She Needs Your Help

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
15hisgg.jpg


f26idw.jpg


මේ අහිංසා ශ්‍රී ලංකා වෙත ලැබුණු තොරතුරක්. මෙයා හරිම අහිංසක අසරණ ගැහැනු සතෙක්. මෙයා ජීවත් වුණේ මහරගම ඇරැව්වල ප්‍රදේශයේ පාරක. පාරේ ගිය වාහනේකට මෙයා අහුවෙන කොටත් මෙයා ගැබිනියක්. ඒ මොහොතේ ජීවිතය බේරුණත් පාර අයිනේ වැටිලා දවස් කීපයක් තිස්සේ අසරණව කෑගසමින් හිටපු මේ සතා ගැන කිසිවකු බලලා තිබුණේ නෑ. අන්තිමේ ඒ පැත්තේ ගෙදරක එක මහත්මියක් මෙයාව උස්සාගෙන පශු වෛද්‍යවරයකු වෙත රැගෙන ගිහින් සෑහෙන කලක් ප්‍රතිකාර ලබා දී තිබුණා. මේ අතරේ එයාගෙ පැටව් කුසේදීම මියගිහින් තිබිලා ඒවාටත් ප්‍රතිකාර ලබා දුන්නා. අනතුරෙන් මෙයාගෙ ෂුෂුම්නාව කැඩිලා. පිටුපස කකුල් දෙක අප්‍රාණිකයි. ඉදිරිපස ගාත් දෙකට හානි නැති නිසා ඒවා ඉදිරියට තබමින් පිටුපස අද්දවමින් තමයි මෙයා දැන් ඇවිදින්නෙ. මෙයා ඒ විදිහට ඇවිදීම නිසා තුවාලත් වෙනවා. මෙයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා කියන්නෙ ඇවිදීම පහසුවීමට මෙයාට කරත්තයක් අවශ්‍ය බවයි. එවිට ඉදිරිපස ගාත් දෙක තබමින් කරත්තයේ රෝද උදව් කරගෙන තුවාල නොවි මෙයාට ඇවිදින්න හැකියාව ලැබෙනවා. එවැනි සුනඛ කරත්ත ලෝකයේ බොහෝ රටවල්වල දැන් භාවිතයට ගැනෙනවා. අපේ රටේ වුණත් වැඩි වියදමක් නැතිව එවැන්නක් සාදවාගන්න පුලුවන්. මෙයාව දැනට බලා ගන්නෙ එයාට ප්‍රතිකාර කළ මහත්මියයි. මෙයාව හොඳින් රැකබලා ගත හැකි ස්ථානයකට මෙයාව පැවරීමට හෝ මෙයාට අවශ්‍ය කරත්තය සාදා දීමට කැමති කාරුණික අයෙක් හෝ ඒ මහත්මිය සොයමින් හිඳිනවා. මේ අහිංසක අසරණ සතාට පිහිටක් වන්න ඔබත් කැමති නම් මේ අංකයට කතා කරන්න. 011-4383798