SF හෙට නොව අදම කළ යුතු දෙය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    SF හෙට නොව අදම කළ යුතු දෙය

    සරත් ෆොන්සේකා මහතා හිරෙන් නිදහස්‌ වීම කාගේත් සතුටට හේතුවූ බවට සැකයක්‌ නැත. සරත් ෆොන්සේකා මහතාගේ අදහස්‌ සමග කිසිසේත්ම එකඟ නොවන උදවිය පවා ඔහු විසින් තමන්ටම කරගත් මේ වින්නැහිය නිතර දෙවේලේ රූපවාහිනියෙන් දැකීමෙන් මහත් අපහසුතාවයටත් ලැඡ්ජාවටත් පත්විය. මින් ඉදිරියට එවැනි දර්ශන අපට රූපවාහිනියෙන් දකින්නට නොලැබීමත් සහනයක්‌ බව කිව යුතුය. එමෙන්ම සරත් ෆොන්සේකා මහතා තමාගේ සිරගතවීමට ලංකාවේ වෙනත් කිසිම දේශපාලකයෙකුට වඩා එඩිතර ආකාරයට මුහුණ දුන්නේය. විජය කුමාරතුංග මහතාද සිටියේ ෆොන්සේකා මහතා සිටි සිරකුටියේමය. එපමණක්‌ද නොව අච්චු කරනලද සිරකරුවකු නොවූ විජයට ආහාර පාන පිටින් ගෙන්වා ගැනීමට හැකියාව තිබුණේය. නමුත් ෆොන්සේකා මහතා ජම්පරයක්‌ හා කොට කලිසමක්‌ ඇඳගෙන හිරබත් කමින් සිටියේය. ෆොන්සේකා මහතා මෙන් නොව ගෙදරින් කෑම ගෙන්වාගෙන වුවත් විජයට මාස 3 ක්‌ හිරගෙදර ජීවිතය ඉවසිය නොහැකි විය. නමුත් ෆොන්සේකා මහතා සියල්ල ඉවසා අවුරුදු 2 කට පසුව සමාව ඉල්ලන්නේත් නැතුව එළියට පැමිණියේය. එයත් සැබවින්ම වීරකමකි.

    ෆොන්සේකා මහතාට එසේ කිරීමට හැකි වූයේද ඔහු සාමාන්‍ය සිරකරුවන් සමග නොසිටි නිසා බවද කිව යුතුය. ඔහු සාමාන්‍ය සිරකරුවන් සමග සිටියේ නම් නිදා ගැනීමට සිදුවන්නේ බිම පැදුරක එකාගේ පිටට අනෙකා ඇළවෙන ආකාරයටය. එපමණක්‌ද නොව ඒ වැසිකිළිවල දණහිස උසට මළපහ කඳුය. එවැනි තැනක සිටියා නම් ෆොන්සේකා මහතා වුවද දවස්‌ දෙකෙන් ජනාධිපති සමාව ඉල්ලා ලිපියක්‌ ලියනු ඇත. රිමාන්ඩ් භාරයට පත්වන බොහෝ ප්‍රභූවරුන් කරන්නේ සිරගෙදර ඉස්‌පිරිතාලයට ඇතුළු වීමය. නමුත් එම ඉස්‌පිරිතාලයේ වැසිකිළියද පාවිච්චි කළ හැකි තත්ත්වයේ ඒවා නොවේ. ෆොන්සේකා මහතාට වෙනමම පහසුකම් තිබුණු නිසා ඔහුට එම අවුරුදු 2 ඉවසා සිටීමට හැකිවිය. ඒ කෙසේ වෙතත් අවසානයේදී ඔහු තමන්ගේ නඩු තීන්දුවලට එරෙහි අභියාචනාද ඉල්ලා අස්‌කරගෙන ජනාධිපති සමාව යටතේ නිදහස බාර ගත්තා නම් එවැන්නක්‌ මීට කලින් නොකළේ මන්දැයි ප්‍රශ්නයක්‌ පැන නඟී. ඔහු සිරගතවූ මුල් අවස්‌ථාවේදී ඔහුව බැහැදැකීමට ගිය විජයදාස රාජපක්‍ෂ මහතාද ඔහුට පවසා තිබුණේ නිකන් දුක්‌ විඳින්නේ නැතුව එවැනි දෙයක්‌ කරගන්නා මෙනි.

