Shield Wall හා අරගලය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1665201244362.png


    අරගලයට සම්බන්ධව සිටියේ යැයි කියන නළුවෙකු විසින් සිදුකල මුල්‍ය වංචාවක් ගැන පුවතක් පසුගියදා අසන්නට ලැබුණි. ප්‍රබල අරගල ක්‍රියාකාරිනියක් වන දමිතා අබේරත්නගේ දේශපාලන තීරණයක් සම්බන්ධ සිදුවීමක් ද වාර්තා විය. ඊට පෙරත් අරගලයට සම්බන්ධව සිටි ප්‍රකට පුද්ගලයන් හා ඈඳුනු විවිධ සිදුවීම් වාර්තා විය.
    මේ සිදුවීම් සියල්ලේම පොදු ලක්ෂණයක් වන්නේ ඒවා අරගලය විසින් උත්කර්ෂයට නැඟු අරගල සදාචාරයන්ගෙන් හා ජනතාවාදී යැයි කියූ අරමුණු වලින් අපගමනය වූ දේවල් වීමය. ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධ සිදුවීම් වලට පමණක් එවැනි ප්‍රචාරයක් ලැබුණත් අරගලයට සම්බන්ධව සිටි සෙසු සාමාන්‍ය පුද්ගලයන්ගේ අරගල සදාචාරයට හානිකර ක්‍රියාවන් ගැන පුවත් මතුපිටට පැමිණෙන්නේ නැත.
    එවැනි ආන්දෝලනාත්මක සිදුවීමක් සිදුවූ වහාම සෙසු අරගල හිතවාදීන් සිදුකරන්නේ, අරගලය යනු තනි තනි පුද්ගලයන්ගේ වැඩපිළිවෙළක් නොවන බවත්, පොදු අරමුණක් වෙනුවෙන් විශාල පිරිසක් එකතු වූ යම්කිසි දැවැන්ත ප්‍රයත්නයක් ලෙසත් අවධාරණය කොට ආන්දෝලනාත්මක සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් හැරදමා නැවත අරගලයේ හැඩය නිර්මාණය කර ගැනීමය.
    මෙය දුටුවිට මතකයට නැඟෙන්නේ වයිකිං, රෝමානු යුද සටන් වල දක්නට ලැබෙන shield wall formation ය. ආරම්භයේදී සෙබළුන් සියල්ල ඒකාරාශී වී සතර දිශාවෙන් හා ඉහළින් ආවරණය කරගනිමින් තනි ඒකකයක් ලෙස සටනට අවතීර්ණ වේ. සෙබළුන් වරින් වර සතුරු ප්‍රහාර මඟින් මියයන විට සෙසු සෙබළුන් වහාම මිය ගිය සෙබළුන් නොමැතිව shield wall හැඩය නැවත සකසා ගනියි. මෙම ඉවත්වීම් හා නැවත සකසා ගැනීම යම්කිසි අවම සෙබළුන් ගණනක් දක්වා සිදුකල හැක. ඉන්පසුව shield wall යනුවෙන් යමක් පවතින්නේ නැත.
    රනිල් වික්‍රමසිංහට බලයට පැමිණීමේ මාර්ගය විවර වූ පසුව අරගලය යනුවෙන් හැදින්වූ දෙයට සම්බන්ධ වූ, මුල්‍ය ශක්තිය, දේශපාලන ශක්තිය, නීතියේ ශක්තිය, ජාත්‍යන්තරයේ ශක්තිය ලබාදුන් විශාල පිරිසක් එයින් ඉවත් විය. ඉන්පසුව අරගලයේ හැඩය සැකසුනේ එම පිරිස නොමැතිවය. මේ වනවිට මුලින් සඳහන් කල ලෙස එක් එක් පුද්ගලයන්ගේ අරගලයේ අරමුණු වලට හානිකර චර්යාවන් හෙලිවීම නිසා ඔවුන් ද අරගලය යනුවෙන් හැදින්වෙන දෙයින් ඉවත් කිරීම සිදුවේ. දැනට තිබෙන තත්වය අනුව මෙම ක්‍රියාවලිය අරගලය යනුවෙන් යමක් නොපවතින තත්වයක් දක්වාම ඉදිරියට යෑමට ඉඩ ඇත.