SF අන්තර්ජාල පෙත්සම යථා තත්වයට
අන්තර්ජාල පෙත්සම යළි යථා තත්වයට
ප්‍රධාන පුවත 2010 මාර්තු 04 වෙනි බ්‍රහස්පතින්දා, 16:23
කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලකරමින් පසුගියදා විවෘත කළ අන්තර් ජාල පෙත්සම අවහිරහිරතා මග හැර යළි යථාතත්වයට පත් කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පවසයි.
එම සන්ධානයේ ප්‍රකාශකයකු පැවසුවේ මෙම වෙබ් අඩවිය විවෘත කිරීමෙන් අනතුරව කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව පිවිසුම් ප්‍රමාණය අධික ලෙස ඉහළ දැමීම හේතුවෙන් වෙබ් සර්වරයේ අවහිරතාවක් හටගත් බවත් ඒ හේතුවෙන් වෙබ් අඩවියට වරකට පිවිසෙන ප්‍රමාණය සීමා කිරීමට සිදුවූ බවත්ය.
කෙසේ වෙතත් මේවන විට වෙබ් අඩවිය වැඩි ධාරිතාවක් සහිත වෙබ් සර්වරයක් වෙත යොමුකර එම අවහිරතා මග හැර ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.
එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් අගයන ලොවපුරා වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට එම පෙත්සම සදහා දායකවී අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට දායකවන ලෙස ඉල්ලීමක් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
www.freesarathfonseka.com ලිපිනය ඔස්සේ එම වෙබ් අඩවියට පිවිසිය හැකිය.