    සරත් ෆොන්සේකා මහතාට මේ නිදහස ලබාදීම ගැන විවිධ පුද්ගලයන් උදම් ඇනුවත් එහි සම්පූර්ණ කීර්තිය යා යුත්තේ ටිරාන් අලස්‌ මහතාට බව කිව යුතුය. සිරගෙදරින් ඉස්‌පිරිතාලයට පැමිණෙන හැම අවස්‌ථාවකදීම ෆොන්සේකා මහතා ජනාධිපතිතුමාටත්, ආණ්‌ඩුවටත් බැණ වැදෙමින් කළ ප්‍රකාශ මධ්‍යයේ වුවත් සාකච්ඡා දිගටම කරගෙන යැමට හැකි වූයේ අලස්‌ මහතාගේ සුවිශේෂ දක්‍ෂතාවයක්‌ නිසාම විය යුතුය. සරත් ෆොන්සේකා මහතා හිරෙන් නිදහස්‌ වීමෙන් රටේ ජනතාවට ඇති වන ප්‍රධානම ප්‍රයෝජනය වන්නේ ඔහු දේශපාලනඥයකු හැටියට ඔහුගේම හැකියාව හා දක්‍ෂතාවයන් අනුව දැන් මැනීමට හැකි වීමය. දේශපාලනඥයකු සිරගතවී සිටීම ගැන ඇතිවන අනුකම්පාව මත තීන්දු ගැනීම නිවැරදි ක්‍රමවේදයක්‌ නොවේ. රාජපක්‍ෂ ආණ්‌ඩුවද අවසානයේදී ෆොන්සේකා මහතා එළියට දැමුවේද ඔහු වෙත අනුකම්පාව යොමු කරවා ගැනීමට හැකි තත්ත්වයක සිටීම ඔවුන්ට අවාසිදායක වන නිසාය.

    ඒ කෙසේ වෙතත් ෆොන්සේකා මහතා දැන් නිදහස්‌ය. ඒ නිදහස ලබා පැය 24 ක්‌ ගත වීමට මත්තෙන් ඔහු යුද අපරාධ චෝදනා ගැන මත භේදයක පැටලුණි. ඔහු නිදහස්‌ වූයේ මැයි 21 වැනිදාය. මැයි 22 වැනිදා ඊඊC පුවත් සේවයේ වෙබ් අඩවියේ ලිපි 3 ක්‌ පළවිය. ඒ ඔහු නිදහස්‌ වී පැමිණි දාම බී.බී.සී.ය සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් සකස්‌ කරන ලද ලිපියද එම ලිපි සමගම ෆොන්සේකා මහතාගේ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ පටයද වෙබ් අඩවියේ තිබුණි. එම නිසා අදාළ ලිපිවල තිබුණු දැ ඔහු ඇත්තටම කීවාද නැත්ද යන්න ගැන සැකයක්‌ තිබිය නොහැක. එම ලිපිවල ප්‍රධාන සිරස්‌තලය වූයේ

    “ශ්‍රී ලංකාව යුද අපරාධ විමර්ශනයට මුහුණ දිය යුතුයි.”

    “ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපති යුද අපරාධ විමර්ශනයකට ආණ්‌ඩුවට සහයෝගය දිය යුතු බව කියයි.”

    මේ සම්බන්ධව ලිපිවල කියවුණේ ෆොන්සේකා මහතාගේ මතයට අනුව යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශනයකට ලංකාව සහයෝගය දැක්‌විය යුතු බවත් ලංකාවේ පාලකයින් තමන්ගේ මුහුණු වසාගෙන සැඟවීමට යමක්‌ ඇති බව හඟවන ආකාරයකට හැසිරෙන බවත්ය. එපමණක්‌ද නොව ඔහු බී.බී.සී.යට පවසා තිබෙන ආකාරයට ආණ්‌ඩුවත් ඔහුත් අතර ඇති වෙනස වන්නේ ඔහු ඕනෑම ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයකට සහයෝගය දැක්‌වීමට සූදානම් වීම බවයි. එපමණක්‌ද නොව ඕනෑම චෝදනාවකට පිළිතුරු දීමට ඔහුට හැකි බවද ඔහු පවසා සිටී. මේ අනුව බලන කල පසුගිය ජනාධිපතිවරණයත් අදත් අතර කිසිදු වෙනසක්‌ සිදුවී නැත. ජනාධිපතිවරණය සමයේදී ද තමා ඕනෑම ජාත්‍යන්තර යුද අධිකරණයක්‌ ඉදිරියේ සාක්‍ෂි දීමට සූදානම් බවත් යුද අපරාධ කළ උදවිය ආරක්‍ෂා කිරීමට තමන්ගේ බෙල්ල දීමට සූදානම් නැති බවත් ෆොන්සේකා කියා සිටියේය. බොහෝ දෙනෙක්‌ ඒ කතාව නිර්වචනය කළේ රාජපක්‍ෂවරුන්ගෙන් පළිගැනීම සඳහා ඔවුන්ව ජාත්‍යන්තර යුද අධිකරණයට වුවත් පාවාදීමට ඔහු සූදානම් බවටයි. දැන් නැවතත් අපට අසන්නට ලැබෙන්නේ එවැනිම කතාය. අපට ඇසෙන කතාව එකම වුවත් දෙපිරිස එම කතාවට දෙන නිර්වචනය වෙනස්‌ය. ෆොන්සේකා විරෝධීන් පවසන්නේ මේ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයකට පාවාදීමට කරන ද්වේශ සහගත තර්ජනයක්‌ හැටියටය. ලංකාවට එරෙහි විදේශ බලවේග ද ෆොන්සේකා මහතා කියන මේ කතා තේරුම් ගෙන සිටින්නේ ඒ ආකාරයටමය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා යුද අපරාධ විමර්ශනයකදී සරත් ෆොන්සේකා මහතා තමන්ගේ ප්‍රධානතම සාක්‍ෂිකරුවකු හැටියට දැනටමත් හඳුනාගෙන සිටින ආකාරය මීට සති ගාණකට මුලදී ස්‌ටීවන් රැප් නමැති රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියාගේ ලංකාව සම්බන්ධ වාර්තා අනුසාරයෙන් ද අප පෙන්වා දුන්නෙමු.

