SF මහින්දත් හදලා අරන්. SF the King

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
SF මහින්දත් හදලා අරන්. SF the King

SF මහින්ද හදලා අරන්.
fonseka-420x0.jpg


2010 නොවැම්බර් 25 වෙනි බ්‍රහස්පතින්දා, 10:23
ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දසදෙනාගේ කාර්යාල එකම ස්ථානයක පවත්වාගෙන යන බවත් මෙවර අයවැයෙන් වෙනම මුදල් වෙන් කිරීමක් සිදුව නොමැති නිසා ජනපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ මුදල් වෙන් කර ඔවුන්ගේ වියදම් පියවන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පවසයි.

සෑම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සඳහා කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක් හිමිවන අතර අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණය ඔවුනට පැවරෙන රාජකාරිය බවද හෙතෙම පැවසීය.

අමාත්‍යාංශ ලේකම්වරුන් 55 දෙනකුට ජනාධිපතිවරයා 23 දින පත්වීම් ලබාදුන් අතර ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වෙනුවෙන් ලේකම්වරුන් පත් කර නැත.

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිපදෙනකු ඔවුන්ගේ නමට මුලින් යොදා ඇති විෂයයන් වලට අදාල ආයතනවලට කථා කර අමාත්‍යාංශ කාර්යාලයක් වෙන්කරවා ගැනීමට දුරකථන ඔස්සේ විමසා ඇති අතර අදාල කාර්යාලවල බලධාරින් පිළිතුරක් නොදී එම විමසීම් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත. අනතුරුව එවැනි අමාත්‍යාංශ වෙන්කර දීමක් නොකරන බව හා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සියළුදෙනාටම එක් ගොඩනැගිල්ලක් තුළ සුළු කාර්ය මණ්ඩලයක් සමඟ කුඩා කාර්යාලය බැගින් වෙන්කර දෙන බව ජනාධිපතිවරයා පැවසූ බව වාර්තාවේ.

මේ තත්ත්වය යටතේ ජ්‍යෙෂ්ඨ ඇමැති තනතුරු ලැබුවන් දැඩි කනස්සල්ලෙන් පසු වන බවත් අයවැය විවාදය ආරම්භ වූ අවස්ථාවටද සහභාගී වී නොමැති බවත් වාර්තා වේ.