශ්‍රේෂ්ඨාධීකරණය. ඒ ශ්‍රේෂ්ඨාධීකරණයේ අවුරුදු දහයක් අගවිනිසුරුවශයෙන් කටයුතු කිරීමට ලැබීම මාද ලැබූ භාග්‍යයක්. ඒ නිසා පැහැදිලිව කියනවා. අපේ රටේ හොද නීති පද්ධතියක් තියෙනවා. ජාත්‍යන්තරව පිළිගැනෙන නීති පද්ධතියක් තියෙනවා. මේ නීතියේ උසස්ම නීතිය තමයි ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාවේ 13 වෙනි වගන්තියේ පැහැදිලිව සදහන් වෙලා තියෙනවා. කිසියම් තැනැත්තෙක් අත්අඩංගුවට ගන්නවා නම් නීතියේ විධිවිධාන අනුව එම අත්අඩංගුවට ගත යුතුයි කියලා. 13 වෙනි වගන්තියේ දෙවැනි උපවගන්තියේ සදහන් වෙලා තියෙනවා එසේ අත්අඩංගුව ගත් තැනැත්තා නීතියෙන් යොදන කාලසීමක් ඇතුලතදී බලාන්විත අධිකරණයක් ඉදිරියට යොමු කළ යුතුයි කියා. ඒ නීතියේ සදහන් කාලසීමාව නම් අපරාධ විධිවිධාන සංග්‍රහයේ තිබෙනවා පැය 24කාලසීමක් ඇතුලත බලසහිත අධිකරණයක් ඉදිරියේ ඒ තැනැත්තා ඉදිරපත් කළ යුතුයි කියා. නමුත් මේ විධිවිධාන කිසිවකට අනුව නෙවෙයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ. එයට සාක්ෂිකරුවන් ලෙස සෝමවංශ අමරසිංහ මැතිතුමා, සුනිල් හදුන්නෙත්ති මැතිතුමා ඉන්නවා.
නීතිය අනුව නම් අත්අඩංගුවට ගත යුත්තේ අපරාධ නීතියට අනුකූලවයි. එතකොට අත්අඩංගුව ගන්න පොලිස් නිලධාරියා මුලින්ම කිව යුතුයි කුමක් අරභයා අත්අඩංගුවට ගන්නේද යන වග, ඒ සදහා සාධාරණ හේතු තිබිය යුතුයි. අන්න ඒකත් නීතියේ සදහන්වෙලා තියෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවෙලා තියෙන්නේ එහෙම නොවෙයි . දේශපාලන සාකච්ඡාවක් සිදුකරමින් තිබෙන අවස්ථාවක මේ කාර්ලයාලයට ඇවිත් එතනින් උස්සගෙන පඩිපෙළ දිගේ ඇදගෙන ගිහින් තියෙනවා. මේ පඩිපෙළ දිගේ ඇදගෙන යාම කොතරම් බිහිසුණුද. අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සදහන්ව තියෙන්නේ මෙය නොවෙයි.