    නමුත් ෆොන්සේකා මහතා මෙය නිර්වචනය කරන්නේ වෙනස්‌ ආකාරයකටය. ඔහු කියා සිටින්නේ වත්මන් පාලකයින් යුද අපරාධ චෝදනාවලට මුහුණදීමට බිය වුවත් ඔහු එසේ බිය නැති බවයි. මෙය “බය” හා “බය නැතිකම” අතර වෙනසක්‌ හැටියට හුවා දැක්‌වීමට ඔහු උත්සාහ කළත් මෙය පාවාදීමක්‌ හැටියට අනෙක්‌ පැත්ත දකී. මේ යුද අපරාධ චෝදනා සම්බන්ධව කතා කිරීමේදී අප පැහැදිලිවම සඳහන් කළ යුතු කාරණය වන්නේ ජාත්‍යන්තර යුද නීතිය අනුව නම් ලංකාවට එරෙහිව නඩුවක්‌ නැති බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උත්සාහය වන්නේ නඩුවක්‌ පැවරීමට මිස නඩුවෙන් දිනීමට නොවේ. නඩුවක්‌ පැවරුවත් එයින් ජයගත නොහැකි බව ඔවුන් හො¹කාරවම දනී. ඔවුන්ට අවශ්‍ය වන්නේ නඩුවක්‌ පවරා රාජපක්‍ෂවරුන් හිරගතකොට ලංකාව තුළ ආණ්‌ඩු වෙනසක්‌ ඇති කිරීමයි. 1990 ගණන්වලදී කොළඹ මහ නගර සභාවේ සිරිසේන කුරේ කල්ලිය විසින් රත්නසිරි රාජපක්‍ෂ නගරාධිපතිවරයාට කළ දේ මට මේ අවස්‌ථාවේදී සිහිවෙයි. රත්නසිරි රාජපක්‍ෂ (මැදමුලන රාජපක්‍ෂවරුන්ගේ ඥතියකු නොවේ.) නගරාධිපති හැටියට සිටීම ඉවසීමට නොහැකි වූ සිරිසේන කුරේ කල්ලිය කළේ ඔහු නඩුවක පටලවා තමන්ට හිතවත් වැඩබලන නගරාධිපතිවරයකු පත් කර ගැනීමයි. රත්නසිරි රාජපක්‍ෂ පසුව සියලු චෝදනාවලින් නිදහස්‌ වුවත් ඒ වන විට ඔහුගේ නිල කාලය අවසන් වී තිබිණි. මේ ක්‍රියාදාමයත් සමග ඔහුගේ දේශපාලන දිවියත් එහෙමම අවසන් විය. බටහිර රටවලට අවශ්‍ය වී ඇත්තේ ද ලංකාවට එරෙහි යුද අපරාධ නඩුවකින් ජය ගැනීම නොව නඩු පවරා රාජපක්‍ෂ ආණ්‌ඩුව නැති කිරීමටය.

