SF to form a new party

sanddun

Well-known member
  • Jun 8, 2008
    13,002
    1,246
    113
    PX3-808
    Former Army Commander Sarath Fonseka, who was released on a special presidential pardon on Monday, is to form a new political party named, ‘Democratic Party’ led by him, MP Jayantha Ketagoda said.

    “We have already forwarded the application to the Elections Secretariat for registration and awaiting its approval,” said Mr. Ketagoda, who is the Chairman of the party.

    He also said MP Arjuna Ranatunga and Anoma Fonseka will be the Co-Deputy Leaders of the Party while Tiran Alles will act as the General Secretary.

    Mr. Ketagoda said that other officials would be named once the registration process was completed.

    -dailymirror-



    තමාට මැතිවරණයකට තරගකිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතත් දේශපාලනය කිරීමට හැකියාව ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

    බන්ධනාගාරගතව සිටි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාව ලැබීමෙන් පසු රොයිටර් පුවත් සේවය හා දුරකථනයෙන් එක්වෙමින් හෙතෙම මේ බව පෙන්වා දී තිබේ.

    තමාට මිනිසුන්ව දැනුවත් කිරීමට හැකියාව ඇති බවත්,රැස්වීම් කැඳවා ආමන්ත්‍රණය කළ හැකි බවත් ඔහු එහිදී සඳහන් කර ඇත.

    එසේම මෙම රජය,බලයෙන් පහ කොට ජනතාව‍ගේ සුබ සිද්ධිය පිණිස කටයුතු කරන රජයක් බලයට පත්කිරීමට කළ හැකි අන්සෑම දෙයක්ම කරන බවද ෆොන්සේකා මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

    ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ තිස් හතර වෙනි වගන්තියට අනුව, අධිකරණයෙන්දඬුවම් ලැබූ අයෙකුට පූර්ණ නිදහස ලබා දීමට ජනාධිපති වරයාට බලය ඇති නමුත් මෙම අවස්ථාවේදී ෆොන්සේකා මහතාට එවැනි නිදහසක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බව හිටපු අග විනිසුරු සරත් එන්. ද සිල්වා මහතා බී.බී.සී මාධ්‍යයට පවසා සිටියේය.

    බී.බී.සී සේවයේ සංදේශයට අදහස් දක්වමින් ,මෙහිදී ජනාධිපති වරයා සුදු කොඩි නඩුවෙන් හිටපු හමුදාපති වරයා නිදහස් කර ඇතත් යුධ අධිකරණය ඉදිරියේ දඬුවම් ලැබූ හයි කෝප් නඩුවෙන් ලැබූ දඬුවමට සමාව දී නොමැති තත්ත්වය තුළ ඔහුගේ ප්‍රජා අයිතීන් ලැබී නොමැති බවද සරත් නන්ද සිල්වා අවධාරණය කළේය.

    ලැබී ඇති නිදහස අනුව සරත් ෆොන්සේකාට දේශපාලන කටයුතු වල යෙදීමට කිසුදු බාධාවක් නොමැති වුවද ඡන්දය දීමේ හෝ මැතිවරණ සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඔහුට අවසරයක් නොමැති බවද සරත් නන්ද සිල්වා, හිටපු අගවිනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය.

    -adaderana-


     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,933
    14,351
    113
    Malabe
    අලුත් එකකින් එනවනම් නියමයි
    11.gif
    11.gif
    11.gif
    අයෙ ඉතින් කියලම වැඩක් නැ කමෝන් ෆොන්සේක. :lol::lol::lol: