Shed එකෙන් පෙට්‍රල් ගහගෙන 1KM වත් එන්න බැරුව මිස් කරා . ගලවලා බලනකොට පෙට්‍රල් වල වතුර. වහන පරිස්සම් කරගන්න. 

️
සෑම ටැංකියකම යට වතුර ඇත (settling tanks). අපේ රටේ ටැංකි වල alarm system එකක් නැහැ. ලැබෙන තෙල් ප්‍රමාණයට වාහන count එකක් ගන්නවා. ඉස්සර නම් එහෙම වුනේ කළාතුරකින් මොකෝ ටැංකි empty වෙනකම් තෙල් ගහන්නේ නැති නිසා. දැන් ඉතින් අපෙ කට්ටිය තෙල් ටැංකි empty වෙනකම් ගහන්න කියනවානේ, නැත්නම් රන්ඩුවට එනවා. ගොඩක් shed අන්තිම වාහන වලට ගහනකොට වාහනේට ගහන්න කලින් බෝතලයකට sample එකක් ගන්නවා වතුරද තෙල්ද එන්නේ කියලා බලන්න. ඒකටත් ගොඩක් කට්ටිය රන්ඩු කලා තෙල් හොරකම් කරනවා කියලා. කොහෙමත් තෙල් ගහනකොට අන්තිමට තියෙන වාහන ටික පරිස්සමෙන් තෙල් ගහන්න. Eg- 6600L ට කාර් 250ක් නම්, 240 ඉදන් ඉන්න කට්ටිය පරිස්සමෙන් ගහගන්න, පුළුවන් නම් සාම්පල් අරගෙන ගහන්න.