    මෙහිදී ෆොන්සේකා මහතා කියා සිටි පරිදි යුද අපරාධ විමර්ශනයක්‌ ආරම්භ කළ පසු ඔහු චෝදනාවලට පිළිතුරුදීමට සූදානම් බවයි. මේ අවස්‌ථාවේදී බටහිර රටවල ෙච්තනාවත් ෆොන්සේකා මහතාගේ ෙච්තනාවත් එකම දිශාවකට ගමන් කරන බව අපට පෙනේ. දෙපිරිසටම අවශ්‍යව තිබෙන්නේ යුද අපරාධ විමර්ශනයක්‌ ආරම්භ කිරීමට බව පැහැදිලිය. ඉහතින් සඳහන් කරන ලද බී.බී.සී. සම්මුඛ සාකච්ඡාවේදී ෆොන්සේකා මහතා පවසා සිටි තවත් කාරණයක්‌ වූයේ යුද්ධය අවසානයේදී හමුදාව භාරව සිටියේ තමා මිස දේශපාලනඥයින් නොවන බවත් තමන් ඕනෑම චෝදනාවකට පිළිතුරු දීමට සූදානම් බවත්ය. යුද අපරාධ විමර්ශනයකදී පාඩුවක්‌ සිදුවන්නේ තමාට නොව බලයේ සිටින රාජපක්‍ෂවරුන්ට බව ඔහු හො¹කාරවම දනී. එපමණක්‌ ද නොව බටහිර බලවතුන්ගේ ඉලක්‌කය වන්නේ ද රාජපක්‍ෂවරුන් මිස තමා නොවන බවත් ඔහු දනී. එපමණක්‌ ද නොව බටහිර බලවතුන් තමා ඔවුන්ට සිටින වටිනාම සාක්‍ෂිකරුවා හැටියට සලකන බවත් ඔහු දනී. එම නිසා යුද අපරාධ විමර්ශනයක්‌ ඉදිරියේ සාක්‍ෂිදීමට තමන් බය නැතැයි කීම සද්භාවයෙන් කරන දෙයක්‌ නම් නොවන බව පැහැදිලිය.

    යුද අපරාධ අධිකරණයක්‌ ඉදිරියේ ඕනෑම චෝදනාවකට පිළිතුරු දීමට තමන්ට හැකියාවක්‌ ඇතැයි ෆොන්සේකා මහතා පවසන්නේ නම් ඔහු ඒ දේ කිරීමට යුද අධිකරණයක්‌ පත්වන තුරුම බලා සිටින්නේ මන්ද යන ප්‍රශ්නය පැන නගී. යුද අධිකරණයකදී ඉදිරිපත් විය හැකි සියලුම චෝදනා දැනටමත් බටහිර රටවල් විසින් පලකොට තිබෙන වාර්තාවල සඳහන් වී ඇත. බෑන් කී මූන්ගේ ලංකාව සම්බන්ධ උපදේශන කමිටු වාර්තාව ද මේ අතුරින් ප්‍රධාන තැනක්‌ ගනී. යුද අධිකරණයකදී ඒ තිබෙන චෝදනා අඩු වනවා මිස දැන් තිබෙන ප්‍රමාණයට වඩා කිසිසේත්ම වැඩි වන්නේ නැත. එම නිසා ෆොන්සේකා මහතා යුද අධිකරණයක්‌ පත්වන තුරු බලා සිටින්නේ නැතුව මේ තිබෙන චෝදනාවලට දැන් සිටම පිළිතුරු දිය යුතුය. එම පිළිතුරු ප්‍රමාණවත් වුවහොත් යුද අපරාධ චෝදනා ගොනු කිරීමටවත් බටහිර රටවලට නොහැකි වනු ඇත. ෆොන්සේකා මහතා ඕනෑම යුද අපරාධ චෝදනාවකට පිළිතුරු දීමට තමන් සූදානම් බව පවසන්නේ රණවිරුවන් එවැනි චෝදනාවලින් මුදා ගැනීමට නම් ඔහු දැන්මම එම චෝදනාවලට තමන් සතුව ඇති පිළිතුරු දීමට පටන්ගත යුතුය. එසේ නොමැතිව තමන්ට මේ ඇති චෝදනාවලට පිළිතුරු දිය හැකි යෑයි කියමින් එසේ පිළිතුරු දීමට නම් මුලින්ම ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ ආරම්භ විය යුතුය යන ස්‌ථාවරයේ සිටීම සද්භාවයෙන් කරන දෙයක්‌ නොවන බවට තීන්දු කිරීමට අපට සිදුවනු ඇත
    .


    සී. ඒ. චන්ද්‍රප්‍රේම -දිවයින
     
    • Like
    Reactions: tewera

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    Diwayina kiwwoth me wage kathawak thamai ban.sathutuweyalla me wage ekak e kale mahindata demma nam meka liyapu eka athurudan machan. anika amathaka karanna epa SF unath etulata giyapu hethuwa issella mekata liyanna kiyapan.ethakota dena ganna puluwan kawda hari kiyala
     

    Similar threads