ජනරාල්ගේ තවත් වංචාවක සුල මුල හෙළි වෙයි...
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ සිටින කාලයේ භාවිත කළ සැටලයිට් දුරකථන කිහිපයකට අදාළ රුපියල් විසි ලක්‍ෂ අසූ දෙදහස් නවසිය අනූ පහයි ශත අසූවක (2082995.80) මුදලක් තිබෙන බව මේ වන විට අනාවරණ වී තිබෙන අතර එම මුදල ෆොන්සේකා මහතාගෙන් අය කර ගැනීමට ශ‍්‍රී ලංකා යුද හමුදාව මේ වන විට නීතිමය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. සරත් ෆොන්සේකා මහතා (එවකට මේජර් ජෙනරාල්) යාපනය ආඥාපති වශයෙන් කටයුතු කරන කාලයේ එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජයේ තැපැල් හා විදුලි සංදේශ ඇමතිවරයා වූ මංගල සමරවීර මහතා මෙම සැටලයිට් දුරකතන ෆොන්සේකා මහතාට ලබා දී තිබේ. එම දුරකතන වල අංක මෙසේය.
01. 684130020
02. 761375662
03. 761677550
ෆොන්සේකා මහතා වන්නි ආඥාපතිවරයා වීමෙන් පසුව ද මෙම දුරකතන භාවිත කර ඇති අතර ඔහු ඒවා යොදාගෙන තිබෙන්නේ ඇමෙරිකාවේ සිටින තම දියණියන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමග කතා බහ කිරීමට මිස නිල රාජකාරි කටයුතු සඳහා නොවන බව මේ වන විට අනාවරණ වී තිබේ.
2004 ඔක්තෝබර් මස 20 වන දින එවක යුද හමුදාපතිවරයාට ලිපියක් යවන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප‍්‍රකාශ කර ඇත්තේ 2000 සහ 2001 වසර වල දී සැටලයිට් දුරකතන වලට අදාළව ඇති රු. 2083331.80 ක නොගෙවූ බිල්පත ගෙවන ලෙසයි. මෙහි දී යුද හමුදාපතිවරයා වූ ශාන්ත කෝට්ටේගොඩ මහතා විගණන වාර්තා සැලකිල්ලට ගනිමින් ෆොන්සේකා මහතාට පවසා ඇත්තේ මෙම දුරකතන ඇමතුම් රාජකාරි කටයුතු වලට සම්බන්ධ නොවන නිසා යුද හමුදාව ඒවා ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
ටෙලිකොම් ආයතනය එවන ලද ලිපියේ 2000 වසරේ සැප්තැම්බර්, නොවැම්බර්, සහ දෙසැම්බර් මාස වල ලබා ගත් ඇමතුම් වල සාරාංශයක් දක්වා ඇති අතර එය පහත පරිදි වේ.
සැප්තැම්බර්
01. ඇමෙරිකා එක්සත් ජනපදය 151
02. ඉන්දියාව 02
03. ඕස්ටේ‍්‍රලියාව 03
04. ජපානය 06
නොවැම්බර්
01. ඇමෙරිකා එක්සත් ජනපදය 163
02.නෙදර්ලන්තය 01
දෙසැම්බර්
01. ඇමෙරිකා එක්සත් ජනපදය 50
02. බි‍්‍රතාන්‍යය 01
මෙම දැනුම් දීම් කළ ද ෆොන්සේකා මහතා දුරකතන බිල්පත් ගෙවීම පැහැර ඇති අතර ඔහු යුද හමුදාපති වීමෙන් පසුව අදාළ බිල්පත් යුද හමුදා සුබසාධක අරමුදලින් ගෙවන ලෙස ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පවසා තිබෙන බව හෙළි වී තිබේ.
අනතුරුව 2006 ජනවාරි 24 වන දා ද යළිත් ලිපියක් යොමු කරමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අදාළ දුරකතන බිල්පත් ගෙවන ලෙස යුද හමුදාවට නැවත සිහිපත් කර ඇත. ඉන්පසු යුද හමුදාවේ ලේකම් මේජර් ජෙනරාල් ඒ.ඩබ්.ජේ.සී. ද සිල්වා මහතා සරත් ෆොන්සේකා මහතා වෙත 2010 ජනවාරි 12 වන දා ලිපියක් යවා ඇති අතර එහි සඳහන් ව ඇත්තේ ටෙලිකොම් ආයතනයට අනුව රුපියල් 2082995.80 ක නොගෙවූ දුරකතන බිලක් තිබෙන බවත් එය ඉක්මනින් ගෙවන ලෙසත්ය.
මේ සිදුවීමට අදාළව යොමු කෙරුණු ලිපි පහත දැක්වේ.