SF සිර මැදිරියේ උපවාසයක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
SF සිර මැදිරියේ උපවාසයක්

ජෙනරාල් සිර මැදිරියේ උපවාසයක් අරඹයි (දෙවන සංස්කරණය) ප්‍රධාන පුවත 2010 මාර්තු 07 වෙනි ඉරිදා, 11:59 ආණ්ඩුව විසින් සිරගත කරනු ලැබ සිටින ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා අද උදෑසන සිට සිර මැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇත. අධිකරණය විසින් සහතික කරන ලද තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම උපවාසය ආරම්භ කර තිබේ. මේ බව අද හෙළිදරව් වූයේ අද දින කොළඹ රාජකීය මාවතේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.

සරත් ‍ෆොන්සේකා මහතා බැලීමට යන ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මියට සිර මැදිරිය වෙත ජංගම දුරකතනය ගෙන යාමට අවසර ලබා දී තිබිණි. සරත් ෆොන්සේකා මහතා සිය දරුවන් සමග අදහස් හුවමාරු කර ගන්නේ එම ජංගම දුරකතනය භාවිත කරමිනි. එහෙත් ඊයේ සවස හදිසියේම එම අවසරය අවලංගු කරල සිය දරුවන්ගේ දුක සැප සොයා බැලීමට ජෙනරාල්වරයා ඇති අයිතිය අහිමි කර තිබේ. ඊට විරෝධය පළ කරමින් ෆොන්සේකා මහතා අද උදෑසන සිට උපවාසයක් ආරම්භ කරනු ලැබීය. අද පැවැති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනෝමා ෆොන්සේකා මහත්මිය මෙසේ පැවසුවාය.

"මම මගේ ස්වාමිපුරුෂයා බලන්න යන සෑම අවස්ථාවකදීම මගේ ජංගම දුරකතනය අරගෙනයි යන්නේ. ඒක විදේශීය ඇමතුම් ලබා ගත හැකි දුරකතනයක්. මම ‍මගේ ස්වාමිපුරුෂයා බලන්න යන අවස්ථාවේදී ගෙනියන මගේ ජංගම දුරකථනයෙන් තමයි මගේ ස්වාමි පුරුෂයා මගේ දියණියන් දෙදෙනාට කතා කරන්නේ.

මම ඊයේ මගේ ස්වාමි පුරුෂයාට රාත්‍රී ආහාරය ගෙන ගිය අවස්ථාවේදී මාත් එක්ක ගිය නිලධාරියා මට කිව්ව මට දුරකතන ඇතුළට ගෙන යාමට නොහැකියි කියල. ඒක මගේ හදවතට වැදුණු අකුණු පහරක් හා සමාන වුණා. මොකද මුළු ලෝකෙම කොයි ආකාරයට කිව්වත් මම දන්නව මගේ ස්වාමි පුරුෂයා කොයි තරම් හොඳ තාත්ත කෙනෙක්ද, එයාගෙ දරු සෙනෙහස කොයි තරම්ද කියල.

අපේ දියණියන් දෙදෙනා හැමදාම මග බලාගෙන ඉන්නව එයාගෙන් ඇමතුමක් ලබා දෙනකම්. මොකද ඒගොල්ලො සැතපුම් දහස් ගණනක් දුර ඈත ඉන්නෙ. ඒ වගේමයි ඔහුත් මග බලාගෙන ඉන්නව මම දුරකතනය අරන් එනකම් දරුවන්ට කතා කරන්න. ඒක ඔහුට ලබන ලොකු සහනයක්.
මේක අධිකරණයෙන් පවා අවසර ලබා දුන් දෙයක්. නමුත් මේ අධිකරණ නියෝගය පවා උල්ලංඝනය කරමින් මට ඊයේ රාත්‍රී සිට ජංගම දුරකතනය ගෙනියන්න ඉඩ ලබා දුන්නේ නැහැ. මම ඇහුව ඇයි මෙහෙම කරන්නෙ කියල. ඒ අවස්ථාවේදී එම නිලධාරීන් කිව්වෙ ආරක්ෂක අමාත්‍යංශයෙන් තමයි මෙම නියෝගය ඔවුන්ට ලැබුණෙ කියල.

මේ වෙලාවෙදි මගේ ස්වාමි පුරුෂයා කියා සිටියා ඔහුගේ මෙම අවස්ථාව නැවත ලබා දෙන තුරු ඔහු නිරාහාරව සිටීමට තීරණය කළා කියල. ඒ අනුව ඔහු අද උදෑසන සිට නිරාහාරව සිටිමින් උපවාසයක නිරත වෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය අධිකරණයත් ඉහළින් තියෙන්නෙ කියල මම ඊයෙ දැන ගත්ත. ඇත්තෙන්ම මේක පළිගැනීමක් ලෙසයි මම දකින්නෙ. හදවතක් නැති මිනිසෙකුට, පිය සෙනෙහසක් දන්නෙ නැති කෙනෙකුට පුළුවන් මේ වගේ තීරණයක් ගන්න.

DNA01.jpg

DNA02_1.jpg
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Add.jpg





ජෙනරාල් අත්අඩංගුවට ගෙන මාසයයි - වහා නිදහස් කරනු - ජනතා රැලිය හයිඩ් පිටියේදී ප්‍රධාන පුවත 2010 මාර්තු 07 වෙනි ඉරිදා, 20:53 කිසිදු චෝදනාවක් රහිතව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ‍ගෙන රඳවා හෙටට (08) මාසයක් සපිරෙන අතර, ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බල කෙරෙන මහා ජනතා රැලියක් හෙට (08) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම රැලියට ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාධ්‍ය ඒකකය පවසන්නේ මෙම රැලිය අන්තර් ජාලය ඔස්සේ සජීවීව www.freesarathfonseka.com යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කරන බවයි.